UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වතුරුවිල ආරණ්‍යය සේනාසනය

ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙළන

වතුරුවිල ආරණ්‍යය සේනාසනය

වනවාසී භික්ෂු ප්‍රතිපදාවට පුනර්ජීවයක් ලබාදෙමින් වනවාසී භික්ෂූන් වහන්සේලාගේ උන්නතිය වෙනුවෙන් අනූපමේය සේවයක් සිදුකොට වදාළ ස්‍යාමෝපාලි වනවාස නිකායේ වතුරුවිල සහ මදුනාගල ආදී ලක්දිව ආරණ්‍යය සෙනසුන් රැසක නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය වතුරුවිල ශ්‍රී ඤාණානන්දාභිධාන වනවාස ප්‍රථම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1942 වසරේ කලුගල ආරණ්‍යය සෙනසුනෙන් වන ගත ජීවිතය ආරම්භකර 1946 වසරේ ඓතිහාසික මදුනාගල මහා ආරණ්‍යය සේනාසනයටත්, 1953 වතුරුවිල ආරණ්‍යය සේනාසනයට වැඩම කර වනවාසී භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදාව, වනවාස භික්ෂු අධ්‍යාපනය, වනවාස භික්ෂූන් වහන්සේලාගේ පරිපාලන කටයුතු සිදු කරන ස්ථානය බවට පත් කරන ලදී. එම පුණ්‍ය භූමිය අද වන විට විශාල ශාසනික සේවාවක කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. වතුරුවිල වනවාස මහානායක හිමිපාණන් වහන්සේගේ ශාසනික මෙහෙවරෙහි තිබූ තවත් බලාපොරොත්තුවක් වශයෙන් ආරණ්‍යය මධ්‍යස්ථානයේ චෛත්‍යය රාජයාණන් අභියස ගල් පර්වතයෙහි ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කිරීම යැයි කිව හැකි ය.

ඉතිරිය»

 

 නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 08 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.34 ට ලබයි. 9 වනදා බදාදා පූර්ව භාග 07.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 08 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 15 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]