UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර අව අටවක 2016.09.23

යහපත හා අයහපත

මිනිස් ලොව උපදින මනුෂ්‍යයා සැබැවින්ම වාසනාවන්තය. මිනිස් භවයක උපත ලැබීමට මොනතරම් වාසනාවක්දැයි කල්පනා කර බැලීම වටී . මනුෂ්‍යාත්මභාවයක් ලැබීමම පෙර පින් බලයද ප්‍රධාන හේතුවක් බව බෞද්ධයාට විශේෂයෙන් සිහිපත් කළ යුතු නොවේ. තමතමන්ගේ කර්ම ශක්තියට අනුව කර්මානුරූපව සසර පුරා ඇවිදින සත්ත්වයා මිනිස් ලොවක උපත ලැබීමට, වාසනාවන්ත වන්නේ ඇයිදැයි විමසා බැලිය යුත්තකි. සිතීමේ හා විමසීමේ ශක්තියෙන් යුක්ත වන්නේ මනුෂ්‍යයාය. ඒ උසස් මනසක් මනුෂ්‍යයා සතු වන හෙයිනි.

අප කරන, කියන, සිතන සියලු දේටම මුල් වන්නේ, ප්‍රධාන වන්නේ ද අපේම සිතය. යම් දෙයක් කරන විට එය යහපත් ක්‍රියාවක් නම් එහි ප්‍රතිවිපාකය ද යහපත්ය. එමෙන්ම අපේ මුවින් පිටවන වචන නරක නපුරු නම් එහි විපාකද අමිහිරිය. එසේම නරක, අයහපත් යමක් සිතීමත් කටුක විපාක ගෙන දෙයි. එසේනම් නරකට, අයහපතට සිතන සිතෙනුත්, අනුනට යහපතක් නොවන වචනයෙනුත්, එමෙන්ම යහපතක් නොවන සිතිවිලි මගිනුත් තමාට අත්කර දෙනුයේ නරක, අයහපත්, අමිහිරි විපාකය. ඒ “ගොනුගේ පා අනුව යන රියසක” මෙනි. එහෙත් තමන් කරන ක්‍රියා, කියන වචන, සිතන සිතිවිලි යහපත් නම් එහි ප්‍රතිවිපාක ද මිහිරිය. යහපත්ය. ඒ “තමන් අනුව යන සෙවණැල්ල” මෙනි.

මොහොතක් පාසා තමන් කරන යහපත හෝ අයහපත මගින් එහි සැප හෝ දුක විඳීමට සිදුවනුයේ තමාටමය. මනුෂ්‍යයා යහපතෙහි, සදාචාරයෙහි පිහිටුවන මූලික අඩිතාලම පංචශීලයයි. ඒ නිසාම පංචශීලය ගිහියාගේ නිත්‍ය ශීලය ලෙස ද හඳුවන්වනු ලැබේ. ප්‍රාණඝාතයෙන් වැළකීම පමණක් නොව සියලු සත්ත්වයන් වෙත මෙත් වැඩීමද, සොරකමෙන් වැළකීම මෙන්ම අනුන්ගේ දේපළ ආරක්ෂා කිරීමට අතහිත දීමද යහපත් ගුණ දහමකි. කාම මිථ්‍යාචාරයෙන්, මුසාවෙන් හා සුරාවෙන් වෙන්වීම ද යහපත් සමාජයක මූලික අඩිතාලමට ශක්තියක් සපයනු ලැබේ. එසේ බලන විට අවම වශයෙන් පන්සිල් ආරක්ෂා කරන මනුෂ්‍යයාගෙන් පවා සමාජයට සිදුවන යහපත සුවිශාලය.

මනුෂ්‍යයාගේ කර්ම ශක්තියට අනුව මිනිස් ලොව උපත ලබන්නට වාසනාව උදාවේ. එහෙත් ඒ වාසනාව අවාසනාව කර ගන්නා මනුෂ්‍යයන් මිනිස් සමාජය තුළ නැත්තේදැයි සිතා බැලිය යුතුය. මනුෂ්‍යයකු ලෙස උපත ලබා නිවැරැදි මනුෂ්‍යයකු ලෙස ජීවත්වීම මනුෂ්‍යයා සතු වගකීම මෙන්ම යුතුකමද බව අමතක නොකළ යුතුය.

මනුෂ්‍යයාගේ පරමායුෂ වින්දනය කිරීමේදී කුඩා, තරුණ, මහලු ආදී වශයෙන් ජීවිතය කාලය කොටස් තුනකට වෙන් කර ගත හැකි වේ. එහෙත් ඒ එක් කාලයකදී නොව තුන් කල්හිම ජීවිතය අර්ථාන්විතව ගත කිරීම අගය කළ යුතුය. ජීවිතය ආලෝකයෙන් ආලෝකය වෙත ගෙන යාමට උනන්දු විය යුතුය. සසර කතරේ නැවත කවදා මිනිස් ලොව උපතක් සිදුවේදැයි අවිනිශ්චිතය. ඒ තරමට මිනිසත්භවය දුර්ලභය. දුර්ලභ වූ වටිනා මිනිස් ජීවිතය වාසනාවන්ත කර ගන්නේ කෙසේද? ආලෝකය උදෙසා ගමන් කරන්නේ කෙසේද?

කය, සිත, වචනය, යන තුන්දොර මනාලෙස ආරක්ෂා කර ගන්නා මනුෂ්‍යයාම වාසනාවන්ත ජීවිතයක් ගත කරනු ලැබේ. කයෙන් නරක අයහපත් දේ නොකිරීම, මුවින් නරක අයහපත් වචන පිට නොකිරීමත්, නපුරු සිතිවිලිවලින් සිත මුදා ගැනීමෙනුත් ජීවිතය ආරක්ෂා කරගත හැකි බව කල්පනා කළ යුතුය.

ඉහත දක්වන ලද කය, වචනය, සිත අයහපතෙහි යෙදවීමෙන් පරලොවදී නොව මෙලොවදීම මනුෂ්‍යයාට කවර නම් දුකක් වේදනාවක් විඳින්නට සිදුවන්නේ දැයි සමාජය දෙස බැලීමෙන් අවබෝධ කරගත හැකිවේ. එසේ නම් දුකක් හෝ සැපතක් උදාකර ගැනීමේදී ඊට ප්‍රධාන වශයෙන් වගකීම භාර ගත යුත්තේ අන් අයෙකු නොව තමාම බව ඉන් වටහා ගත හැකිවනු ඇත. යම් ක්‍රියාවක් කිරීමත්, වචන පිට කිරීමත්, සිතිවිලි පහළ කර ගැනීමත් යන සෑම මොහොතකම එහි ප්‍රතිවිපාක හොඳද? නරකද? යහපත්ද? අයහපත්ද? යන්න බුද්ධිමත්ව විමසා බලන්නා හැමවිට තමාගේ ජීවිතය ආරක්ෂා කර ගනිමින් යහපත සලසා ගැනීමට උනන්දු වීමෙන් කල්පනාවට ගත යුතුවේ.

 

   බිනර අව අටවක පෝය

 බිනර අව අටවක පෝය සැප්තැම්බර් 23 වනදා සිකුරාදා පූර්ව භාග 04.19 ට ලබයි.
24 වනදා සෙනසුරාදා පූර්වභාග 02.40 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 23 වනදා සිකුරාදාය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 30 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]