UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් අමාවක 2016.04.07

මව - පියා පූර්ව ආචාර්යවරුය

දරුවකුට මවක තරම් වෙනත් අයෙකුගෙන් උපකාර ලැබේද දරුවකු මව් කුස පිළිසිඳගත් බව දැනගත් දා පටන් ඒ දරු ගැබ බොහෝ ප්‍රවේසම් කර රැක ගන්නීය. දරුවා මෙලොවට බිහිවූ දා පටන් ලේ කිරි කර පොවා හදාවඩා ගන්නීය. දරුවාගේ අත්, පා, කන්, නාසා ආදිය අතපත ගාමින් මහත් උවටැන් කරන්නීය. තද සීතලෙන් මෙන්ම තද උෂ්ණයෙන් ද රැක ගන්නීය. මැසි, මදුරු ආදී සතෙකුටවත් ළංවීමට ඉඩ නොදෙන්නීය.මව් පිය දෙපළ සතු යම් නිශ්චිල චංචල දෙයක් වේ නම් ඒ හැම දෙයම තම දරුවා වෙනුවෙන් රැක ගන්නීය.

දරුවාට මූලික සියලු පාඩම් කියා දෙන්නේද ආදරණීය අම්මාය. හොඳ, නරක කියා දෙන මූලික පාඩමෙන් තම නෑයන් හඳුන්වාදීම ආදිය ඇතුළු මූලික ඉගැන්වීම කරන හෙයින්ම මව සහ පියා සෑම දරුවෙකුගේම පූර්ව ආචාර්යවරු ලෙස දැක්වේ.

එසේ මව තරම්ම දරුවාට ආදරයැති තවත් අයෙකු වේ. ඒ නම් සෙනෙහෙබර පියාණන්ය. දරුවකු මෙලොවට බිහිවූදා පටන් වඩාත් වෙහෙස මහන්සි වී හරි හම්බ කරමින් ධනය සපයන්නේ පියාය. දරුවා මෙලොවට බිහිවීමට පෙරද දරුවා මවුකුසෙහි සිටින කාලයේ සිටම අවශ්‍ය පෝෂ්‍යජනක ආහාර ඇතුළු සියලු දෑ සපයන්නේද පියාය. දරුවාගේ සැපත සඳහා අවශ්‍ය සියලු දේ සපයන්නේ පියා වෙතිනි. දුකට සැපට සියලු වියදම් කරන්නේද පියාය.

දරුවකු වැඩී නිසි කල උදාවීමෙන් අකුරු කරවීමට පාසලකට ඇතුළත් කර අධ්‍යාපනය දෙන්නේද තම ආදරණීය මෑණියන් සහ පියාණන්ය. එසේ අධ්‍යාපනය ලබන කාලයේ සිට මතු මහත් බලාපොරොත්තු ඇති කර ගනිමින් උසස් රැකියාවක නිරත කරවීමට මහන්සි ගන්නේද මවු පිය දෙදෙනා විසිනි. ඇතැම් විට අයහපත් ඇසුරට පත් වේ දෝ යන සැකය නිසාම යහමගට ගැනීමේ කාරුණික අදහසින් අවවාද අනුශාසනා පමණක් නොව ඇතැම් විට තරවටු කරන්නේද දරුවා ගැන ඇති අකරුණාවකින් නොව කරුණා, මෛත්‍රිය පෙරදැරිවමය. මවුපිය දෙදෙනාගේ ඒ සියලු වෑයම තම දරුවා නිසි අයුරෙන් හදාවඩා අනෙකුත් දරුවනට වඩා තම දරුවා සමාජයේ උසස් මට්ටමකට රැගෙන ඒමටය. මෙසේ සිය දරුවාට තරම් මවුපිය දෙදෙනා මෙලොව තවත් කවරෙකුටත් ආදරය නොදක්වති.

දරුවකුට සෑම අයුරකින්ම පිහිටවූ දෙගුරුන් වූ මවුපිය දෙදෙනාට දරුවා වැඩිහිටියෙකු වන විට තමා වෙත කුඩා කල දක්වන ලද සහායට ප්‍රතිඋපකාර නිරන්තරයෙන්ම කළ යුතු වේ. මවු පිය දෙදෙනා වියපත් වන විට ඔවුන්ට සංග්‍රහ කිරීමට ඇප උපස්ථාන කිරීමට, රැක බලා ගැනීමට ඉන්නේ දරුවන් බව අමතක නොකළ යුතුය. මවට, පියාට, දරුවකු නොසලකා හරින්නේ නම් ඔහු සද්පුුරුෂයෙකු නොවේ. කළගුණ සලකන හෝ යුතුකම් ඉටුකරන අයෙකුද නොවේ. එවැනි දරුවා සමාජය පවා පිළිකුලට ලක් කරති.

මව හෝ පියා ජීවත්ව සිටින කල ආදරයෙන් රැක බලා නොගෙන මරණයට පත්වූ විට මහත් වියදම් දරමින් අවමගුල් උත්සවය කළ පමණින් එය මවුපිය සැලකීමක් නොවන බව කල්පනා කළ යුතුය. තම ශක්තිය ඇති කළ වියපත් මවුපිය දෙදෙනා ආදරයෙන් හා ගෞරවයෙන් රැක බලා ගනිමින් සතුටෙන් ජීවත්වීමට පරිසරය සකසාදීම දරුවෙකුගේ වගකීමය. ඇතැම් විට තම නිවසේ ඇති දැඩි කරන සුරතල් සතෙකුට තරම්වත් ඇතැම් දරුවන් තම මවු පියවරුන් වෙත නොසලකා හැර ඇතිබවටද සමාජයේ කලාතුරකින් හෝ අහන්නට හා දකින්නට ලැබේ.

තම මවුපිය දෙදෙනා වෙත නොසලකන දරුවන්ට තම දරුවන්ගෙන්ද කවරදාකවත් කිසිදු සැලකීමක් නොලැබේ. තම මවු පිය දෙදෙනා වෙත ගෞරවාදරයෙන් කරන සංග්‍රහ ආදර්ශයට ගැනීමෙන්ම තම දරුවන්ද ඒ මග ගමන් ගන්නා බවද අමතක නොකළ යුතුය. මවුපියවරු තම යුතුකම වගකීම නිසි ලෙස ඉටුකර තිබියදී දරුවාද සිය වගකීම පැහැර නොහැර යුතුකම ඉටුකිරීමට දෙවරක් සිතා නොබැලිය යුතුය. මවුපිය දෙදෙනාගෙන් ලද උදව් උපකාරවලට ඒ දෙදෙනා දෙවුරේ තබා ගෙන සිය ජීවිත කාලය පුරා සැලකිලි දැක්වුවද එයින් සැනසීමට පත් විය හැකි දැයි සිතා බැලිය යුතුය.

 

 මැදින් අමාවක පෝය

අපේ‍්‍රල් 06 වනදා බදාදා අපර භාග 08.36 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 07 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

 


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]