UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අධි සිල් ලබති

අධි සිල් ලබති

නැදගමුවේ සෝම හිමි

ගම්පහ විද්‍යාරවින්ද මහ පිරිවෙනෙහි උසස් අධ්‍යාපනය ලබන නැදගමුවේ සෝම හිමියන් රද්දොළුව ශ්‍රී සුබෝධාරාම මහා විහාරාසන්න උදකුක්ඛේප සීමා මාලකයේදී අග්ගමහා පණ්ඩිත අම්බලන්ගොඩ සුමංගල මහා නාහිමියන් ප්‍රමුඛ මහ සඟරුවන වෙතින් ඉකුත් 9 වන දා අධිසිල් ලැබූහ. සෝම හිමියන් අමරපුර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී රද්දොළුවේ විමලවංස නාහිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක් වන අතර නැදගමුව ජී. සුසිලා රන්ජනී සහ ඒ සුසන්ත පීරිස් දම්පතීන්ගේ පුත්‍ර රත්නය වේ.

 

 

 

 

 


නීලවල සුගතවංශ හිමි

ගම්පහ විද්‍යාරවින්ද මහ පිරිවෙනෙහි උසස් අධ්‍යාපනය ලබන නීලවල සුගතවංශ හිමියන් ජූලි මස 9 වනදා රද්දොළුව සුබෝධාරාම මහා විහාරාසන්න උදකුක්ඛේප සීමා මාලකයේ දී අග්ග මහා පණ්ඩිත අම්බලම්ගොඩ ශ්‍රී සුමංගල මහා නාහිමියන් ප්‍රමුඛ මහ සඟරුවන වෙතින් අධිසිල් ලැබූහ. සුගතවංශ හිමියන් අමරපුර පාර්ශවයේ මහා ලේඛකාධිකාරී රද්දොළුවේ විමලවංස අධිකරණ නාහිමියන්ගේ ශිෂ්‍යයකු වන අතර පාතහේවාහැට නීලවල ඒ ලයනල් සහ එන්.ඒ.පී.කේ. ප්‍රේමලතා දම්පතීන්ගේ පුත්‍රරත්නය වේ.

 

 

 

 

 


උලපනේ සිරි සුභූති හිමි හා දෙල්තොට සිරිසරණංකර හිමි

මහනුවර ගෙලිඔය ශ්‍රී වේලුවනාරාම පිරිවෙන් විහාරාධිපති නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති ගලහා සිරිශාන්ත නා හිමියන්ගේ ශිෂ්‍ය උලපනේ සිරි සුභූති හිමියන් හා දෙල්තොට සිරි සරණංකරහිමි ජූලි 13 වැනි දින පානදුර ගොරකපොල විද්‍යාරාජ පිරිවනේ දී උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබීය.

පොළොන්නරුව පදිංචිව සිටි ඒ. සෝමාවති මෑණියන්ගේ හා ජී. විජේරත්න පියාණන්ගේ පුත් චරිත් කුමාර ගම්පොල වික්‍රමබාහු විදුහලේ අධ්‍යාපනය ලබා 2011 සිරිශාන්ත නා හිමියන් යටතේ ගෙලිඔය වෙලුවනාරාම විහාරයේ දී පැවිදි දිවියට පත්විය.

දෙල්තොට පදිංචි අමරා පලියවත්ත මෑණියන්ගේ හා ජී. විජේසිංහ පියාණන්ගේ පුත් දසුන් මදුසංඛ, කරගත්කඩ මධ්‍යම මහා විදුහලේ ඉගනුම ලබා 2011 ගෙලිඔය වෙලුවනාරාමාධිපති සිරිශාන්ත හිමියන් යටතේ පැවිදි දිවියට පත්විය.

 

  ඇසළ අව අටවක පෝය

  ඇසළ අව අටවක පෝය ජූලි 26 වනදා අඟහරුවාදා අපර භාග 05.36 ට ලබයි.
27 වන දා බදාදා අපරභාග අපරභාග 3.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 26 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය අගෝස්තු 02 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]