| 
			 බුදුපිළිමයේ උපත - 15:  
			 මහබිනික්මන 
			
			
			 පුරාවිද්‍යා 
			දෙපාර්තූමේන්තුවේ 
			
			හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ  
			
			සිරිසූමන් විජේතුංග  
			
			පුරාවිද්‍යා Msc පර්යේෂණ 
			 
				මාගේ පියාණන්ගේ දරු සෙනෙහස මම දනිමි. එහෙත් අපේ ජීවිත ගොදුරු කරගන්නා ජාති, 
ව්‍යාධි, මරණ යන මේ දරුණු දුක් තුන මගේ සිතට වැදිණ, ඒ නිසා මම මෙසේ ඒවායින් මිදීමේ 
මගක් සඳහා ආවෙමියි කීය. සිදුහත් කුමරු කෙසේවත් ආපසු නොයන බව දත් පෙරෙවි සහ මහ ඇමැති 
සමඟ පැමිණි රාජපුරුෂයින් සිදුහත් කුමරුන්ට රැකවරණ පිණිස අප්‍රසිද්ධ වේශයෙන් 
සිදුකරන ලෙස කී ඔව්හු ආපසු ගියහ. 
			  
			
			 
			 
වෙසෙසින්ම දඹදිව බුද්ධ වන්දනාවේ යෙදෙන වන්දනාකරුවන්ගේ පහසුව සඳහාත්, බෞද්ධ 
සැදැහැවතුන්ගේ ශ්‍රද්ධා බුද්ධිය වර්ධනය පිණිසත්, විද්‍යාර්ථින්ගේ දැනුම වර්ධනය 
සඳහාත් මෙම ලිපි මාලාව ප්‍රයෝජනවත් වනු ඇතැයි විශ්වාස කරමු. 
			 
				
					
					  | 
				 
				
					| 
					 ආන්ද්‍ර 
					ප්‍රදේශ්හි අමරාවතී මූර්ති සම්ප්‍රදායේ මහබිනික්මන දැක්වෙන 
					අයුරු  | 
				 
			 
			
ඉකුත් බක් පුර අටවක පෝදා පත්‍රයේ සිදුහත් කුමරාගේ මහබිනික්මන පිළිබඳව ඓතිහාසික 
පුරාවිද්‍යාත්මක සාක්ෂි සහිතව සටහන් කළෙමු. අද එතැන් සිට ... 
මහ බෝසතාණන් වහන්සේ වසර විසිනවයක් සිටි කපිල වස්තු රාජධානියෙහි වූ මාලිගාව අතහැර 
මෙසේ ඇසළ සඳ උදාවූ ඇසළ පුර පසළොස්වකදා කළ මහාභිනිෂ්ක්‍රමණය ඇසූ ජනතාව හඬා වැළපෙන්නට 
පටන් ගත්හ.ඒ නුවර මළගෙයක් මෙන් විය. ප්‍රජාපතී ගෝතමිය ශෝක භරිතව බිම වැතිර 
වැළපෙන්නට වූවාය. යසෝධරාවෝ මුසපත්ව වැටුණහ. මාළිගයේ සේවිකාවෝ දිය ඉසීමේ ආදිය නිසා 
කළ සාත්තු නිසා බොහෝ වේලාවකින් ප්‍රකෘති සිහි ලබා සිය මාලිගයෙහි බිම වැතිරි හැඬූ 
කඳුළින් යශෝධරාවෝ කල් ගෙවූහ. සුද්ධෝදන රජු ඇයට විපතක් වේදෝ හෝයි බියෙන් නිතර අවවාද 
කරමින් රාහුල කුමරු රැක ගැන්මෙහි යෙදුණි. දෙව්දත් කුමරු හැර සෙසු සියලු ශාක්‍යයෝ 
තමන් බලාපොරොත්තු වූ ශාක්‍ය වංශිකයන්ගේ දියුණුව නැවතුණැයි බොහෝ සෝකයෙන් තැවුණාහ.
			 
සතියක් මෙසේ ගෙවුණු කල්හි ඡන්න ඇමැති එහි ආවේය. දුටු දුටුවෝ ඡන්න ඇමැතිගෙන් සිදුහත් 
කුමරුන් රැගෙන කොහිගියෙහිදැයි අසන්නට වූහ. සමහරු ඡන්නට බැණ වදින්නට වූහ. ඡන්න දුටු 
යශෝධරා දේවිය ඔහුට කතා කොට මාගේ ස්වාමිදරුවාණෝ (සිදුහත් කුමරු) කොහිගෙන ගියේද ?තමා 
කිසිවක් ඇඟවීම් මාත්‍රයක් වත් නොකොට කොහේ ගෙන ගොස් දමා මෙසේ බොරුවට කඳුළු සලන්නේ 
යැයි යශෝධරාවෝ ඡන්නට බොහෝ දොස් පවරන්නට වූහ. 
			 
				
					
					  | 
				 
				
					| 
					 ගන්ධාර 
					මූර්ති කලාවෙහි  
					නිරූපණය කර ඇති මහබිනික්මන   | 
				 
			 
			
දේවියනි, සිදුහත් කුමරුවාණන්ගේ සේවකයෙකු වූ මා එතුමාගේ නියෝග පිළිපදිනු විනා අන් 
කුමක් කළ හැකිද? මම හඬා දොඩා එතුමන්ගේ ගමන වළක්වාගන්නට කොයිතරම් නම් උත්සාහ කළාද? 
බැරිම වූ තැන උන්වහන්සේට (සිදුහත් කුමරුවන්ට) නොදැනෙන්න ක්ෂණයකින් ඔබවහන්සේ ගේ යහන් 
ගබඩාවේ (නිදන කාමරයේ) දොර ළඟට අවුත් ඔබතුමිය අවදි කරවන්නට සිතා ගෙන වහා ගියෙමි. 
එහෙත් කිසිම කෙනෙකු නොපිබිදුණාහ. සේවකවූ මම ස්වාමියාගේ සිද්ධාර්ථ කුමරුන්ගේ අණ 
පිළිපැද්දෙමි. මා කළ වරදක් නැතැයි ඡන්න එසේ කීවේය. සුද්ධෝදන රජුද සිදුහත් පුත්‍රයා 
ගැන ඡන්නගෙන් අසා වැළපෙන්නට පටන් ගත්තේය.  
මේ අතර බෝසතාණන් වහන්සේගේ (සිදුහත් කුමරුන් ගේ) කසී වස්ත්‍ර මිටියක් බැඳ හිස නමා 
ගෙන ආ වැද්දා දුටු මිනිස්සු ඔහු සුද්ධෝදන රජුවෙත ගෙන ගියහ. රජු මේවා දැක මේවා 
කොහිසිට ගෙන ආවේ දැයි ඇසුවේය. කුමරාට විපතක් දෝයි ඇසූහ. ඔහු සියලු පුවත් රජුට 
කීවේය. ඒ අනුව සුද්ධෝදන රජු සිදුහත් කුමරු ගිය දිසාව දැනගත්තේය. පුත්‍රයා 
(සිදුහත්කුමරු) සිය කැමැත්තෙන් ඔහුට දුන් දෑ ඔහුටම වේවයි කියා වැද්දාට යන්නට ඉඩ 
දුන්නේය. ඡන්න ඇමැතිවරයා තමා ගෙන ආ සිදුහත් කුමරුන් දුන් ආභරණ සියල්ලම ප්‍රජාපතී 
ගෝතමියට භාරදුන්නේය.  
සුද්ධෝදන රජුගේත්, යශෝධරාවගේත් ප්‍රජාපතී ගෝතමියගේත්, මහත් වූ වැළපීම් හැඬීම් දුටු 
පෙරෙවි බමුණාත් මහ ඇමතිත් අවසර දෙතොත් අපි ගොස් සිද්ධාර්ථ කුමාරයා සිටින තැනකින් 
ආපසු කැඳවාගෙන එන්නේමැයි රජුට කියා ඔවුන් අස්වැසූහ.  
හැඬුම් වැළපුම් ඉන්පසු අඩුවිය. සුද්ධෝදන රජු පෙරෙවි බමුණන් ඇමැතිවරයාත් පිටත්කර 
යැවීය. අස්රියක නැග වේගයෙන් ගිය මේ දෙදෙනා රජගහනුවර පසුකර විශාලා මහ නුවර දෙසට යන 
ගමනේදී ගංගා නදියෙන් එපිට මහරුක් සෙවණක මහබෝසතාණන් දැක පී‍්‍රතියට පත්වූහ. බෝසතාණන් 
වෙත ගොස් වැඳ මහබෝසතාණන් රජ මාලිගයෙන් නික්ම ගිය නියාව දැන සුද්ධෝදන රජ යසෝධරා 
දේවිය, ප්‍රජාපතී ගෝතමි ආදි සියලු දෙනාටම දුක්දීම හැර කලක් රජ සැප විඳ පැවිදි විය 
හැකියැයි කියා ආපසු යන්නට කැඳවූහ.  
මාගේ පියාණන්ගේ දරු සෙනෙහස මම දනිමි. එහෙත් අපේ ජීවිත ගොදුරු කරගන්නා ජාති, 
ව්‍යාධි, මරණ යන මේ දරුණු දුක් තුන මගේ සිතට වැදිණ, ඒ නිසා මම මෙසේ ඒවායින් මිදීමේ 
මගක් සඳහා මම ආවෙමියි කීය. සිදුහත් කුමරු කෙසේවත් ආපසු නොයන බව දත් පෙරෙවි සහ මහ 
ඇමැති සමඟ පැමිණි රාජපුරුෂයින් සිදුහත් කුමරුන්ට රැකවරණ පිණිස අප්‍රසිද්ධ වේශයෙන් 
සිදුකරන ලෙස කී ඔව්හු ආපසු ගියහ.  
(ශක්‍ය මුනිද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය 
මහානායක හිමියන් වහන්සේ පිටු අංක 47-48 (2000) ඇසුරෙන් ලියන ලදී.) 
			  
 |