UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කළ හැකි නොහැකි දේ ගැන දැනුම්වත් වෙමු...

කළ හැකි නොහැකි දේ ගැන දැනුම්වත් වෙමු...

මෙම ලිපියෙහි පළමු කොටස නවම් අව අටවක පෝදා පත්‍රයේ පළ විය

මළගෙදරක දී පෙරළි පෙරළී වැළපෙමින් බොහෝ විට හඬනු ලබන්නේ නූගත් මිනිිසුන් සිටින විට බව අප අවබෝධ කර ගත යුතුයි. දැන උගත් අවබෝධයක් සහිත පුද්ගලයකුගේ නිවසක් තුළ මළ ගෙදරක් වුවහොත් එවැනි වැළපීමක් දක්නට ලැබෙන්නේ නැත.

එවැනි තත්වයක් ඔවුන් තුළ දක්නට නොලැබෙන්නේ දැනුම අවබෝධය වැඩි නිසාම, එම මරණය පිළිබඳව අදහසක් තිබෙන නිසයි. මරණය පිළිබඳව දැනුම තිබෙන පුද්ගලයා කෑ ගසමින් විලාප දෙමින් අඬා වැළපෙන්නේ නැත. මරණය පිළිබඳව දැනුම තිබෙන පුද්ගලයා මැරුණ පුද්ගලයා සමඟ ගැටීමට යන්නේ නැත. කවුරු හෝ පුද්ගලයකු තමන්ගේ සමීපතමයකු මරණයට පත්කරනු ලැබුව හොත් දැනුමක් සහිත පුද්ගලයා භෞතිකව ගැටීමකට යන්නේ නැත. ඔහු ඒ සඳහා නීතිය තුළ ක්‍රියාත්මක වුවද, ගැටුමකට යන්නේ නැත.

දැනුමක් සහිත බුද්ධිමත් පුද්ගලයන් ප්‍රශ්නයක් තුළදී හැසිරෙන ආකාරය සහ දැනුම බුද්ධිය නැති අය ප්‍රශ්නයකදී හැසිරෙන ආකාරය වෙනස් ස්වරූපයක් ගනී. පුද්ගලික බස් රථයක්, තවත් වාහනයක් සමඟ ගැටුන අවස්ථාවකදී මෙම තත්වය හොඳින් අවබෝධ කරගත හැකියි. දැනුවත් මිනිසුන් හැසිරෙන ආකාරයත්, නොදැනුවත් මිනිසුන් හැසිරෙන ආකාරයත් අතර විශාල වෙනසක් ඇති අතර ඒ ඒ අවස්ථාවන්වලදී ඔවුන්ගේ හැසීරීම් රටාව සම්පූර්ණයෙන් වෙනස්ය.

එනිසාම ගිහියන් වන ඔබ සැම විටම සැම අවස්ථාවකදීම අලුත් දැනුමක්, අලුත් බුද්ධියක් අවබෝධයක් වර්ධනය කරගැනීම සඳහා ඇප කැප විය යුතුය. ඉස්සර මිනිසුන් එම දැනුම වර්ධනය කරගැනීම සඳහා හොඳට බණ දහම් අසනු ලැබුවා. වර්තමාන සමාජය තුළ බණ දහම් ඇසීමට අමතරව ගිහියන් සඳහා අන්තර්ජාල පහසුකම් තුළින්ද, පත්තර, සඟරා, පුවත් පත් තුළින්ද හොඳ පොත පත පරිශීලනය කිරීමෙන්ද දැනුම වර්ධනය කරගත හැකියි. ස්වාමීන් වහන්සේලාගෙන් බණ දහම් ඉගෙන ගන්නවා වගේම ගිහි විෂයයන් පිළිබඳව දැනුවත් ඇති පිරිසකගේ දේශනාවලට හොඳින් ඇහුම් කම් දිය යුතුයි. ගිහි විෂයන් පිළිබඳව ලෞකික විෂයයන් පිළිබඳව හොඳ දැනුමක් තිබෙන පිරිසගේ දේශනා නිතර නිතර පැවැත්විය යුතු වාසේම ඒ සඳහා ඔබලාද වැඩි වශයෙන් සහභාගි විය යුතුයි.

ගිහිකම පිළිබඳව ස්වාමීන් වහන්සේලා තුළ පවතිනුයේ පූර්ණ අවබෝධයක් රහිත අත්දැකීමක් නොමැති අදහස් පමණි. එම නිසා ස්වාමීන් වහන්සේලා තුළ ගිහි ජීවිතය පිළිබඳව පූර්ණ ප්‍රත්‍යක්ෂ ඤාණයක් නැත. බිරිඳගේ කටයුතුවලදී සැමියා මෙවැනි ආකාරයෙන් ඉවසිය යුතු යැයි කියා සැමියාට කියනවාට වඩා, සැමියාගේ කටයුතුවලදී බිරිඳ මෙවැනි ආකාරයෙන් ඉවසිය යුතු යැයි බිරිඳට කියනවාට වඩා නිවැරැදිව ගිහි ජීවිතය ගත කරන දැනුමෙන් අවබෝධයෙන් යුතු ගිහියකු තුළින් එම අවබෝධය ඔබට ලබාගත හැකියි. ගිහි ජීවිතය තුළ සාර්ථක ගිහියකු වීමට නම් , සම්මුති සත්‍යයට අදාළ වන යහපත් මූලාශ්‍ර තුළින් දැනුම ලබාගත්තාය කියා කිසිදු වරදක් සිදුවන්නේ නැත. ගිහිකම තුළ රැඳෙන ගමන් අධ්‍යාත්මික පැත්ත පමණක් මනසට ඇතුලු කරගන්නවා මිස භෞතික දේ පිළිබදව දැනුමක් ලබාගන්නේ නැත.

ඒතුළ අවුල් සහගත බව තවත් වැඩි වේ. ඔබ තාක්ෂණ මෙවලමක් පරිහරණය කරනවා නම්, එය ට අදාළ වන බහුශ්‍රැත බව තිබිය යුතුය. අවම වශයෙන් ඒ පිළිබඳව පවතින උපදෙස් පත්‍රිකාවවත් කියවා අවබෝධයක් ලබාගත යුතුයි. වාහනයක් පදවනවා නම්, එම වාහනය පිළිබඳව ඔහුට දැනුමක් තිබිය යුතුයි. එම දැනුම නැති පුද්ගලයන් වාහන පැදවුවහොත් විශාල ගැටළු රාශියක් පැන නගී.

මඟියා කවුද යන්න පිළිබඳව මඟියාම දැනුවත් විය යුතුය. මගියා සතු විය යුතු අයිතිවාසිකම් මොනවාද මගියාට බලපෑම් කළ හැකි සීමාව කුමක්ද යන්න පිළිබඳව මගියා දැනුවත් විය යුතුය. දැනුවත් මිනිසුන් සිටින සමාජයක් තුළ හදි්සි අනතුරකදී බස් ගිනි තැබීමට පවා පෙළඹෙන්නේ නැත.හදි්සි අනතුරක් සිදුවුවහොත් එම බසය තුළ සිටි පිරිස එක්කාසු වී බසය ගිනි තැබීමට පෙළඹෙයි. බසය තුළ ඔවුන් විඳපු වද වේදනා පිළිබඳව මගීන් තුළ පවතිනු ලබන්නේ වෛරයකි. මගියකුට තිබෙන අයිතීන් පිළිබඳව නොදැනුවත් කම නිසා කොන්දොස්තර මහතාගේ හිරිහැරවලට ලක්වේ.මගියාට මගියාගේ අයිතීන් පිළිඳව නොදන්නාකම නිසා එම අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය නොහැකිය. කොන්දොස්තර මහතාද මගියාට තිබෙන අයිතිවාසිකම් දන්නේ නැත.

මිනිසුන් නීතිය අතට ගැනීම් සිදුවන අවස්ථා ඇත. ඔවුන් දැනුවත් නම් නිතිය අතට ගැනීමට උත්සාහ කරන්නේ නැත.

යමෙකු සොරකම් කර අසුවූවිට මිනිසුන් එක්කාසු වී ඔහුට පහර දෙනු ලබයි. ඔහුට අනෙකාගේ දේ සොරකම් කිරීමට අයිතියක් නැතිවා සේම ඔහු සොරකම් කළා කියමින් ඔහුට පහර දීමටද අපට අයිතියක් නැති බව අප දැනගත යුතුයි. ඔහුට දඬුවම් දීමට අයිතියක් අපට නැති බව අප වටහාගත යුතු කරුණක් වේ. නීතිය අතට ගැනීමට ජනතාව පෙළඹිය යුතු නැත. ජනතාව විසින් නීතිය අතට ගෙන ක්‍රියාත්මක වුවහොත් ජනතාවට ජීවත්වීමට තිබෙන අයිතිය පවා අහිමි වී යයි. මේ රට තුළ අප සැම දෙනාම සැනසිල්ලේ ජීවත් විය යුතුය.

බස් රථය ගමන් කරන වේගය අඩුවන විට බසය තුළ සිටින අපට කේන්තියක් පැමිණෙනවා වගේම ඔහු වේගයෙන් ගොස් කවුරු හෝ පුද්ගලයකු යටකරගෙන ගිය විට ඔහුට පහර දීමට බසය ගිනි තැබීමට පවා අප පෙළඹෙනවා ඇත. එසේ නම්, අප කෙතරම් නපුරුයිද අප අහිංසකද ඔබම සිතා බලන්න. එම නිසා සැම විටම ඔබ තුළ දැනුම වැඩිකර ගත යුතුයි.

නීතිය අතට ගැනීමට අපට අයිතියක් නැත. සොරකුට හෝ පොල්ලකින් පහරදීම අනුමත කළ නොහැකිය. දඩුවම් කළ යුත්තේ කුමන ආකාරයෙන්ද යන්න පොලිසිය අධිකරණය තීරණය කරනවා මිස එය අප කළ යුතු දෙයක් නොවේ.අපගේ නිවසට හොරකු පැමිණි විට ඔහු අල්වා පොලිසියට බාරදීම පමණක් කළ යුතු බවට අප තුළ දැනුම තිබිය යුතුයි. එසේ නොවුන හොත් මිනිසුන් සොරු අල්වා ගන්නවා සේම මිනිසුන් යුක්තිය පසිඳලන්නට ද පෙළෙඹෙනු ඇත.

අඩුම වශයෙන් පඨවි , ආපෝ ,තේජෝ, වායෝ පිළිබඳව දැනුවත් වීමට පෙර සම්මුති ජීවිතය තුළ ජීවත්වන ආකාරය පිළිබඳව දැනුමක් ලබා ගත යුතුය. සම්මුති ජීවිතය තුළ තමාට කළ හැකි, කළ නොහැකි, දේ පිළිබ ඳව හා යමක් කළහොත් හානියක් වන ආකාරයත් නොකළහොත් හානියක් නොවන ආකාරයත් පිළිබඳව දැනුවත් නම්, පුද්ගලයන් යහපත්ව ජීවත් වේ. එම බහුශ්‍රැත බව ගිහියාට අත්‍යවශ්‍ය කාරණාවක් වේ.

ඉතිරි කොටස මැදින් පුර අටවක පෝදා (15)පත්‍රයේ පළ වේ

 

 නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 08 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.34 ට ලබයි. 9 වනදා බදාදා පූර්ව භාග 07.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 08 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 15 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]