UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

සිරිපා පහස ලද මහියංගණය

තිලොවට තිලක මගෙ සම්බුදු හිමිගෙ සිත
තෙවරක් යොමු වෙලා ඇත ලක් දෙරණ වෙත
මහියංගණ නාගදීපය කැළණි යන
ඒ තැන් වලට වැඩි බැව් බුදු දහමෙ ඇත

බුදුවීමෙන් පසුව නව වෙනි මාසේ දිනේ
ලක්වැසි ජනයාගෙ පෙර පින පහළ වුණේ
දුරුතු මාසෙ පසළොස්වක පොහොය දිනේ
පළමු වරට තිලොවග හිමි වැඩම වුණේ

මහියංගණ මහනාග නම් ඒ උයනේ
යක්ෂ නමින් පිරිසක් එදවස උන්නේ
යක්ෂ පිරිසකගෙ රැස්වීමකි .තිබුණේ
ඒ අරබයයි මහියංගණෙ වැඩම වුණේ

ලක් දෙරණට වැඩමෙව් ඒ පළමු දිනේ
මේ පින් බිමේ මහියංගණ නාග වනේ
යක්ස පිරිස වෙත බණ දෙසු පෝය දිනේ
දැන ගන්නට තිබේ බුදුදම් පොත පතිනේ

ලක්දිව තිබු සමනොළ නම් අඩවි වනේ
සුමන නමින් දෙවි කෙනකුන් එම උයනේ
වැඩ හිඳිනා විටදී බුදුහිමි වැඩිය දිනේ
දැන ගෙන යන්න සිතුනා මහ නාග වනේ

සුමන දෙවියො පිරිවර සෙන් සමගින්නේ
මහියංගණෙ වැඩියෙ බුදුහිමි දකින මෙනේ
තිලොවග පියා මෙත් කරුණා ඇති නිතිනේ
බණ දේශනා කර ඇත පිරිසට සොඳිනේ

බණ දේශනාවෙන් පැහැදුණූ දෙවි සුමන
වඳිනට දෙයක් ඉල්ලුවෙ බුදුහිමි නමින
වැඳුමට පිදීමට දෙන බැව් පවසමින
කේශධාතු මිට දී ඇත මෙත් සිතින

සුමන දෙවිඳු බොහො සතුටට පත්වීලා
සාදුකාර දී එය සුරතට ගෙනලා
මහියංගණ පුරට ධාතුන් වඩමවලා
වෙහෙරක් සාදවා ධාතුන් නිදන් කළා

මුනි සිරිපා පහස ලද මහියංගණය
පළමු වරට දම් දෙසු මහියංගණය
සුමන දෙවිඳු කළ සෑ මහියංගණය
නමදිමු බැති සිතින් සෑ මහියංගණය

බුදු හිමි තෙවරක්ම වැඩි පින්වත් දෙරණ
ධාතුන් වහන්සේලා වැඩ හිඳිනා දෙරණ
සම්බුදු ගුණෙන් අනුහස ලද මේ දෙරණ
ධර්මද්වීපයක් වේවා! ලක් දෙරණ


පවිත්‍රත්වය

ගත රුව වඩන්නට සැම නිති වෙහෙසනවා
සිත රුව නිරන්තරවම පිළිකුල් වෙනවා
ගත සිත දෙකේහිම කිළිටිය ඇතිවෙනවා
පිරිසුදු කරමු ගත සිත ජය අත්වෙනවා


මේ මරුවා

කාසිවලට හැම දෙයක්ම
ඇහැකි කරන්න
මරුවා ළඟ කාසි තියලා
බැහැනෙ දිනන්න
කාසිවලට කවුරුත් නෙත්
දල්වා ඉන්න
මේ මරුවා හට හිත නැහැ
එහෙම කරන්න
කාසිදීලා බෙරෙන්නට
බැහැ කිසිදාක
නිසි කාලෙදි අතවනනවා
නේද අගේට
අසාර වු ජීවිතයම
සරු කර ගන්න
පින් පුරවා නිර්වානේ
පාර සදන්න


ජීවිතය

මනසින්ම
හදාගෙන
මනසින්ම
දුක සැප විඳින
මේ මනෝමය
ක්‍රියාදාමයක්
මේ නිසරු බව
මනසටම පසක්වනදා
මනස නිසලවන එක
නියතියක්


පිළිවෙත් මඟින් නිවන් දකිමු !

නිමක් නොවු මෙබව සසරෙහි දුක ගින්න
වළක්වා සියල් සත වෙත සෙත දුන්න
මලක්සේ සුවඳ මුදු මුකුලිත වන්න
ලොවක් සැනසවු මුනිසඳු නමදින්න

චතුසත් දහම් පද දැන පිළිවෙත් මගනී
විසුවොත් මිසක මතු බවයෙහි පළ නොගනී
නැසුවොත් ලෝබ මෝහය දෝසය තුනෙනී
හැකිවෙත් මෙ සසරෙහි නිවනට මෙහැම ගිනී

ආනාපාන සති තව කුනප තිස්දෙක
ලෝනා පෙන්නූ නවසීවතික තවකෙක
නානා බාවනා වඩවා සිහිය රැක
පීනා සසර සයුරෙන් යමු නිවන් දැක

ගුණයෙන් අපරිමිත මහකරුණාව මත
විනයෙන් අසීමිත විය සිත හිමි සුගත
දහමෙන් සිසිල ලබදුන් සව්සතා වෙත
එබැවින් මුනිඳු නාමෙන් විය තථාගත


යහපත් ලොවක් පතමු

මිනිසත් බව ලැබුවන්ගේ සවිය සතු
යහපත් ලෝකයක් පිවිතුරු හදින් පැතු
ඒ පැතුමන් හැඳින එයටම වෙමින් නතු
දුසිරිත් හෙළා දැක සුසිරිත් වැඩිය යුතු

යමෙකුට ලැබේ නම් ලෝකය ගැන දැනුම
යහගුණ වඩ වඩා ලැබගත හැක දිනුම
මුව මුව ගැයෙනු ඇත ඔහු ගුණ දින දිනම
අපරාජිතයි ලොව යන යන හැම තැනම

තේරුම් ගන්න වෙහෙසි ජීවිතේ පොත
පැරදුනු බොහෝ අය වෙති දැඩි බවින් සිත
යළි යළි නැගිට ජය අදිටන් සවිය මත
විකසිත සිතුම් සිතුවම් වී දිලෙනු ඇත

වෙන් වීමකට හමුවීමෙනි පිවිසෙන්නේ
නිවැරදි වීම වැරදුන පසු සිදු වන්නේ
වරදින් මිදුණ සිත නව එළියකි දෙන්නේ
එනිසයි මඩ වළෙත් සියපත් සුපිපෙන්නේ

ඔබගේ කඳුළ මට දේ නම් සිනාව
වරදකි ජනිත වු සංකල් පනාව
හඳුනයි නම් කෙනෙකුගේ වේදනාව
යහපත් වේවි යළි ලෝකය මනාව

 

 මැදින් අමාවක පෝය

අපේ‍්‍රල් 06 වනදා බදාදා අපර භාග 08.36 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 07 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

 


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]