UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

ගන්ධාර දේශයෙන් වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා අරලියගහ මන්දිරයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කැරිණි. එම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කළ අවස්ථාව. ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ඇතුළු මහ සඟ රුවනද මෙහි වෙති.

අභිනව අනු නායක ධුරයෙන් පිදුම් ලද ආණමඩුවේ ශ්‍රී රතනපාල ධම්මදස්සි අනු නා හිමියන් වහන්සේ වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වූ අවස්ථාව.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සහ අරලියගහ මන්දිරය ආශි‍්‍රතව පැවැති “බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කළ අවස්ථාව.

වතුරුවිල ආරණ්‍ය සේනාසනයේ අභිනව ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉකුත් දා නිරාවරණය කිරීමේ පින්කම ආරණ්‍ය සේනාසනාධිපති මහකන්දේ රතනපාල අනුනාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරුණු අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් ඊට එක්වූහ.

ලේක්හවුස් ආයතනය මගින් මෙවර සංවිධානය කරන ලද අමාදහර වෙසක් බැති ගී සරණිය
ඉකුත් 21,22 දෙදින තුළ පැවැති අතර පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය
අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල්
බෝපගේ මහතා විසින් විදුලි ආලෝකය විවෘත කළ අවස්ථාව.

ලේක්හවුස් භක්ති ගීත කණ්ඩායම ලේක්හවුස් මන්දිරය අභියසදී බැතිගී ගායනා කළ අවස්ථාව...

 
 

  වෙසක් අව අටවක පෝය

   වෙසක් අව අටවක පෝය මැයි 29 වනදා ඉරිදා පූර්ව භාග 6.18 ට ලබයි. 30 වනදා සඳුදා පූර්වභාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 29 වනදා ඉරිදාය.
 
මීළඟ පෝය ජුනි 04 වනදා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]