UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතය පණ රැක ගැනීම නොවෙයි

ජීවිතය පණ රැක ගැනීම නොවෙයි

පිරිමි සතාට ජීවිත බරක් නැහැ. ස්වාමිපුරුෂයා වගකීමි රාශියකින් බැඳිලා සිටිනවා. භාර්යාවගේ ආරක්ෂාව, දරුවන්ගේ පෝෂණය පිළිබඳව බැහැරලිය නොහැකිව ස්වාමිපුරුෂයන් වගකීමෙන් බැඳිලා සිටිනවා. පිරිමි සතාට එම ජීවිත බර සහ ජීවිත වගකීම නැහැ.

ගෞරවනීය ස්වාමීන්වහන්ස, දැවැන්ත සංස්කෘතියකින් හා ආචාරධර්ම පද්ධතියකින් යුතුව වගකීම් සහිතව මෙම මිනිස් සමාජය නිර්මාණය වී ඇතැයි ප්‍රකාශ වුවද, වර්තමාන ,මිනිසුන් තුළ එම ජිවිතය තිබෙනවාද?

අපට ශරීරයක් තිබෙනවා වගේම එම ශරීරය ඇතුළත පණක් තිබෙනවා.ශරීරය ඇතුළත තිබෙන එම පණ ශරීරය ඇතුළෙ රඳවා තබාගැනීම සඳහා උදේ සිට රාත්‍රී වනතුරු කරන්නාවූ වැඩ පිළිවෙළක් තිබෙනවා. ජීව්තය කියලා එයට අමතරව වෙනම එකක් තිබෙනවා. ශරීරය තුළ තිබෙන පණ ශරීරය ඇතුළෙම රඳවා තබාගැනීම සඳහා කරන්නාවූ කන බොන අඳින පළඳින එකම නොෙවිද? ජීවත් වීම කියලා කියන්නේ යන ප්‍රශ්නය ඔබ තුළ ඇතිවෙයි. එයට අමතරව වෙනම ජීවිතයක් මිනිසුන්ට තිබෙනවාද? කියලා. කන බොන අඳින පළඳින දේට අමතරව ඉතාම පැහැඳිළිවම වෙනම ජීවිතයක් මිනිසුන්ට තිබෙනවා. එම ජීවිතය ඔබට මට තිබෙනවාද ? කියලා ස්වයංවිවිචනයෙන් ආත්මාවලෝකනයෙන් තමා දෙසට හැරී නැවත වතාවක් බැලීමට කරන මාර්ගෝපදේශයක් ලබාගත යුතුයි. ශරීරය තුළ තිබෙන්නාවූ පණ රැකගැනීමට අමතරව ජීවත්වෙනවා කියන කාරණාව දෙකක් බව ඔප්පුකරන්නේ කොහොමද? පණ රැකගැනීම වෙනම කාරණාවක්, ජීවත් වනවා යනු වෙනම කාරණාවක්. පණ රැකගන්නවා යනු ජීවත් වනවා කියන කාරණාවට නොවෙයි.

ජීවත් වනවා යනු පණ රැකගැනීම නොවෙයි. බල්ලන්, බළලුන් කුරුල්ලන් ආදී වශයෙන් සත්තු සිටින බව ඔබ දන්නා කරුණක් . එම සතුන්ට ශරීර තිබෙන්නා වගේම එම ශරීරය ඇතුළෙ වෙන වෙනම පණවල් තිබෙනවා. ඔවුන්ගේ පණ රැකගැනීම සඳහා විශාල වැඩපිළිවෙළක් ඔවුන් සතුව තිබෙනවා. එහෙත් සතුන්ට ජීවිතය නැහැ. සතුන්ට ස්වාමිපුරුෂයන් භාර්යාවන් නැහැ.එම නිසා ඔවුන්ට ජීවිතයක් නැහැ.සතුන්ට දුවලා පුතාලා නැහැ. සතුන්ට මුණුඹුරන් මිණිඹිරියන් නැහැ. සත්තුන්ට අයියලා මල්ලිලා අක්කලා නංගිලා සහෝදර සහෝදරියන් නැහැ. එම නිසා ඔවුන්ට ජීවිතයක් නැහැ. සත්‍ය වශයෙන්ම ඔවුන්ට එසේ නැතිද? කියලා අපට සිතෙන්නට පුළුවන් වුණත් සත්‍ය වශයෙන්ම ඔවුන්ට එහෙම කාරණාවක් නැහැ. සත්තුන්ට ස්වාමිපුරුෂවරු සහ භාර්යාවරු නැති අතර ඒ වෙනුවට ගැහැනු සතා සහ පිරිමි සතා යන දෙදෙනා ඔවුන්ට සිටී. ගැහැනු සතා යනු භාර්යාව නොවෙයි. පිරිමි සතා යනු ස්වාමිපුරුෂයා නොවෙයි.භාර්යාවට වගකීමි තිබුණාට, ගැහැණු සතාට වගකීමි නැහැ.භාර්යාව ස්වාමිපුරුෂයාට ආදරෙයි. ගැහැනු සතා පිරිමි සතාට ආදරය නැහැ. භාර්යාව ස්වාමිපුරුෂයාට හරිම ලෙන්ගතුයි. ගැහැනු සතා පිරිමි සතාට ලෙන්ගතු නැහැ. භාර්යාවන් ගෙවල් දොරවල් පිරිසුදු කරමින් අලංකාර කරමින් තම වගකීම් සහ යුතුකමි කොටස ඉෂ්ට කරනවා වුණාට ගැහැනු සතා එසේ කරනු ලබන්නේ නැහැ.එම නිසා ගැහැනු සතාට ජීවිතයක් නැහැ. භාර්යාවට ජීවිතයක් තිබෙනවා. පිරිමි සතා සහ ස්වාමිපුරුෂයා යනු දෙදෙනෙක්. ස්වාමිපුරුෂයාට මහා ජීවිත බරක් තිබෙනවා වුණාට පිරිමි සතාට ජීවිත බරක් නැහැ. ස්වාමිපුුරුෂයා වගකීමි රාශියකින් බැඳිලා සිටිනවා. භාර්යාවගේ ආරක්ෂාව, දරුවන්ගේ පෝෂණය පිළිබඳව බැහැරලිය නොහැකිව ස්වාමිපුරුෂයන් වගකීමෙන් බැඳිලා සිටිනවා. පිරිමි සතාට එම ජීවිත බර සහ ජීවිත වගකීම නැහැ.පාන්දරින් අවදිව වැඩ කටයුතුවල නියැලෙන වැඩපිළිවෙලක්, හරිහමිබ කරමින්, දරුවන්ට අවවාද අනුශාසනා කරමින්, දරුවන්ට ආදරය දක්වමින් , දරුවන්ට ආදර්ශ සමිපන්නව ජීවත්වන්න අවශ්‍යයි කියන අචාරධර්ම පද්ධතියක්, සමිප්‍රදායක්, සදාචාරධර්ම රාශියක් සමඟ ස්වාමිපුරුෂයන් නිවෙසක් තුළ ජීවත්වෙනවා. සත්ව ලෝකයේ පිරිමි සතාට එවැනි තත්වයක් නැති නිසාම පිරිමි සතාට ජීවිතයක් නැහැ. ස්වාමි පුරුෂයාට ජීිවියක් තිබෙනවා. තමා තමාගෙන්ම ප්‍රශ්න කරගත යුතුයි. ස්වාමි පුරුෂයා සහ භාර්යව සතුව මොනතරම් වගකීමක් මොනතරම් යුතුකම් සම්ප්‍රදායක් මොනතරමි ජීවන සම්ප්‍රදායක් මොන තරම් වැඩපිළිවෙලක් නිවෙසක් තුළ තිබෙනවාද?සො ඳුරු පියකරු විසිතුරු අරණක තිබෙනා . යමි කිසි තැනක එය නැත්නමි,ජීවිතය නැහැ. ශරීර පමණක් තිබෙනවා. ශරීර තුළ ප්‍රාණ තිබෙනවා. එම පණ ශරීර තුළ රැකගැනීමේ වැඩ පිළිවෙලක් තිබෙනවා. කනවා බොනවා අඳිනවා පළඳිනවා කතාබහ කරනවා වුවත් ලෙන්ගතු නැහැ.ආදරය, සෙනෙහස නැහැ, දයාබරත්වය නැහැ, මෙත්සිත කරුණාවන්තකම නැහැ, විශ්වාසය නැත්නම්, සත්තු වගේ ජීවිත්වන ඔවුන්ට ජීවිත නැහැ. ශරීරය පමණක් තිබෙන පණ රැකගන්නා ක්‍රමයක් එම ප්‍රශ්නය ඔබට අදාලද? නැද්ද?,යන්න දෑස් විදාලමින් ලංවී බැලීම ඔබගේ වගකීමක් .

එක කුසෙන් බිහිවුණ පිරිසට සහෝදරයන් සහ සහෝදරියන් ලෙස ප්‍රකාශ කරන බව ඔබ දන්නා කරුණක් . එකම කුසෙන් එකම වෙලාවට බිහිවන සත්තු සිටින බවත් ඔබ දන්නා කරුණක් . එකම දවසක එකම වෙලාවට එකට බිහිවුණ පැටවු නිවුන්නු විය යුතු වුණත්, සතුන්ගේ එහෙම දෙයක් නැහැ. එම සත්තු හැසිරෙන්නේ නිවුන්නු වගේ නොවෙයිනෙ. ඔවුන් හැසිරෙන්නේ සහෝදර සහෝදරියන් වගේ නොවෙයිනෙ. ටිකෙන් ටික ශරීරය ලොකු වනවිට තාත්තාට දුව හඳුනාගන්න බැරි, අයියාට නංගි හඳුනාගන්න බැරි, අම්මාට පුතා ඳුනාගන්න බැරි, පුතාට අමිමා අප්පච්චි හඳුනාගන්න බැරි තැනකට පැමිනුණහොත් සත්තු අපේම පිරිසක්.අපට නංගිකම තිබෙනවා, මල්ලිකම තිබෙනවා,අයියාකම තිබෙනාවා,අක්කාකම තිබෙනවා, සහෝදරකම තිබෙනවා, එම සහොදරකමත් සමඟ එකට බැඳිලා ජීවත්වෙනවා නමි ජීවිතය තිබෙනවා. එසේ නැත්නම් පණ රකිනවා. ශරීරය තුළ පණ රැකීමට වඩා ජීවිතය කියන්නේ වෙනම කාරණාවක් බව ඔබට අවබෝධ වි ඇති. ලෙහිදා උපන් ආදරණීය දරුවන් ස්නේහයෙන් දයාබරත්වයෙන් ඔවුන්ට අකුරුකියාදෙමින් , ඔවුන්ගේ මුව සිපවැළඳගනිමින් හිස සිප ආදරය දක්වමින්,ඔවුන් හා එකට නිදාගනිමින් ඔවුන්ට යහමඟ පෙන්වාදෙමින් කටයුතු කරන නිසා .ඔවුන්ට ජීවිතය තිබෙනවා. එම ටික නැත්නමි උන් මවු සතා සහ පිය සතා සමඟ සිටින පැටවුන් වෙයි. මවු සතා සහ පිය සතා පැටවුන්ට එම කාරණා ඉටුකරන්නේ නැහැ. එහෙම වෙන්නෙ නැත්නමි ඔවුන් සත්තු.

සල්ලි තිබුණොත් පොහොසත්තු වුණාට, බෝසත්තු වෙන්නේ නැහැ.සතුන්ට හැඟීමි දැනීමි නැහැ.වෙන්නේ කුමක්ද? කියා දන්නේ නැහැ. සතුන්ට සංස්කෘතියක් නැහැ. සතුන්ට ආචාරධර්ම නැහැ. සතුන්ට ආගම දහම වගේම රස වින්දනයක්ද නැහැ. සතුන්ට හැඟීමි දැනීමි නැති විඳීමි පමණක් තිබෙයි. මිනිසුන්ට විඳීම් තිබෙන්නේ හැඟීම් දැනීම් සමඟයි. යමෙකුට එම හැඟීම් දැනීම් නැත්නම්,විඳිම් පමණක් තිබෙනවා නම්, ඔවුන් සත්තු. සත්තුන්ට වඩා ජීවිතයක් මිනිසුන්ට තිබෙනවා ද? එම උත්තරය පිළිබදව ප්‍රශ්න කරන්න . හෘදය සාක්ෂියට නිදහසේ පියාසලන්න ඉඩහරින්න. හෘදය සාක්ෂිය ඇත්තටම මතුවෙන්න ඉඩහරින්න. මගේ ලොකු වෙලා තිබෙන්නේ ශරීරයද? ගුණයද? කියලා. කල්පනා කර බලන්න. තමන්ගේ සිත ඇතුළෙ පැන නගින ගුණවන්ත සත්වයාට ඉඩක් එම හදවත ඇතුළෙ පදිංච් වීමට ඉඩදීලා තිබුණාද ? කියලා තමන් තමන් පිළිබඳව ප්‍රශ්න කරගන්න. එම මනුස්සකම ඒ දැවැන්ත ගුණවන්තකම ඉතිරිකරගන්න ජීවිතය සොයා යන්න. ජීවිතය නමි, කිමැයි කියා සොය සොයා අවිදින්න.

මෙම ලිපියෙහි ඉතිරි කොටස අව අටවක පෝදා (අගෝස්තු 25) පත්‍රයේ පළ වේ.

 

  නිකිණි පුර පසළොස්වක පෝය

  නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 17 වනදා බදාදා අපරභාග 04.27 ට ලබයි. 18 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 17 වනදා බදාදාය.

මීළඟ පෝය අගෝස්තු 25 වනදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]