UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016  ආදර්ශ ප්‍රශ්නෝත්තර:  බෞද්ධ ශිෂ්ටාචාරය - 01

අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016  ආදර්ශ ප්‍රශ්නෝත්තර: 

බෞද්ධ ශිෂ්ටාචාරය - 01

X අභ්‍යාසය

1) ‘ගෙඩිගේ’ නමින් හැඳින්වෙන බෞද්ධ ගොඩනැගිලි විශේෂය මින් කුමක්ද

1.බෝධි ඝරයකි 2 පධාන ඝරයකි 3.පටිමා ඝරයකි 4.උපෝසථ ඝරයකි 5.චේතිය ඝරයකි

2) අතීත ශ්‍රී ලාංකික බෞද්ධ රජවරුන්ගේ ප්‍රධාන අනුශාසකත්වය දැරූ හිමිවරුන් කිහිප දෙනෙකුගේ නම් මූලාශ්‍ර වලින් සොයා ගත හැකිය. සද්ධාතිස්ස රජුගේ අනුශාසකත්වය දරන ලද්දේ මින් කුමන හිමියන්ද

1.කුපික්කල තිස්ස හිමියන්ය 2. මහා සුධම්ම හිමියන්ය 3. කාල බුද්ධ රක්ඛිත හිමියන්ය 4. සංඝමිත්‍ර හිමියන්ය 5.කොහොන් තිස්ස හිමියන්ය

3)දෙගල්දොරුව විහාරයේ චිත්‍ර ද සමකාලීනව දහ අටවන සියවසේ අඳින ලද වෙනත් විහාරවල දක්නට ලැබෙන චිත්‍ර ද සම්ප්‍රදාය හා ශෛලිය අතින් පොළොන්නරුවේ චිත්‍රවලට බෙහෙවින් වෙනස් වේ. එවැනි එක් වෙනසක් ලෙස දැකිය හැකි වන්නේ,

1.බුද්ධිගෝචර බවයි 2. තාත්වික බවයි 3.අක්ෂි ගෝචර බවයි. 4.පර්යාලෝකය දක්වා තිබීමයි 5. අවකාශය බහුලව යොදා තිබීමයි

4)සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍ය නිර්මාණය කළේ බෞද්ධ ජාතක කථාවක් පදනම්කර ගෙනය. ඊට වස්තු විෂය වු ජාතක කථාව මින් කුමක්ද

1.සේරිවාණිජ ජාතකයයි 2.උම්මග්ග ජාතකයයි 3.ලෝමහංස ජාතකයයි 4.කුස ජාතකයයි 5.චුල්ලධනුද්ධර ජාතකයයි

5)ක්‍රි.පූ. තුන්වන සියවසේ සිට හත්වන සියවස දක්වාත් ඉන් පසුවත් ශ්‍රී ලංකාවේ ස්තූපයට ද විවිධ ස්තූපාංග එකතුවීමෙන් සංවර්ධනයට පත්ව තිබේ. මෙසේ විකාශයට පත් ස්තූපයේ අණ්ඩය මත නිර්මාණය කරන ලද වේදිය හඳුන්වා ඇත්තේ.

1.කුච්වේදී යනුවෙනි. 2.පාදවේදී යනුවෙනි 3.හත්ථිවේදී යනුවෙනි 4.මුද්ධවේදී යනුවෙනි 5.අධෝවේදී යනුවෙනි

6)උපසම්පදාව ලැබූ භික්ෂුවකගේ වැදගත් සංඝ කර්මයක් ලෙස වස්වාසය සැලකේ. ථෙරවාදී බෞද්ධ රටවල භික්ෂූහු බුද්ධ කාලයේ සිට අද දක්වා වස් විසීමේ චාරිත්‍ර පවත්වා ගෙන එනු ලබයි. භික්ෂුවක් පෙර වස් සමාදන් වනුයේ,

1.ඇසළ පුර පසළොස්වක පොහෝ දිනදීය. 2.නිකිණි පුර පසළොස්වක පොහෝ දිනදීය 3.ඇසළ පුර පෑලවිය දිනදීය 4.ඇසළ අව පෑලවිය දිනදීය 5.වප් පුර පසළොස්වක දිනදීය.

7)මෑතක් වන තුරු විශ්වවිද්‍යාලයක් ලෙස නොසැළකුන නමුත් එම භූමියෙන් සොයාගත් බෞද්ධ පුරා වස්තු නිසා අද වන විට පෞරාණික බෞද්ධ විශ්වවිද්‍යාල ලැයිස්තුවට ඇතුළත් අධ්‍යාපන ආයතනය කුමක්ද

1.නාලන්දාව 2.වික්‍රමශිලා 3.වලභි 4.සෝමපුර 5.තක්ෂිලා

8) පහත දැක්වෙන වරණ අතරින් එකක් තෙවන සංගායනාවට අදාළය. එම වරණය කුමක්ද

1.පැළලුප්නුවර, වාළුකාරාමය, සබ්බකාමි මහරහතන් වහන්සේ,අශෝක රජු 2.විශාල මහනුවර, අශෝකාරාමය, සබ්බකාමි මහ රහතන් වහන්සේ, කාලාශෝක රජු 3.පැළලුප්නුවර අශෝකාරාමය, සබ්බකාමි මහ රහතන් වහන්සේ, අශෝක රජු, 4. රජගහනුවර, වේහාර පර්වතය, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අජාසත්ත රජු 5.පැළලුප්නුවර අශෝකාරාමය, මොග්ගලීපුත්ත තිස්ස හිමි, අශෝක රජු

9)විශාලාවේ ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදුන කණ්ඩ පුත්‍ර යස හිමියන්ට වජ්ජිපුත්තක භික්ෂූන් විසින් විනය විරෝධීව ක්‍රියාත්මක කරගෙන යනු ලබන දස වස්තුවක් පිළිබඳව දැනගැනීමට හැකිවිය. එම විනය විරෝධී දස වස්තුවෙන් මුලින්ම යස හිමියන්ට දැන ගැනීමට ලැබුණේ

1.සිංගිලෝණ කප්පය පිළිබඳවය 2. ගාමාන්තර කප්ප පිළිබඳවය 3.ද්වංගුල කප්ප පිළිබඳවය 4.ආචින්න කප්ප 5.ජාත රූප රජත පටිග්ඝහන කප්ප පිළිබඳවය

10)ප්‍රාතිමෝක්ෂයට අනුව උපසම්පදා භික්ෂුවට අධිරණ සමත හැර අදාළ විනය ශික්ෂා පද ගණන කොපමණද

1.දෙසිය විසි හතකි 2.දෙසිය විස්සකි 3. තුන්සිය හතරකි 4.දෙසිය දහයකි 5.තුන්සිය දොළහකි

පිළිතුරු

1-3 ,2-3,3-3,4-1,5-4,6-1,7-5, 8-3,9-2,10-5


පසුගිය සතියෙන්: 

අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016 :ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ ශිෂ්ටාචාරය - 01

 

  වෙසක් අව අටවක පෝය

   වෙසක් අව අටවක පෝය මැයි 29 වනදා ඉරිදා පූර්ව භාග 6.18 ට ලබයි. 30 වනදා සඳුදා පූර්වභාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 29 වනදා ඉරිදාය.
 
මීළඟ පෝය ජුනි 04 වනදා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]