|
ජෙන්තා මහරහත් තෙරණින් වහන්සේ
මොරගොල්ලාගම
උපසමා සිල්මාතාව
සංසාර සාගරයට හසුවූ සියලු සත්ත්වයෝ අනන්ත අප්‍රමාණ දුක්විඳිති. සසරෙහි බියදැක ලැබූ
මිනිස් ජීවිතයේ දී කුසල් දහම් සම්පූර්ණ කොට සියලු පාරමී දහම් සපුරා සසරින් එතෙර වූ
උත්තමයෝ කෙතරම් වීර්යවන්ත වන්නට ඇතිද පෘථග්ජන සත්ත්වයෝ සිතේ අකුසල චෛතසිකයන්
නිසාවෙන් බොහෝ සෙයින් අකුසල ක්‍රියාකාරකම් සිදුකරනවිටදී විරාගි සිතක්, ක්ලේශයන්ගෙන්
වියුක්ත වූ සිතක්, නිරාමිසභාවයට පත් වූ සිතක් කෙතරම් අපූරුද
පිපාසය, තරහව වේදනාව, මානය, ඊර්ෂ්‍යාව, උඩඟුබව වැනි ළාමක අදහස්වලට යටත්ව පෘථග්ජන
සිත වෙහෙසකාරීව හැසිරෙන්නාවූ මොහොතක කාමච්ඡන්ද, ව්‍යාපාද, විචිකිච්ඡා, උද්ධච්ච
කුක්කුච්ච ආදී නිවන ආවරණය කරන්නාවූ ධර්මයන්ට තම සිත වසඟ වන්නට ඉඩ නොදී සසර දුකින්
අතමිදුනු ගෞතම සම්බුදු සසුනේ ශ්‍රමණකෘත්‍යය ඉටුකොට වදාළ ජෙන්තා මහරහත් තෙරණිය
පිළිබඳව සිත පහදවා ගනිමු. උන්වහන්සේගේ උදාන පාඨයෙහි අංශුමාත්‍රයකුදු අපේ ජීවිතයට
ගළපා ගනිමු.
බන්ධුමතී නුවර ක්ෂත්‍රියකුගේ බිරිඳක බවට පදුමුත්තර බුදුහිමි සමයේ දී මෝ තොමෝ උපත
ලද්දෝය. සියලු යසඉසුරු සම්පතින් යුක්තව වාසය කරන ඇයට තම ජීවිතය පිළිබඳව සිතුවිල්ලක්
පහළ විය. ‘මගේ ගමන යනවිට ගෙනයාමට මා විසින් කිසිදු කුසලයක් කරගෙන නැත.” මෙසේ කුසල්
දහම්හි නොඇලී වාසය කරන කල්හි ඝෝර වූ අතිශය භයානක වූ නිරයෙහි ඒකාන්තයෙන්ම ඉපිද
දුක්විඳිති. මෙසේ සිතා මනස පහන්කොට රජුවෙත එළඹ දන්දීම උදෙසා භික්ෂුවක ඉල්ලා
සිටියාය. සිල්වත් වූ සන්සුන් ඉඳුරන් ඇත්තාවූ භික්ෂුවක දන් පිළිගැන්වීමට අවස්ථාව
උදාකර දුන්නේ ය. ශ්‍රද්ධා සිත් ඇත්තාවූ ඇය ඉතා ගෞරවයෙන් යුක්තව සිත පහදවාගෙන දාන
වස්තුව පූජා කළා ය.
මෙසේ කුසල් සිතින් කළ පින්කම්වලින් අනන්ත සැපවිඳීම උදෙසා දෙව්ලොව උපත ලැබුවා ය.
දිව්‍යලෝක සම්පත් වින්දනය කළ ඕතොමෝ අප ගෞතම බුදුපියාණන් වහන්සේ පහළ වූ සමයේ දී
විශාලා මහනුවර ලිච්ඡවි කුලයෙහි උපන්නාය. පසුව ගිහිගෙහි කලකිරි සසුන්ගත වූවාය.
ප්‍රවෘජ්‍යා භූමියට පත්වුවද රූප මදයෙන් මත්ව සිටි ජෙන්තාවෝ බුදුරජාණන් වහන්සේ රූපයේ
දොස් දක්වමින් දහම් දෙසතියි අසා තථාගතයන් වහන්සේ වෙතින් සද්ධර්මය ඇසීමට තබා
බුදුරජාණන් වහන්සේ දැකීමටවත් නොගියාය. පසු කලෙක ගිහිගෙයින් කිලකිරුණු, පැවිදි
ජීවිතයට එළඹ කයෙහි ස්වභාවය මැනවින් වටහාගෙන දසබලධාරී බුදුරජාණන් වහන්සේ වෙත ගොස්
සද්ධර්මය ශ්‍රවණයකොට රාගාදී සකල ක්ලේශයන් ප්‍රහාණය කොට මහරහත් උත්තම භූමියේ
ස්පර්ශලාභය ජෙන්තා මහරහත් තෙරණියෝ ලැබූසේක.
රාග, ද්වේශ, මෝහාදී සකල ක්ලේශයන්ගෙන් මිදීම හේතුවෙන් විඳින්නාවූ නිරාමිස පී‍්‍රති
සුඛය ඕතොමෝගේ මුවින් ගලා ආවේ අපූර්ව ආකාරයෙනි.
“යො ඉමෙ සත්තබොජ්ඣංගා
මග්ගා නිබ්බානපත්තියා
භාවිතා තෙ මයා සබ්බෙ
යථා බුද්ධෙන දෙසිතා”
නිවන් පැමිණෙනු පිණිස මාර්ගය වූ සප්ත බොජ්ඣංග ධර්මයෝ බුදුරජාණන් වහන්සේ විසින්
දේශනා කොට වදාළ අයුරින්ම අවබෝධ කරනු ලැබුවේ.
“දිට්ඨොහි මෙසො භගවා
අන්තිමොයං සමුස්සයො
ක්ඛිණෙ ජාතිසංසාරො
නක්ථිදානි පුනබ්භවො”
“මම ඒ භාග්‍යවතුන් වහන්සේ දිටිමි. මේ මාගේ අන්තිම ශරීරයයි. සසරෙහි ඉපදීම
නැවැත්විණ.නැවත මට උපතක් නොමැත.”
රූප මදයෙන් මත්ව වාසය කළා වූ ජෙන්තා තෙරණියෝ නැවත සසරෙහි නූූපදින්නාහුය.
භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාරණ ලද්දා වූ සප්ත බොජ්ඣංග ධර්මයන් මැනවින් වැඩූ ආකාරය
සිහිගන්වනුයේ ඉමහත් විරාගී සිතකිනි. නිරාමිස පී‍්‍රතියකිනි. ශාස්තෘ ගෞරවයෙනි.
නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහය වශයෙන් බොජ්ඣංග ධර්මයෝ හඳුන්වති. නිවන් දොරට
අවුරාලන පංචනීවරණ ධර්මයන් දුරුකොට ප්‍රත්‍යක්ෂ ඥානය ලැබීමට උපකාරීවීම මෙම බෝධි
අංගයන්හි ස්වභාවයයි. නිර්වාණය අවබෝධ කිරීම පිණිස පවතින බොජ්ඣංග ධර්ම වැඩීම තුළින්
භික්ෂුවගේ සිත කාමාශ්‍රව, භවාශ්‍රව හා අවිද්‍යාශ්‍රව යන ආශ්‍රම ධර්මයන්ගෙන් මිදුණු
බවත්, එම ඥානය තමා විසින් ප්‍රත්‍යක්ෂ කරන ලද බවත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ
සේක.
බුදුපියාණන් වහන්සේ නිරතුරුව පෙන්වා වදාළේ, මහණෙනි, වඩන ලද්දාවූ, නැවත නැවත වඩන
ලද්දා වූ මේ බොජ්ඣංගයෝ සත්දෙන සංසාරය නමැති මෙතෙරින් නිවන නමැති පරතෙරට යාම පිණිස
පවත්නාහුය. සති සම්බොජ්ඣංගය, ධම්ම විචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති
සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපේක්ඛා සම්බොජ්ඣංගය යන
බොජ්ඣංග ධර්මයෝය. මහණෙනි, වඩන ලද්දා වූ නැවත නැවත වඩන ලද්දා වූ මේ බොජ්ඣංගයෝ සත්දෙන
සංසාරය නමැති මෙතරින් නිවන නමැති පරතෙරට යාම පිණිස පවත්නාහ.”
පුද්ගල සන්තාන චිත්ත පරම්පරාව අකුසලයට බරවන්නට ඉඩනොදී, කාය, වේදනා, චිත්ත, ධම්ම යන
අරමුණු සිතට මතුකරදී එහි සිත පිහිටුවීම, කුසල පැත්තෙහි යොමුකරවීම සති සම්බොජ්ඣංගය
සිදුකරනු ලබයි. සත්ව, පුද්ගල, ආත්ම වශයෙන් පෙනී සිටින රූප, අරූප ධර්ම එම ප්‍රඥප්තිය
බිඳහැර ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන්ද, යථා ස්වභාවය වූ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදී ලෙස
නොයෙක් ආකාරයෙන් පිරිසිඳ දැනීම හා දැකීමට සමත් තියුණු නුවණ ධම්මවිචය සම්බොජ්ඣංගයයි.
අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කරගන්නා තුරු සිත ඉදිරියට යවන්නාවූ අනුබල දෙන්නාවූ බලවත්
වීර්යය වීර්යය සම්බොජ්ඣංගයයි. ධ්‍යාන හෝ මාර්ගඵල ලැබීම උදෙසා දිගු කාලයක් පවත්වනු
ලබන පී‍්‍රතිය පී‍්‍රති සම්බොජ්ඣංගයයි. කයෙහි සහ මනසෙහි උපදවන වෙහෙස දුරුකොට සහනය
ලබාදීම පස්සද්ධි සම්බොජ්ඣංගයයි. සිත නොයෙක් අරමුණු කරා යා නොදී එක අරමුණක සමාධි
සම්බොජ්ඣංගයෙන් පිහිටවනු ලබයි. වීර්යය වඩන සිත අලස බවට පත්වීමට ඉඩ නොදී සැලෙන්නට
නොදී සමව පවත්වා ගැනීම සිදුකරනුයේ උපේක්ඛා සම්බොජ්ඣංගය තුළිනි. මෙසේ වූ බොජ්ඣංග
ධර්ම වැඩීම තුළින් සංසාරයෙන් අතමිදී නිවුණු සැනසෙනු උත්තමයකු වීමේ සත්‍යතාවය
ඇත්තේමය. එවන් |