UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

එක පත අනා එකටම කෑ පෙර දවසේ

එක පත අනා එකටම කෑ පෙර දවසේ

අපට සෑම දෙයක්ම අලුත් තාලයකට දැකිය හැකියි. බුදුරජාණන් වහන්සේ දකින කෙටි ම ආකාරය එයයි. බුදුපියාණන් වහන්සේ දකින්න අවශ්‍ය ආකාරය වෙනස් කර තිබෙන නිසාම නිවැරැදි තාලයට දැකීමට නමි නිවැරැදි තාලයකට යායුතු වුවද,එම ගමන යාම ටිකක් අපහසු වන නමුත් එහි ඇත්ත දැකීම අවශ්‍යයයි.

වෙන්කර හඳුනාගත යුතු කාරණා තුනක් තිබෙන අතර පළමු කාරණාව ශරරයද, දෙවන කාරණාව පණද, තුන්වන කාරණාව ජීවිතය වශයෙනි. මේ ආකාරයට කොටස් තුනකට බෙදීමක් මීට පෙර කවදාවත් අසා නැතිව ඇති. නමුත් පණ වෙනයි. ශරිරය වෙනයි. ජීවිතය වෙනයි. යනුවෙන් අවබෝධ කොටගත යුතුයි. අප බොහෝ දෙනෙක් සිතනු ලබන්නේ ජීවිතය යනු ශරීරය බවයි. ජීවිතය යනු ශරීරය නොවන අතර ජීවිතය යනු ශරීරයට වඩා බෙහෙවින් වෙනස් එකක් බවයි. ජීවිතය යනු ශරීරය කියා සිතාගෙන සිටින අයෙකු සිටිනවා නම්, ශරීරය නඩත්තු කිරීම ජීව්ත් වීම වශයෙන් දැනෙනවා ඇති. අප ජීවිතය තුළ විශාල වශයෙන් හමිබ කරනු ලබන අතර හමිබකරමින් වියදමි කරනවා වුණාට වියදම් කරන්නේ මොනවාටද කියා විමසුව හොත් බොහෝ දෙනෙකුට දීමට තිබෙන පිළිතුර වනුයේ පළමු කාරණාව ලෙස කෑමටත් දෙවන කාරණාව ලෙස බීමටත් තුන්වන කාරණාව ලෙස ඇඳීමටත්, හතර වන කාරණාව ලෙස පැළඳීමටත් , පස්වන කාරණාව ලෙස බේත් හේත්ද, හයවන කාරණාව ලෙස ගේ දොර හදාවඩා ගැනීමත් , යාන වාහන ගැනීමත් සදහායි.

මෙසේ වියදම් යන දේවල් සඳහා වියදම් කරනු ලබන්නේ කුමක් නඩත්තු කිරීම සඳහාද කෑම කනු ලබන්නේ මෙම බඔයක් පමණ වූ ශරීරයක් සමඟ තිබෙන කේසා, ලෝමා, නඛා, දන්තා තචෝ, මංසං , නහරූ ආදී වශයෙන් තිබෙන්නාවූ අවයව නඩත්තු කිරීම සඳහා ආහාර ගනු ලබයි. මත්ද්‍රව්‍ය වර්‍ග බොන පුද්ගලයන් බොනු ලබන්නේ සිත වෙරි කිරීමට නොව ශරීරය වෙරි කිරීමටයි. හොඳ කැඳ වර්ග බොන අය බොනු ලබන්නේ ශරීරය පිළිබ ඳ සිතලයි. කන්නේත් බොන්නේත්, බේත්හේත් ශෛල්‍ය කර්ම ගුලි චූර්ණ කල්ක ආදී වශයෙන් කිරීමට තිබෙන සියලු දේවල් කරනු ලබන්නේ ශරීරයට පමණයි. වියදම් කර තිබෙන්නේම ශරීරය සඳහායි. ඇඳුම් අඳිනු ලබන්නේ ශරීරය වැසීමට මිස සිත වැසීමට නොෙවි. ආභරණ පළඳින්නේ ශරීරය ලස්සන කරන්න මිස සිත ලස්සන කරීමට නොවේ. වාහන මිළදී ගනු ලබන්නේ ශරීරය එහා මෙහා රැගෙන යාමට මිස සිත ලස්සන කරන්න නොවේ. ගෙවල් ලස්සන කර පිරිසුදුව තබාගනු ලබන්නේත් ශරීරය දහදිය දැමීමකින් තොරව සුවසේ තබාගැනීම සඳහායි. යමෙකු වියදම් කරන ප්‍රමාණයෙන් වැඩි පුරම ප්‍රමාණයක් වියදමි කරනු ලබන්නේ ශරීරය නඩත්තු කරවීම සඳහායි.

ජීවිතය යනු ශරීරය නම්, ජීවත්වීම යනු ශරීරය නඩත්තු කිරීම නම්, එම වියදම් සියල්ල ශරීරයට කළ විට ඔහු හෝ ඇය ජීවත් වුණාය කියා ප්‍රකාශ කළ හැකියි. එසේ සිතුවද, මීටත් වඩා පැහැදිළි වෙනස් ජීවිතයක් තිබෙන බව ඔබ දැනගත යුතුයි.

ජීවිතය යනු ඉහත සඳහන් කරනු ලැබූ තත්වයක් නොවිය යුතුමයි. යන්න ඔබ අවධාරණය කර ගත යුතුම කරුණයි. ශරීරය පින්තූරයකට නැගුවද ජීවිතය පින්තුරයකට ගත නොහැකියි. සතුට, දරුසෙනෙහස, මාපිය සෙනෙහස, ආදරය, ලෙන්ගතුකම රට පිළිබඳව තිබෙන්නාවූ හැඟීම දයාලූබව, ස්නේහවන්තකම, දයාබරත්වය, සංස්කෘතික චර්යා රටාවන්, ආගම්කත්වය, තිබෙන්නාවූ නිදහස යන කරුණු කාරණා ජීවිතය නමැති කොටසට අයත් වනවා මිස, ශරීරයට අයත් කාරණා නොවේ. බුදුපියාණන් වහන්සේ ශරීරය පිළිබඳව දේශනා කරනු ලැබුවේ ශරීරය තුළ කුණුප කොටස් තිස් දෙකක් පවතින බවයි. කේසා, ලෝමා නඛා, දන්තා, තචෝ, ආදී වශයෙන් සදහන් දේශනා කොට වදාළ කාරණා තිස් දෙකට අදාළ නොවන ජීවිතයක් වෙනමම තිබෙන අතර එම ජීවිතය තුළින් තමයි සිනහව දැකිය හැකි වන්නේ . අම්මාට තිබෙන ආදරය තිබෙන්නේත් ජීවිතයකටයි. තාත්තාකම තිබෙන්නේ ජීවිතය තුළයි. මවිපියවරු භාර්යාවරු, ස්වාමිපුරුෂවරු පියවරු සිටින්නේ ජීවිතයට පමණයි. ලෙන්ගතු කම්, හැඟීමි, දැනීම්, තිබෙන්නේ ජීවිතයට පමණයි. සිනහව තිබෙන්නේ ජීවිතයට පමණයි. හැඟීමි දැනීම් හුවමාරු කරගැනීමට ඉගෙනගනු ලබන්නේත් ජීවිතය තුළයි. දේශපාලනයක් තිබෙන්නේත් , ආගමක් තිබෙන්නේත් , දැනීමි තිබන්නේත් හැඟීම් තිබෙන්නේත්,ජීවිතයකට පමණයි. එසේ නොවේ නම්. ඉහත කියන්නාවූ ජීවිත සාධක නොමැති නම් තිබෙන්නේ ශරීරය පමණයි . සතුන්ගේ ජීවිතය දෙස බලන විට සතුන්ට ශරීර තිබෙන බව පෙනෙනවා. වගේම සත්තු ශරීර සමඟ ජීවත් වන අතර සතුන්ගේ ශරීරත් සමඟ පණක් පමණක් තිබුණට ඔවුන්ට ජීවිත නැහැ. එම පණවල් රැකගැනීම සඳහා ආහාර ගනු ලබනවා. ශරීරය තුළ තිබෙන්නේ පණ වන අතර පණ තිබෙන්නේ ශරීරය රැකගැනීම සඳහායි. කෑම කනු ලබන්නේ ශරීරය තුළ පණ රැකැගැනීම සඳහා මිස ජීවත් විම සඳහා නොවේ. සතුන්ට තමාගේ අම්මා, තමාගේ තාත්තාකම, සහෝදරකම තිබෙනවාද සතුන්ට සිනහවන්න හැකිද සතුන්ට දේශපාලනයක් තිබෙනවාද සතුන්ට සංස්කෘතියක්, ආගමක් තිබෙනවාද සතුන්ට අලුත් අවුරුදු උත්සව පවත්වනවාද සතුන්ට විදුලි එලිය තිබ්බත් නැතත් එය ගැටළුවක් වන්නේ නැත. ඒ සතුන්ගේ ස්වභාවයයි. ඔවුන්ට හැඟීමි දැනීම් නැහැ. ශරීර සහ පණවල් තිබුණාට අමිමා හඳුනන්නේ නැහැ. හඳුනා ගන්න අවශ්‍ය වන්නේත් නැහැ. නංගිද , මල්ලිද, අයියද , අක්කද, යනුවෙන් සහෝදරකම හඳුනා ගැනීමට සතුන්ට අවශ්‍ය නැහැ. ඒ සතුන්ගේ ස්වභාවයයි. සතුන්ට ශරීරයක් තිබුණද  එම ශරීරය තුළ පණක් තිබුණා වුවාට ජීවිතයක් නැහැ. බොහෝ දෙනෙක් ශරීරය සදහා ජීවිතය ලෙස ප්‍රකාශ කළද, එය එසේ නොවේමයි. ජීවිතයක් නැති ශරීරයකින් ඵලක් නැහැ. ජීවිතයක් නැති ශරීරයක් තුළ කිසිදු රසයක් නැහැ. අමිමාට, තාත්තාට සලකන්නේ ජීවිතයක් තිබෙන පිරිස මිස ශරීරයක් තිබෙන පිරිස නොවේ. ජීවිතයක් තිබෙන පුද්ගලයකුට පමණයි, අම්මාකම, තාත්තාකම, දැනෙන්නේ. ජීවිතයක් තිබෙන පිරිසට පමණයි සහෝදරකම දැනෙන්නේ එසේ නොවන පිරිසට දැනෙන්නේ ශරීරය පමණයි. මම කන්න අවශ්‍යයි. කන්නේ ජීවත් වන්නයි. ජීවත් වන්නේත් කන්නමයි.

මේ වන විට රට තුළ දික්කසාද වීමි 13% කින් වැඩි වී තිබෙනවා. මනුෂ්‍යත්වය සෝදාපාළුව තුළ , මිනිසුන්ට ජීවිත නැතිවීම මේ තුළ තිබෙන අර්බුදයයි. මිනිසුන්ට ජීවිත නැතිවෙලා තිබීම යනු ධනේෂ්වර ආර්ථිකයක ප්‍රධාන එක් සාධකයක් වෙයි. පාරිභෝගික සමාජයක මිනිසුන් තුළ ශරීර පමණක් ඉතිරි වී ජීවිත නැති වී , ආදරය, ලෙන්ගතුකම නැතිවී ගොස් අයිතිවාසිකම් පමණක් ඉතිරි වෙනවා. ශරීරය ප්‍රධාන කොට සලකනු ලබයි. කුඩා අවදිය තුළ එක බෙලෙක් පිඟානට බත් ටික බෙදාගෙන කාපු සහෝදර සහෝදරියන්ට පසුකාලීනව සහෝදරකම අමතක වන්නේ නම්, පුංච් දවස්වල පුංච් දරුවන් වඩාගෙන අම්මයි තාත්තයි බත් කවන විට, පුංච් දරුවන්ට ඉතාම ආදරයෙන් කිරි පොවාපු ආකාරය බොහෝ කාලයක් යන විට අමතක වනවා නම්, ඒ තුළ පවතින්නේ ශරීරය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ තුළ ශරීරය ඉතිරි වෙලා ජීවිතය නැති වෙලා කුඩා බෙලෙක් පිඟානකට බත් ටික අනල අයියාටත් කවලා, මල්ලීටත් කවලා, අක්කාටත් කවලා නංගිටත් කවපු විට සියලු දෙනා එකම පිඟානේ එකම බත් පිඬ තමයි කන්නේ . එතරම් එකට සිටිය සහෝදරවරු ලොකු වෙලා උස් මහත් වුණ විට මුහුණට මුහුණ බලන්නේත් නැහැ. දැක්කත් අහක බලාගෙන යනවා.

අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිළුනා කැණිමඩලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද ඔබ රජ වූ අද දවසේ

එදා පැවති සමාජයයි., වර්තමාන සමාජයයි අතර තිබෙන සමාජ ක්‍රමය සැමදාම විෙවිචනය කරන විට වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන කොටහක් නොකා දෙගුරුන්ටත් තියාගෙන තමයි මිනිස්සු මෙම රට තුළ ජීවත් වුණේ.පොඩි නංගිට හම්බවුණ වෙරළු ගෙඩිය ලොකු අයියාට ගෙනවිත් දෙන්නේ මෙන්න අයියේ වෙරළු ගෙඩියක් හම්බවුණා මම කන්නම් කියමිනි. එහෙම කන්න එපා නංගි අපි හත්දෙනෙක් ඉන්නවනේ යනුවෙන් ලොකු අයියා පිළිතුරු දෙයි. අයියලා මල්ලිලා නංගිලා අක්කලා හත්දෙනෙක් සිටින නිසා කෑලි අටකට කපන්න එපායැ කියද්දී අක්කා ඇවිත් ප්‍රකාශ කරනුයේ ඇයි අයියේ අටකට කපන්නේ, අපි හත්දෙනයිනෙ ඉන්නේ, ඒ නිසා හතකට කපන්න යනුවෙනි. වෙරළු ගෙඩිය කෑලි අටකට කපාගෙන කොටහක් අම්මාටත්, තාත්තාටත් ඉතිරි කරගෙන ඉතිරි කොටස් හත අයියලා මල්ලිලා කනු ලැබුවා. අම්මයි තාත්තයි දෙන්නත් ඉන්න නිසාත් අපි හත් දෙනෙකුත් ඉන්න සිසාත් නවයකට කපන්න ඕනෙ වෙරළු ගෙඩිය ඇයි අටකට කපන්නේ යනුවෙන් ලොකු අයියාගෙන් අක්කා විමසු විට ඔබ එය තේරුම් ගැනීමට තවම පොඩි වැඩියි නංගියේ . අම්මාටයි තාත්තාටයි කපා තබන්නේ එක වෙරළු කෑල්ලයි. අම්මාට වෙරළු කෑල්ල දුන්විට එයින් බාගයක් තියාගෙන තාත්තාට බාගයක් දෙනවා. තාත්තා බාගයක් තියාගෙන අම්මාට තව බාගයක් දෙනවා එහෙමයි නංගියේ අම්මලාගේ තාත්තලා ගේ හැටි යනුවෙන් අයියා ප්‍රකාශ කරනු ලබයි.

ඒ අනුව ශරීරයට වඩා වෙනස් ජීවිතයක් තියෙන බව අවබෝධ කොට ගත යුතුයි. ශරීරයට පමණක් කනවා නම්, වෙරළු ගෙඩිය කැබලි අටකට කපන විට අනෙකුත් හය දෙනාම එය ප්‍රතික්ෂේප කර වෙනත් දෙයක් කෑමට යෝජනා කරනු ලබනවා නම්, ඒ ශරීරය පිළිබඳව පමණක් සිතාගෙන සිටින පිරිසයි. සහෝදරකම වරදයක් කියා සිතාගෙන සිටි පිරිස වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන, කොටහක් නොකා දෙගුරුන්ටත් තියාගෙන තමයි කෑවේ. එහෙම කාපු සහෝදරයන්ට වුණේ මොකද එදා එම හත්දෙනා සත්කුළු පවිවෙලා සිටියා. එම පර්වත හත සුළඟට සෙළ වෙන්නේ නැහැ. සුනාමියට සෙළවෙන්නේ නැහැ. එම පර්වත හත සත්කුළු පවි වගේ සිටි සහෝදරවරු පැළ ඉණි වැටට ඇයි අද ඇණ කොටාගෙන. පැළ ඉනි වැට එහාට මෙහාට වුනා කියමින් මරාගෙන . ඒ සරහෝදරකම ට වුණ දේ  පොඩි කාලේ වෙරළු ගෙඩිය කෑලි වලට කපාගෙන කාපු සහෝදරවරු වැඩි හිටි වූදා පැළ ඉනි වැටට මරාගන්නේ ඇයි ඒ සදහා ඉංගී‍්‍රසියෙන් ඩිවලොප්මන්ට් ලෙස ප්‍රකාශ කළද, සිංහලයෙන් ඒ සඳහා සංවර්ධනය ලෙස ප්‍රකාශ නොකරයි. ඒ ශරීරය සහ ජීවිතය අතර පවතින්නාවූ වෙනසයි. පුංච් කාලය තුළ පුංච්යට තිබුණු ශරීරය දැන් ලොකු මහත් වෙලා. ඒ නිසා මා පිළිබඳ මතකය මහවැලියට ගුලිකර දමන්න. ශරීරය ලොකු වනවිට ජීවිතය කුඩා වෙනවා. ශරීරය පොඩි කාලය තුළ ජීවිතය ලොකු වෙලා තියෙන බව ඔබ වටහාගත යුතුයි.

 

 බක් පුර පසළොස්වක පෝය

අප්‍රේල් 21 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.20 ට ලබයි. 22 වනදා සිකුරාදා පූර්ව භාග 10.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 21 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අප්‍රේල් 30 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]