UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සොඳුරු කැදැල්ලක මනස්කාන්ත අසිරිය

සොඳුරු කැදැල්ලක මනස්කාන්ත අසිරිය

ගෞරවනීය ස්වාමීන්වහන්ස, නූතන සමාජ ක්‍රමය විසින් වර්තමාන පවුල් සංස්ථාව තුළ අර්බුද රාශියක් නිර්මාණය කරමින් සිටින බව පෙනේ. මෙම ගැටුම දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස එදාට වඩා අදවන විට දික්කසාද වීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතී. මෙම ගැටළුව අවම කරගැනීම සඳහා බුදුදහමට අනුව ධාර්මික විසඳුමට කෙසේ ප්‍රවේශ විය යුතුද?

විවාහක ජීවිතයට පත්ව සිටින,විවාහ ජීවිතයක් ගතකරන ඔබ විසින් අනුගමනය කළ යුතු පිළිවෙත් ප්‍රතිපත්ති කුමක්ද? යන්න පිළිබඳව ඔබ තුළ අවබෝධයක් තිබිය යුතුයි. මේ ලෝකයේ තිබෙන සමාජ ඒකක අතරින් කුඩාම සමාජ ඒකකය පවුල් සංස්ථාවයි. වැදගත්ම සමාජ ඒකකය බවට පත්වන්නෙත් පවුල කියන ඒකකයම යි.එහි වර්තමානය වන විට නූතන සමාජ ක්‍රමය, ආර්ථික ක්‍රමය,විසින් ඇති කරනු ලැබූ අර්බුද රාශියක් පිළිබඳව දැක ගැනීමේ හැකියාව ලැබෙනවා. තරුණ ඔබ ඔබේ පවුල් සංස්ථාව තුළ ගැටුමි අවම කර ගැනීම සඳහා ඔබ විසින් කුමන ආකාරයට කටයුතු කළ යුතුද? යන්න පිළිබඳව අවධානය යොමු කිරීම මෙහිදී අතිශයින්ම වැදගත් කරුණක් වෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පවුලක ගැටුමි අවම කරගැනීමට නමි,විවාහ ජීවිතය ගත කරන බිරිඳ සහ සැමියා කියන දෙදෙනා ආධ්‍යාත්මික වශයෙන් සමානත්වයක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ගෞතම බුදුපියාණන් වහන්සේගේ දේශනා අතර සම ශ්‍රද්ධා ,සම ශීල , සම ත්‍යාග , සම ප්‍රඥා යනුවෙන් උගන්වා තිබෙනවා. දෙදෙනා අතර තිබෙන්නාවූ විශ්වාසයන් හැකි උපරිම මටිටමෙන් ආගමික විශ්වාසයන් මෙන්ම සෙසු කරුණු පිළිබඳව පවතින විශ්වාසයන් සමාන තත්වයකට පත්කර ගත යුතුයි. එම විශ්වාසයන් තුළ විෂම බව අවම කර ගන්නට සුවිශේෂී උත්සාහයක් , කැප කිරීමක් ඔබ විසින් කළ යුතු වෙනවා. එම උත්සාහය සහ කැපවීම තුළ ඔබට අවකාශයක් උදාවෙනවා විශ්වාසය පලුඳු විම පිළිබඳව ඇතිවන ගැටුමි අවම කරගන්නට හෝ වෙනස්් විශ්වාසයන් දෙකක් දරාගෙන සිටිනා විට සෑම අවස්ථාවකදීම තීන්දු තීරණ ගැනිමේදී අර්බුද පැන නගිනවා. එම නිසා ඔබ එක විශ්වාසයක් ගොඩනගා ගැනීම සඳහා ඔබ දෙපොළ අතර විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ශ්‍රද්ධාවෙන් සමාන වීම යනු ආත්ම දෙකක් එකට එකතු වීමයි. විඤ්ඤාණධාරා දෙකක් එකට එකතු වීමයි. එවිට ගැටුම අවම වෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර පමණක් නොවෙයි, බුදුරජාණන් ව්හන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් සංවිධානගත කළ ආකාරය දෙස බැලුවත් ගැලපෙන කණ්ඩායමි එකට එක්කාසුවීමට ජීවත් වීමට තිබෙන අවස්ථා සලස්වා දී තිබෙනවා. සැරියුත් තෙරුන් වහන්සේ සමඟ පන්සියයක් පමණ ප්‍රඥ්ාවන්ත භික්ෂූන් වහන්සේලා ගැවසුනා. සැරියුත් තෙරුන් සමඟ සක්මන් කරන්නාවූ පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේලා දැකපු බුදුරජාණන් වහන්සේ අනෙකුත් භික්ෂූන් වහන්සේලා අමතා දේශනා කරනු ලැබුවේ මහණෙනි,සැරියුත් තෙරුන් සමඟ සක්මන් කරන භික්ෂූන් වහන්සේලා පන්සියය නම සැරියුත් තෙරුන් වගේම ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලායි. මුගලන් තෙරුන් සමඟ වාරිකාෙවි නියැලෙන පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේලා පෙන්වා බුදුරජාණන් වහන්සේ වදාරනු ලැබුවේ මහණෙනි, මුගලන් තෙරුන් සමඟ හැසිරෙන භික්ෂූන් වහන්සේලා සෘද්මතුන් වෙයි. සමාන අයට එකට ජීවත් වීම , එකට වාසය කිරීම ඉතාම පහසු බව ඒ තුළින් අපට දක්නට ලැබෙයි. කොතනකින් හෝ එකඟ විය හැකි කාරණා තිබිය යුතුයි. එකඟ විය හැකි සමාන හැකියාවන් තිබෙන , සමාන විශ්වාසයන් තිබෙන අය එකතු වීම යනු අලුත් ගැටුමි ඇතිවීම වළක්වා ගැනීමටත් ,තිබෙන ගැටුම් අවම කරගැනීමටත් උපකාරයක් වෙයි.

එය සීලයයි. වර්තමාන සමාජය තුළ බොහෝ පවුල් අතර ගැටුමි ඇතිවෙලා තිබෙන්නේම සිල් බිඳීම හෙවත් ඉක්මවා යාම තුළයි. විශේෂයෙන්ම බොරුකීම ,බොරුවෙන් එකිනෙකාව රැවටීම,කපටිකමි කිරීම,තුළ වංචා කර රැවටීම නිසා විශාල ගැටුම් ප්‍රමාණයක් පවුල් සංස්ථාව තුල නිර්මාණය වෙලා තිබෙනවා.බිරිඳ ඉක්මවා පරදාර සේවනය හෙවත් වෙනත් කාන්තාවන් ඇසුරු කරන්නට යාම තුළ බොහෝ පවුල් සංස්ථාවන් අවුල් කරගෙන තිෙබි. ඒ වගේම පර පුරුෂ සේවනය හෙවත් තම සැමියා ඉක්මවපු නිසා ඇතිවුණ ගැටුම්ද බහුල වෙලා තිබෙනවා. පවුල් සංස්ථාව තුළ සුලබ වෙලා තිබීම දක්නට ලැබෙන අයහපත් තත්වයක්. සිල් පද පහ බිරිඳ ආරක්ෂා කරනවා වගේම සැමියාත් ආරක්ෂා කරනවා නමි,එම දෙදෙනාම සිල් ටික රැකගැනීමට වෙරවීරිය කරනවා නමි, එකිනෙකාගේ සිත් රිදවීමි සිදුවන ප්‍රමාණය ඒ තුළ අවම වෙයි. සිල් රැකීම තුළින් ලැබෙන විශාල ප්‍රතිලාභ තිබෙන අතර එකිනෙකාට එකිනෙකාට ප්‍රිය වීමට පටන් ගන්නවා පමණක් නොවෙයි,ආර්ථිකමය වශයෙන් ඉතා පොහොසත් බවක් ඇතිවෙනවා.යමි කිසි පුද්ගලයකු සුරාවට දුමිවැටි හෝ වෙනත් මත්ද්‍රව්‍ය වලට ඇබිබැහි වුව හොත් ඔවුන්ගේ ආර්ථිකය විශාල වශයෙන් බිඳවැටෙයි. යමිකිසි පුද්ගලයකු විසින් තමන්ගේ ජීවිතය තුළ දී පර අඹුවන් කරා පර පුරුෂයන් කරා යාමට ඇබිබැහි වුව හොත් එතැනදීත් ආර්ථිකය කඩා වැටීමට පත්වෙනවා.ඔවුන්ගේ සෞඛ්‍ය සමිපන්නකම පිරිහී යාම පමණක් නොවෙයි,ආර්ථිකයටද අහිතකරව බලපානු ලබයි. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ඛ දුත්තෝච යෝ නරෝ යමිකිසි පුද්ගලයකු ස්ත්‍රියකට ලොල්වුව හොත් සුරාවට සූදුවට ලොල්වුව හොත් ලද්දං ලද්දං විනාසේ්ති ලබන සෑම දෙයක්ම විනාශවී යයි. තං පරා භවතෝ මුඛං එය පිරිහීමට කාරණාවක් බව භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත. එම නිසා මෙම තත්වය හදුනා ගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි. තරුණ පිරිස මෙම කරුණ ඉතා හොඳින් අවබෝධ කරගෙන තම තමන්ගේ ශීලය පිළිබඳව ප්‍රවේශමි වුවහොත් ගැටුම් විශාල ප්‍රමාණයක් අවම කර ගත හැකිවෙයි. ඔබ සිල් බිඳ ගත්තාට පසුව එම සාකච්ඡාවේ රහසිගතව බව ඔබ දෙදෙනා අතර තිබෙන්නේ ටික කාලයක් පමණයි. ඉක්බිතිව ඔබගේ දරුවන් එය දැනගනීවි.ඉක්බිතිව එය අසල්වැසියන් දැනගනීවි. මුළු පළාතම දැනගනීවි. එවැනි සිල් බිඳීමක් පළමුවෙන්ම සතියක් හමාරක් කන් හතරකට සීමා වුවාට පසුව එය කන් හයකට අටකට දහයකට පැතිරිලා ගොස් බොහෝ කන්වල ඔබ පිළිබඳව ප්‍රවෘත්ති ඇසෙන්නට කියවෙන්නට පටන් ගැනීම ඔබගේ අභිමානයට, ගෞරවයට එය අයපහත් තත්වයක් වෙයි. ඔබ ඔබගේ ගෞරවය සඳහා ඔබගේ පවුල කැඩීමට නොදී ආරක්ෂා කරගෙන සිටියත් ඔබගේ දරුවන් මෙම කාරණා දැනගත්තාට පසුව ඔවුන්ගේ සිත්වල ඔබ පිළිබඳව අවමානයක් ඇතිවෙයි.ඔබ පිළිබඳව වටිනා අදහස් එම දරුවන්ගේ සිත් තුළ පහළ වන්නේ නැහැ. ඔබ විසින් එවැනි තත්වයක් ඇති කරගත හොත් ඔවුන් තුළ ඔබ පිළිබඳව ගෞරවයක් ඇතිවන්නේ නැහැ. රණ්ඩු සරුවල් වීම වැනි ප්‍රශ්න ඔෙබි ගෙදර තුළ දිගින් දිගටම ඇති කරගැනීමට පටන් ගත හොත් අයහපත් තත්වයක් උදාවෙයි. සීලය ඔබගේ පවුල් සංස්ථාව ම ආරක්ෂා කරයි. ඒ පිළිබඳවව කල්පනාවෙන් ඔබ කටයුතු කළ යුතුයි.

වර්තමානය තුළ පවතින අවිෙවිකී බව නිසාම බොහෝ පිරිස් අතෘප්තිමත් ජීවිතයක් ගත කරයි.එවැනි කාර්යය බහුල පරිසරයක එකිනෙකා වෙනුවෙන් පරිත්‍යාගශීලිවීම,හා කැපකිරීම තුළ ගැටුම අවම කළ හැකිද?

බොහෝ පවුල් සංස්ථාවන් අර්බුදයට ලක්වී තිබෙන්නේ පරිත්‍යාගශීලි වීම හෙවත් කැප වන්නේ නැහැ කියන කාරණාව සම්බන්ධවයි. ගෙදර වැඩට , ගෙදර ආර්ථිකයට නිෂ්පාදනයට එකිනෙකාට කැප වන්නේ නැහැ එකිනෙකාට දායක වන්නේ නැහැ කියන කාරණාවයි. ගෙදර සිටියත් සත පහක වැඩක් කරන්නේ නැහැ . කරන වැඩකටවත් උදවු කරන්නේ නැහැ කියන ප්‍රශ්නය තුළ පවුල් විශාල සංඛ්‍යාවක් දෙදරා ගොස් තිබෙනවා. පවුල යනු ඔබ දෙදෙනාගේම බව අවබෝධ කරගත යුතු කාරණයක් වෙයි.ඔබ දෙදෙනාම එම පවුල ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප විය යුතුයි. කිසිම කෙනකු ඔබගේ මෙහෙකරුවකු හෝ මෙහෙකාරියක නොවන බව අවබෝධ කොට ගත යුතුවා සේම ඔබ දැඩි සේ සිතට ගත යුතුªයි. ඔබ දෙදෙනාම බස්වල තෙරපිලා කෝච්ච්වල එල්ලිලා ගිහිල්ලා පැය අටක් දහයක් බොහෝ වැඩ කරල මහන්සිවෙලා ආවාට පසුව එක්කෙනෙක් උයනතෙක් අනෙත් කෙනා බලාගෙන සිටිනවා නමි, එය කෙතරමි අසාධාරණ ක්‍රියාවක්ද?කෙතරමි අහයපත් තත්වයක්ද?දෙදෙනාම එකම ආකාරයට මහන්සි වෙනවා නමි,දුක් විඳිනවා නමි, අඩුම වශයෙන් එක් අයෙකු කෑම ටික පිළයෙල කරද්දී අනෙක් කෙනාට රෙදි පෙරදි ටික සෝදලා දිය හැකියි. අනෙක් කෙනාට ගේ දොර පිරිසුදු කරගැනීමට උදවි කළ හැකියි. බෙදා හදා ගෙන වැඩ කිරීම තුළින් සහ එම පරිත්‍යාගශීලි විම තුළින් ලස්සන සහ සතුටු දායක පවුල් ජීවිතයක් උදාකර දෙයි . බොහෝ දෙනාගේ පවුල් ජීවිත ඉතාම අතෘප්තිමත් සහ නරක තත්වයට වැටිලා තිබෙන්නේ, අන් කිසිවක් නිසා නොව , ඔවුන් පරිත්‍යාගශීලි වන්න , කැපකිරීම් කරන්නට දක්වන උනන්දුවෙහි උද්‍යෝගයෙහි අඩුකම නිසයි.

තම තමන්ගේ දෙපාර්ශවයේ ඥාතීන්ට හෙවත් මවිපියන්ට උදවි කිරීම කියන ප්‍රශ්නය. එම අවස්ථාවන් තුළදීත් බොහෝ ගැටුමි කාරී ස්වභාවයන් නිර්මාණය වෙනවා. සමහර අවස්ථාවලදී තමන්ගේ මවුපියන්ට සහෝදරයන්ට උදවිකිරීමට දක්වන උනන්දුව තමන්ගේ සැමියාගේ අමිමාට තාත්තාට දක්වන්න උනන්දු වන්නේ නැහැ. තමන්ගේ අමිමාට තාත්තාට සහෝදරයන්ට සලකන්න, උදවු කරන්න වියදමි කිරීමට මුදල් දීමට දක්වන උනන්දුව තමන්ගේ බිරිඳගේ අම්මාට තාත්තාට සල්ලි දීමට දක්වන්නේ නැහැ. උදවු කරන්න උනන්දුවන්නේ නැහැ. එවැනි අවස්ථාවලදී සිත් රිදෙනවා වගේම සිත් තුවාල වෙනවා.මගේ මවට මම සලකන්නේ නැතුව මම කාටද ?සලකන්නේ කියන ප්‍රශ්නය ඔබත් සමඟ ජීවත් වන අනෙකා තුළ හටගනී. ගෙදරට සල්ලි රැගෙන එනු ලබන්නේ දෙදෙනාම නොවිය හැකියි. බොහෝ විට එක් අයෙකු විය හැකියි. එම සල්ලි රැගෙන එන පුද්ගලයා කල්පනා කරනු ලැබුව හොත් ,සල්ලි ගෙදරට නොගෙනෙන ගෙදර වැඩ සියල්ල ම කරගෙන සිටින තැනැත්තියගේ අම්මාට සහ තාත්තාට මුදල් වලින් හෝ ද්‍රව්‍ය වලින් උදවු කිරීම අවශ්‍යය නැහැ කියල සිතනවා නමි, ගෙදර සිටින තැනැත්තිය පත්වන තත්වය කුමක්ද?එවැනි අවස්ථාවන් වලදී ඇයත් සල්ලි සෙවීමට සිතයි ඇතැමි විට සල්ලි සෙවීම සඳහා නුසුදුසු ක්‍රියාවන් කිරීමට වුවද පෙළඹිය හැකියි. තමන්ගේ අම්මා සහ තාත්තා කාටවත් අහකට දමන්න බැහැ. තමන්ගේ අමිමා සහ තාත්තා දිහා නොබලා සිටිය නොහැකියි. එනිසා ඔබ ඉතාම බුද්ධ්මත්ම මෙම කාරණය වටහා ගත යුතුයි. ත්‍යාගයේදී සමාන විය යුතු බව ඔබ තේරුම් ගත යුතුයි. පරිත්‍යාග ශීලී බෙවිදීද, කැප කිරීමේදීද, අත්හැරීමේදීද ,දානයේදීද , සමාන විය යුතුයි. සමාන වෙන තරමට ගැටුම අවම කරගෙන යානොහැකියි.

අවසාන කාරණාව වශයෙන් සමප්‍රඥාව දැක්විය හැකිය දෙදෙනාම බුද්ධ්මත් බව දියුණු කරගැනීමට උනන්දු විය යුතුයි. බුද්ධිය දියුණු වීමකින් තොරව සීලයක් ආරක්ෂා වන්නේ නැහැ. බුද්ධ්ය දියුණු වන්නේ නැතිව පරිත්‍යාගශීලි අයෙකු නිර්මාණය වන්නේ නැහැ. බුද්ධිය නැත්නම් එය නිවැරැදි ශ්‍රද්ධාවකුත් නොවෙයි. එනිසා ජීවිතය පිළිබඳව අවබෝධ කරගැනීමට ඔබ ප්‍රඥාවන්ත විය යුතුයි.මේ ලෝකයේ තිබෙන සියල්ල අනිත්‍ය බවත් අප ජීවත් වනු ලබන්නේ ටික කාලයක් නිසාම කිසිම කාරණාවක් සදාකාලික වන්නේ නැහැ. එම ටික කාලය තුළදී අනිත්‍යතාවයට යන මෙම ශරීරය තුළින් යහපත්ව වැඩ කරමින් යහපත්ව සිටිය යුතුයි. කාරුණික බව මෛත්‍රී සහගත බව වැනි යහපත් ගුණ ධර්ම අප තුළ දියුණු කරගත යුතුයි කියන ප්‍රඥාව ,බුද්ධිය ,ඇති කර ගැනීමට ඔබ සෑම දෙනාම උනන්දු විය යුතුයි. ඔබ විසින් ඇති කර ගනු ලබන ප්‍රඥාව එකිනෙකා තේරුම් ගැනීමට පමණක් නොවෙයි ,සමාජීය ප්‍රශ්න තේරුම් ගැනීමටත් ඔබට උදවු වෙයි. එම නිසාම ප්‍රඥාව බුද්ධිය දියුණු කර ගැනීමට දියුණු පත පොත , වටින ලිපිලේඛන, බණ දහමි කියවා සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම ඔබගේ දැනුම වැඩිකර ගන්න. ආගමික ක්ෂේත්‍රය පිළිබඳව පමණක් නොවෙයි, කලාව පිළිබඳව සාහිත්‍ය පිළිබඳව දැනුම වැඩි කරගත හොත් ඔබගේ ජීවිතයට රසාස්වාදයක්ද එක්කර ගත හැකිවෙයි. අර්ථවත් ගීතයක් අසමින්, දියුණු චිත්‍රපටයක් නරඹමින් , වටින නාට්‍යයක් බලා ඔබගේ බුද්ධිය දියුණු කරගත හැකියි. එය ගිහියන්ට අකැප නොවන ගිහියන්ට කැප වු ඒවා වෙයි. ගිහි ජීවිතය තුළද. එවැනි දේ තුළිනුත් යමිකිසි ඥනයක් ඇති කරගත හැකියි. බුද්ධිය වැඩි කරන දේ කියවන්න ඥානය වැඩි කරන දේ අසාගෙන සිටින්න. එම බහුශ්‍රැත බව ඔබේ පවුල් සංස්ථාව බොහොම පළදායි එකක් බවට අනිවාර්යෙන්ම පත්කරාවියි. එනිසා සම ශ්‍රද්ධාවෙන් , සම ශීලයෙන් සම ත්‍යාගයෙන් ,සම ප්‍රඥාවෙන් ඔබේ පවුල් ජීවිතය තුළ ඇතිවන ගැටුම් අවම කර ගැනීමට කැප විය යුතුයි.

 

  නිකිණි පුර පසළොස්වක පෝය

  නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 17 වනදා බදාදා අපරභාග 04.27 ට ලබයි. 18 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 17 වනදා බදාදාය.

මීළඟ පෝය අගෝස්තු 25 වනදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]