UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

අමරපුර මහා නිකායේ කල්‍යාණිවංශ පාර්ශ්වයේ අනුනායක ධුරයෙන් පිදුම්ලද ශාස්ත්‍රවේදී නින්දානේ වජිරඤාණ නාහිමියන් වෙත සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවය අම්බලන්ගොඩ පොල්වත්තේ අග්ගාරාම මහා විහාරයේදී ඉකුත්දා සිදුකැරිණි. එහිදී නින්දානේ වජිරඤාණ නා හිමියන් වෙත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් විජිනිපත පිළිගැන්වූ අතර අමරපුර මහා නිකායේ කල්‍යාණිවංශ පාර්ශ්වයේ මහානායක දොඩම්පහළ චන්දසිරි මහා නාහිමියන් ප්‍රධාන මහ සඟරුවනද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය, ශාන් විජයලාල් ද සිල්වා මහත්වරු ඇතුළු
මැති ඇමැතිවරු අසුන්ගෙන සිටි අයුරු.

සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ බිනර පුර පසළොස්වක පෝදා ආගමික වැඩ සටහන ඉකුත් දා (16) පැල්මඩුල්ල, ගල්පොත්තාවල ශ්‍රී පාදස්ථාන රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එහිදී පළමුව ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමා, විහාරාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් වෙත අටපිරිකර පූජාකර ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගත්තේය. මෙවර සදහම්යාත්‍රා ධර්ම දේශකයන් වහන්සේ මුත්තෙට්ටුගල සුදර්ශනාරාමාධිපති මුත්තෙට්ටුගල සෝමානන්ද ස්වාමීන් වහන්සේය. සැදැහැවතුන් සමඟ ධර්ම ශ්‍රවණයට ජනාධිපතිතුමා එක්විය. අමාත්‍යවරුන් වන ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, ආචාර්ය විජයදාස රාජපක්ෂ, තලතා අතුකෝරල, නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, ජනාධිපති ලේකම් පී. බී . අබේකෝන් මහත්ම
මහත්මීහු ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.


ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2016 ඉකුත්දා (16) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය. එහිදී කරුණාතිලක මහත්මිය සහ දියණිය ද ළමා පොත් ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය ද එම අවස්ථාවට එක් වූහ.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ඉල්ලීම පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙය වීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන යටතේ ගැටබරු රජ මහා විහාරයේ ඉදිකළ නව ධාතු මන්දිරය විවෘත කිරීම සහ පූජාවන් පැවැත්වීම අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (15) පැවැති අවස්ථාව. ආචාර්ය කිරින්දේ ආනන්ද හිමි, කොළොන්නේ මංගල හිමියන් ඇතුළු මහ සඟරුවන සහ සැදැහැවතුන් විශාල පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
 

ගැබිණි මව්වරුන් 53 දෙනෙකු සඳහා අවශ්‍ය භාණ්ඩ කට්ටල පරිත්‍යාග කිරීමක් පසුගියදා මහරගම සිරි වජිරඤාණ ධර්මායතන ධර්මශාලාවේදී සිදුකැරිණි. තරුණශීල සමාදාන සංවිධානය මගින් පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහය ඇතිව එම පරිත්‍යාගයන් සිදු කැරුණු අවස්ථාව.  තරුණශීල සමාදානයේ සංවිධායක මහඔය අනුරුද්ධ හිමියන්ගේ අනුශාසනා පරිදි එම සද්කාර්යය සිදුවිය. ගල්කිස්සේ සෝමානන්ද හිමියෝද මෙහි වෙති.
ඡායාරූපය මහරගම සමූහ
 

 
 

   බිනර අව අටවක පෝය

 බිනර අව අටවක පෝය සැප්තැම්බර් 23 වනදා සිකුරාදා පූර්ව භාග 04.19 ට ලබයි.
24 වනදා සෙනසුරාදා පූර්වභාග 02.40 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 23 වනදා සිකුරාදාය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 30 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]