UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ ශිෂ්ටාචාරය - 01

අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016 - ආදර්ශ ප්‍රශ්නෝත්තර

බෞද්ධ ශිෂ්ටාචාරය - 01

අභ්‍යාස අංක – 02

වඩාත් නිවැරැදි පිළිතුර තෝරා ලකුණු කරන්න.

01) දස සක්විතිවත් අඩංගු වන්නේ,

1. අග්ගඤ්ඤ සුත්‍රයේය.
2. චක්කවත්ති සීහනාද සූත්‍රයේය
3. අණන සූත්‍රයේය
4. වසල සූත්‍රයේය
5. සිඟාලෝවාද සුත්‍රයේය

02) වත්මන් සමාජයේ යුතුකම් හා වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම නිසා සමාජ අර්බුද රාශියක් නැතිකර ගැනීමට අදාළ බෞද්ධ ඉගැන්වීමට අන්තර්ගත සූත්‍රය වන්නේ මින් කුමක්ද?

1. මහා මංගල සූත්‍රය
2. ව්‍යග්ගපජ්ජ සූත්‍රය
3. කරණීය මෙත්ත සූත්‍රය
4. කළාම සුත්‍රය
5. සිඟාලෝවාද සූත්‍රය

03) කෝසල, මගධ, වත්ස, අවන්ති යන රාජාණ්ඩු බුද්ධ කාලිනව භාරතයේ පැවැති ප්‍රමුඛ රාජ්‍යයන් ලෙස සැලකේ. මෙම රාජ්‍යයන් වලට අයත් ප්‍රසිද්ධ නගර රාශියක් පැවැති බව ද බෞද්ධ මූලාශ්‍රයන්හි දැක්වේ. පහත සඳහන් නගර අතුරින් අවන්ති රාජ්‍යයට අයත් නගරය වන්නේ මින් කුමක්ද?

1. රජගහ නුවරය
2. පැළලුප් නුවරය
3. උදේනි නුවරය
4. කොසඹෑ නුවරය
5. සැවැත් නුවරය

04) “ඕනෑම දෙයකින් තෘප්තිමත් නොවීම සාමාන්‍ය මිනිස් ස්වාභාවයකි. බොහෝ බලය හා සම්පත් ඇති රජුද, බලවත්තුද, පොහොසත්තුද, තෘප්තිමත් භාවයට පත්වීමකින් තොරවම මරණයට පත්වෙති. එසේ වන්නේ මිනිසා තෘෂ්ණාවට දාස වන බැවිනි. මේ තත්ත්වය අවබෝධ කරගත් බෞද්ධයා ආශාවන් පසුපස හඹායාම වෙනුවට ආශාවන් අඩුකර ගැනීමට උත්සාහ ගනියි. අතෘප්තිකර ස්වභාවය සමනය කර ගෙන තෘප්තිමත් සරල දිවිපෙවතකට හුරුවෙයි. මෙම ඡේදයෙන් ගම්‍යවන බෞද්ධ සදාචාර ධර්මය හැඳින්වීමට වඩාත් සුදුසු වචනය වන්නේ මින් කුමක්ද?

1. අල්පේච්ඡතාවය
2. මහේච්ඡතාවය
3. බහුකිච්චතාවය
4. අල්පකෘත්‍යතාවය
5. සුභරතාවය

05) භාරතීය පැරැණි විශ්ව විද්‍යාල අතර ථෙරවාදය ඉගැන්වීමට ප්‍රමුඛස්ථානය දුන් විශ්ව විද්‍යාලය වශයෙන් සඳහන් වන්නේ,

1. නාලන්දා විශ්ව විද්‍යාලයයි
2. වික්‍රමශිලා විශ්ව විද්‍යාලයයි
3. වලභී විශ්ව විද්‍යාලයයි
4. ජගද්දලා විශ්ව විද්‍යාලයයි
5. තක්ෂිලා විශ්ව විද්‍යාලයයි

06) බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වැඩසිටියා වූ නගරය වශයෙන් ප්‍රකට වුයේ

1. කිඹුල්වත්පුරයයි
2. සැවැත් නුවරයි
3.කොසඹෑ නුවරයි
4. රජගහ නුවරයි
5. විශාලා මහ නුවරයි

07) ” බිය නොවනු මැනවි, මම කපු කැටීමට ලොම් සකස් කිරීමට දක්ෂ වෙමි. ඔබ මිය ගියහොත් දරුවන් රැක බලාගෙන ජීවිතය ගෙන යෑමට මට හැකි වනු ඇත. මම වෙනත් සැමියෙක් නොපතමි. බුදුරදුන් හා සඟුන් පිදීමට ඔබ ජීවත්ව සිටින කාලයට වඩා උනන්දුවෙන් යන්නෙමි” මෙසේ ප්‍රකාශ කරන ලද කාන්තාව නම්,

1. නකුල මාතාවය
2. විශාඛා සිටුදේවිය
3. මල්ලිකා දේවිය ය
4. සෝමා දේවිය ය
5. සුමනා දේවිය ය

08) බුදු දහමින් වනිතාවට ආගමික සාමාජයීය වරප්‍රසාද ලබා දුන්නා මෙන්ම විවිධ තනතුරුද ලබා දුන්නාය. පළමුව තෙරුවන් සරණ ගිය කාන්තාවන් අතුරින් අග්‍රස්ථානය හිමි කර ගත්තේ,

1. ඛුජ්ජුත්තරාය
2 සුමනාය
3. සුජාතාය
4. සාමාවතීය
5. සුප්පියාය

09) ආජීව සම්ප්‍රදායේ නායකයා ලෙස සලකනු ලබන ශාස්තෘවරයා මින් කවරෙක්ද?

1. පූර්ණ කස්සප තුමාය
2. අජිත කේස කම්බල තුමාය
3. සංජය බෙල්ලට්ඨි පුත්ත තුමාය
4. මක්ඛලී ගෝසාල තුමාය
5. බුදුරජාණන් වහන්සේය.

10) ලෝකයේ හට ගැනීම, සත්වයාගේ හටගැනීම, සත්වයාගේ පැවැත්ම සත්වයාගේ දියුණුව පිරිහීම සියල්ල සිදුවන්නේ පූර්ණ කාලීන කිසියම් බලවේගයකිනි. යනුවෙන් ඉගැන්වූ ශාස්තෘවරයා නම්,

1. ජෛන මහාවීර තුමාය
2. මක්ඛලී ගෝසාල තුමාය
3. නබිනායක තුමාය
4. සංජය බෙල්ලට්ඨිපුත්ත තුමාය
5. බුදුරජාණන් වහන්සේය.

11) බුදුරජාණන් වහන්සේ සමඟ වාද විවාද කළ සෝණදණ්ඩ බ්‍රාහ්මණයා

1. චම්පා නගර වැසියෙකි
2. අංග නගර වැසියෙකි
3. අස්සක පුර නගර වැසියෙකි
4. උග්ගපුර වැසියෙකි
5. කජංගල නගර වැසියෙකි

12) චත්තාරො ආනන්ද ථූපාරහෝ...

යනුවෙන් ස්තූප සෑදීමට සුදුසු හතර දෙනෙක් පිළිබඳව කරුණු සඳහන්වන සූත්‍ර දේශනාව මින් කුමක්ද?

1.චුල්ලහත්ථි පදෝපම සූත්‍රය
2. අනවතද්ද සූත්‍රය
3. කරණීය මෙත්ත සූත්‍රය
4. මහා පරිනිබ්බාන සූත්‍රය
5. දේවදුත සූත්‍රය

13) බුද්ධඝෝෂ හිමියන් ලංකාවට පැමිණ වාසය කරන ලද්දේ මින් කුමන විහාරයේද?

1. මහා විහාරයේය
2. අභයගිරි විහාරයේ ය
3. ජේතවන විහාරයේය
4. වෙස්සගිරි විහාරයේ ය
5. මිහින්තලය විහාරයේ ය

14) ක්‍රි.ව 11වන සියවසේදී ලංකාව පාලනය කළේ මහා විජයබාහු රජතුමාය. එකල බුරුමය පාලනය කරන ලද්දේ අනුරුද්ධ රජතුමාය. විජයබා රජු අනුරුද්ධ රජුට තෑගි ලෙස යවන ලද්දේ,

1. දළඳා අනුරුවක් ය
2. ඇත් කැටයමක් ය
3. භික්ෂූන් වහන්සේලා තිස්නමක් ය
4. රන් කරඬුවක් ය
5. බෝධි වෘක්ෂයේ අනුරුවක් ය.

15) ප්‍රාග් බෞද්ධ ඇදහිලි අතර නාත් වන්දනාව හා සින්තෝ වන්දනාව අදහන ලදදේ කිනම් වැසියන්ද?

1. තායිලන්ත වැසියෝ හා බුරුම වැසියෝය.
2. බුරුම වැසියෝ හා චීන වැසියෝය.
3. තායිලන්ත වැසියෝ හා චීන වැසියෝය
4. බුරුම වැසියෝ හා ජපන් වැසියෝය
5. ජපන් වැසියෝ හා තායිලන්ත වැසියෝය


පසුගිය සතියෙන්:  අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016 - ආදර්ශ ප්‍රශ්නෝත්තර: බෞද්ධ ශිෂ්ටාචාරය

 

 මැදින් අමාවක පෝය

අපේ‍්‍රල් 06 වනදා බදාදා අපර භාග 08.36 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 07 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

 


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]