UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

චරිතාපදානය-13:

පැවිදි ගිහි සමාජයේ විවිධ පාර්ශ්වයන් අතර මෙන්ම දේශපාලන කරළියේද මෑත කාලීනව දැඩි කතාබහට ලක් වූ චරිතයක් වූයේ මාදුළුවාවේ සෝභිත හිමියෝය. රට දැය ගැන ඇති කැක්කුම මෙන්ම තමන් වහන්සේ උගත් දැනුම සෙසු භික්ෂූන් ඇතුළු ගිහි පිරිසටද බෙදා දීමට උන් වහන්සේ කටයුතු කළහ. උන් වහන්සේ ශාස්ත්‍රවේදී උපාධිය පවා ලබා ගත්තේ තම නායක හිමියන් දැඩි රෝගාතුරව රෝහලේ සිටි අවදියක බව අපි දනිමු. එසේ ලබා ගත් උපාධිය සහිත දැනුම අනාගත පරපුරට බෙදා දීම උදෙසා උන් වහන්සේ මහත් වූ කැපවීමෙන්ම කටයුතු කළහ.

උන් වහන්සේ මෙරට විද්‍යාස්ථාන කිහිපයකම ආචාර්යවරයකු ලෙසින් සේවය කළහ. එමෙන්ම පරිවේණාධිපතිවරයාණන් වහන්සේ නමක ලෙසින්ද උන් වහන්සේ තවත් වසර ගණනාවක් කටයුතු කළහ.

උන් වහන්සේ කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙණේ පරිවේණාපතිධුරය ලබා ගත්තේ එම පිරිවෙනේ විහාරාධිපතිව වැඩ සිටි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කල්‍යාණි සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන වත්තපටිපාදක ධුරය දිගු කලක් හෙබ වූ අත්තිඩියේ ධම්මසිරි හිමියන්ගේ ඉල්ලීම පරිදිය.

අත්තිඩියේ ධම්මසිරි හිමියන් විසින් රටට දැයට සසුනට කරන ලද සේවයට තමන් වහන්සේට කළ හැකි ලොකුම සේවය ලෙසින් සෝභිත හිමියෝ එසේ පරිවේණාධිපතිධුරය ලබා ගත්හ.

එසේ එහි පරිවේණාධිපතිධුරයට පත් සෝභිත හිමියෝ කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ කටයුතු සඳහාත් ශාසනික කටයුතු සඳහාත් තමන් වහන්සේට කළ හැකි ලොකුම සේවය එහි පරිවේණාධිපතිධුරය දිගුකලක් හො¼දින් දරා කටයුතු කිරිම බව උන් වහන්සේ දැන සිටියහ.

එසේ දිගු කලක් තම දැනුම බෙදා දුන් උන් වහන්සේ හොරණ කුඩා උඩුව නාලන්දා විද්‍යායතනයටද සම්බන්ධ වී මෙරට ආගමික හා ශාසනික වශයෙන් කළ හැකි ලොකුම සේවාව ඉටු කළහ. එහි ආචාර්යවරයකු ලෙස ආරම්භයේදී කටයුතු කළ පසුව එහි පරිවේණාධිපතිධුරය දරමින් කළ සේවාව අදත් බොහෝ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ අගය කරති. විශේෂයෙන්ම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පවසන්නේ සෝභිත හිමියන්ගේ චරිතයෙන්ම බොහෝ දේ ඉගැනීමට තිබූ බවයි. සෝභිත හිමියන් අධ්‍යාපනය ලබා දෙන ස්ථාන කරා භික්ෂූන් වහන්සේ නිරතුරුව පැමිණීමට එයම හේතුවක් විය.

සෝභිත හිමියන් ආචාර්වරයකු ලෙස වැඩිම කාලයක් සේවය කෙළේ නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙන් විහාරස්ථාන විද්‍යායතනයේය. අදත් බොහා් දෙනා අතර නමක් දිනා ඇති සුභද්‍රාරාම පිරිවෙන ඒ තත්ත්වයට පැමිණීමට සෝභිත හිමියන්ගේ සේවාවද බෙහෙවින්ම හේතු විය. විශේෂයෙන්ම සෝභිත හිමියන් සුභද්‍රාරාම පිරිවෙණේ නියෝජ්‍ය පරිවේණාධිපතිධුරය දරමින් ඉටු කළ සේවාව අදත් බොහෝ භික්ෂූන් වහන්සේ මහත් ආඩම්බරයෙන් සිහි කරති. බොහෝ දෙනා අගය කරති.

මේ ආකාරයෙන් ගිහි පැවිදි ලෝකයේ නමක් දිනා ගත් සෝභිත හිමියන්ට විවිධ ගෞරව නාම හා උපාධි ලබා දෙන්නට බොහෝ ආයතන කටයුතු කරන ලදී. ඒ සෝභිත හිමියන්ට එවන් උපාධියක් ගෞරව නාමයක් ලබා දීම එම ආයතනයට ලොකු ගෞරවයක් වූ හෙයිනි.

ඒ අනුව ජයවර්ධනපුර සහෘද සංගමයෙන් 1999 වසරේදී විද්‍යෝදය විභූෂණ ගෞරව නාමය සෝභිත හිමියන්ට ප්‍රදානය කරන ලදි. මෙරට මානව අයිතිවාසිකම් වැඩිදියුණු කිරිම වෙනුවෙන් හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කර ඇති සේවය උදෙසා 1996 වසරේදී සර්වෝදය ජාතික සම්මානය ද සෝභිත හිමියන්ට ප්‍රදානය කරන ලදී.

එමෙන්ම තවත් ආයතන රැසක්ම සෝභිත හිමියන්ට ගෞරව උපාධි පිරිනැමීමට අදහස් කළද සෝභිත හිමියන් විසින් ඒ සියල්ලම ප්‍රතික්ෂේප කරන ලදි.


පසුගිය සතියෙන් - මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ - චරිතාපදානය -12

 

  වෙසක් අව අටවක පෝය

   වෙසක් අව අටවක පෝය මැයි 29 වනදා ඉරිදා පූර්ව භාග 6.18 ට ලබයි. 30 වනදා සඳුදා පූර්වභාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 29 වනදා ඉරිදාය.
 
මීළඟ පෝය ජුනි 04 වනදා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]