UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේදී ගුණ සමරු පින්කම් මාලාවක්

කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේදී ගුණ සමරු පින්කම් මාලාවක්


සීලානන්ද හිමි


ආරියංවශ නාහිමි


සරණපාල නාහිමි


සෝමරතන හිමි


අරියකිත්ති නාහිමි

වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාමය තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාමය, පලල්ල ශ්‍රී නිදංගලාරාමය, ලුණුගම්වෙහෙර ශ්‍රී අස්වත්ථාරාමය ආදි විහාරස්ථාන කීපයකම විහාරාධිපතිව වැඩ වෙසෙමින් ලෝ සසුන් දෙකට උදාර සේවාවක් සිදු කොට අපවත් වී වදාළ. තෙල්ලඹුරේ ශී‍්‍ර සීලානන්ද මාහිමි, තෙල්ලඹුරේ ශ්‍රී ආරියවංශ නාහිමි, කොක්මාදුව ශ්‍රී සරණපාල නාහිමි, ගලතරේ ශ්‍රී සෝමරතන මාහිමි, කොක්මාදුව ශ්‍රී අරිය කිත්ති නාහිමි යන ස්වාමීන් වහන්සේලාගේ හා මිය ගිය දායක දායිකාවන්ගේ ගුණ සමරා පින් අනුමෝදන් කරවීම සඳහා සංවිධානය කළ පින්කම් මාලාවක් අපේ‍්‍රල් මස 7,8,9,10 යන දිනවල දී කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේදී පැවැත්වේ. දිනපතා සවස 06.00 ට බුද්ධ පූජාව සහිත බෝධි පූජා පැවැත්වෙන අතර, රාත්‍රි 07.00 ට පිළිවෙලින් මාකඳුරේ ධම්ම භාෂිත, පලල්ලේ සරණජෝති, හක්මණ මධුරධම්ම යන හිමිවරුන්ගේ ධර්ම දේශනා පැවැත්වෙන අතර, 10 වැනි දින දවල් සඟසතු දානමය පින්කම පැවැත්වේ.

විහාරාධිපති වැලිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති කැටවල ඉන්දසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරවාසී හිමිවරුන්ගේද දායක දායිකාවන්ගේ ද තරුණ පිරිසගේද ශ්‍රී සීලානන්ද දහම් පාසලේද සංවිධානයෙන් එම පින්කම් මාලාව පැවැත්වේ.

 

 මැදින් අමාවක පෝය

අපේ‍්‍රල් 06 වනදා බදාදා අපර භාග 08.36 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 07 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

 


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]