UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක පදවියට පත් වූ ශාස්ත්‍රවේදී පණ්ඩිත අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතන මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැකීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා (10) ඉකුත්දා පස්වරුවේ මහනුවර අස්ගිරි මහා විහාරය වෙත ගියේ ය. එහිදී අභිනව මහ නාහිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසූ ජනාධිපතිතුමා උන්වහන්සේ වෙත තම සුභාශිංසන පිරිනැමීය. අභිනව මහා නා හිමියන් විසින් එහිදී සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය. අමාත්‍ය විජයදාස රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමඟ ඊට එක්ව සිටියහ.
(ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය)

 

හුණුපිටිය ගංගාරාමය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය – 2016

හුණුපිටිය , ගංගාරාම විහාරස්ථානය හා අග්‍රාමාත්‍ය කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය 2016 මැයි 21,22,23,24 හා 25 යන දිනයන්හිදී ගංගාරාම විහාරස්ථානය, අරලියගහ මන්දිරය, බේරේවැව වටරවුම් පාර හා බේරේ වැව ආශි‍්‍රතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එම බුද්ධ රශ්මි වෙසක් කලාපය සාර්ථක ලෙස සංවිධානය කරගැනීම සඳහා රැස්වීමක්, ගල්බොඩ ඤාණිස්සර නායක ස්වාමීන්වහන්සේගේ හා ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ බුද්ධ රශ්මි වෙසක් කලාපයේ සංවිධායක කමිටු සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පවත්වන ලදී.එහිදී, පසුගිය වසරවල බුද්ධ රශ්මි වෙසක් කලාපය සාර්ථක ලෙස සංවිධානය කර ගැනීම සඳහා රාජ්‍ය හා පුද්ගලික ආයතන විසින් ලබාදුන් සහයෝගය ඉතා අගයකොට සලකන බවත්, මෙම වසරේදීද එම ආයතනවල සහයෝගය ලබා ගනිමින් වෙසක් කලාපය සාර්ථකව සංවිධානය කර ගැනීමට බලාපොරෙත්තු වන බවත්, ගල්බොඩ ඤාණිස්සර නායක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන ලදී.

ඉතිරිය»

 

 බක් පුර පසළොස්වක පෝය

අප්‍රේල් 21 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.20 ට ලබයි. 22 වනදා සිකුරාදා පූර්ව භාග 10.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 21 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අප්‍රේල් 30 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]