UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කිසිදා බිඳිය නොහැකි සෙනෙහසේ වරපට

කිසිදා බිඳිය නොහැකි සෙනෙහසේ වරපට

ඔය ශක්තිමත් කියන වරපට, ශක්තිමත්ය කියන යදම් සත්‍ය වශයෙන්ම ශක්තිමත් ඒවා නොවෙයි. මොන තරම් ශක්තිමත් වුවත් ඊට වඩා වැඩි ශක්තියකින් ඇදපු අවස්ථාවලදී හැම වරපටක්ම කැඩිල බිඳිල යනවා. නමුත් එසේ නොකැඩෙන වරපටක් තියෙනවා. එම වරපට තමයි සෙනෙහස, දයාව කියන බැමි. ගෘහ ජීවිතය තුළ අඹුදරුවන් කෙරෙහි මිනිසා ඇතිකර ගනු ලැබූ සෙනෙහසේ බැම්ම කැඩී බිඳී යන්නේ නැහැ

බුදුරජාණන් වහන්සේ වැඩ වසන සමයෙහි චුල්ල රෝහිත හා මහා රෝහිත යනුවෙන් යහළුවන් දෙදෙනකු සැවැත්නුවර ජීවත් විය. එම යහළුවන් දෙදෙනාම එකම ආකාරයේ රැකියාවන් කළ අතර කරත්තවලට බඩු පටවාගෙන ඈත දුර බැහැර ප්‍රදේශවලට ගොස් එම බඩු විකුණන ලද ආදායමෙන් ජීවත් වූ අතර වෙළෙදාම් කිරීමට වඩා වෙළෙදාමේ යෙදෙන පිරිසගේ බඩු ප්‍රවාහනය කරදීම සදහා ප්‍රවාහනය සලසාදීම වැඩි වශයෙන් කරනු ලැබුවා. මෙසේ කාලය ගතවීමත් සමඟ චුල්ල රෝහිතත්, මහා රෝහිතත් යන යහළුවන් දෙදෙනා අතර කතාබහක් ඇති වුණා. ගැල් ඇදීමෙන් මගේ කරත්තයේ බැඳසිටින ගොනා බොහොම ශක්තිමත් බවත්,කායික ශක්තියෙනුත්, මානසික ශක්තියෙනුත් බර ඉසිලීමෙනුත් මගේ ගොනා හරිම ඉදිරියෙන් සිටින බවට චුල්ල රෝහිත ගැල් කරුවා තම මිත්‍ර ගැල්කරු සමඟ ප්‍රකාශ කරනු ලැබුවා. ඒ පිළිබඳව මට හරිම සන්තෝෂයි යනුවෙන්ද පවසන අවස්ථාව තුළ මහා රෝහිතගේ සිතටද කිසියම් අමුත්තක් දැණුනා.

ඔබගේ ගොනාට වඩා මගේ ගොනා ශක්තිමත් බව මහා රෝහිත ප්‍රකාශ කරන්නට යෙදුණා. වෙර වීර්යෙනුත්, බර ඉසීලීමෙනුත්, කීකරුකමෙනුත් වැඩි ශක්තියක් මගේ ගොනා තුළ තිබෙන බවට ඔහු ප්‍රකාශ කරයි. මහා රෝහිත එසේ ප්‍රකාශ කළාට පසුව යහළුවන් දෙදෙනාම තම තමන්ගේ අදහස් මත ගැටුනා. තමන් සිතන ආකාරය තමන් කියන දෙය නිවැරැදිය යනුවෙන් සිතන මිනිස් සමාජය තුළ එම යහළුවන් දෙදෙනාද විවිධ ආකාරයෙන් වචන හුවමාරු කරගැනීමට පටන් ගත්තා. ගොන්නු දෙදෙනාගේ ශක්තිය මැනල බලමු. යනුවෙන් මිත්‍රයන් දෙදෙනා තීරණය කර එකඟතාවයට පැමිණුනා. එම තීරණයට අනුව ගැල් රැගත් ඔවුන් දෙදෙනාම අච්රවතී නදිය ලඟට ගියා. කරත්තය ගඟට බස්සවමින් ගඟේ වැලි වලින් කරත්තය පුරවාගෙන ගොනුන්ට අදින ලෙසට අණකළා. එම ගොනුන් දෙදෙනා ගෙන් වැඩි ශක්තිය තිබෙන ගොනා හඳුනාගැනීම ඔවුන්ගේ අරමුණ වුණා.

දෙදෙනාගේම ගොනුන් ශක්තිමත් බවට ප්‍රකාශ කළද වැලි පුරවාගත් කරත්ත අදින ගොනුන්ගේ වරපට දෙකට කැඩී ගොස් කරත්තය වෙන්වෙලා ගොනා වෙන්වෙලා දෙදෙනාගේම අරමුණු අසාර්ථක වුණා. එම අවස්ථාව තුළ අචිරවතී නදියට ස්නානය කිරීමට පැමිණි ස්වාමීන් වහන්සේලාට දක්නට ලැබුණා. අද සමාජය තුළත් ශක්තිමත් බවෙන් වැඩි පුද්ගලයා කවුද කියමින් ශක්තිමත් පුද්ගලයා තෝරාගැනීමට උත්සාහ කරනවා. මිසක් වැඩියෙන් යහපත් දෙයක් සමාජයට කරනු ලබන්නේ කවුද යනුවෙන් තෝරා බේරාගන්න උත්සාහ ගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපය තුළ ධර්මය දේශනා කරන අවස්ථාවේ ස්වාමීන් වහන්සේලා දවල් කාලය තුළ දක්නට ලැබුණ අත්දැකීම පැහැදිළි කරමින් සැළකර සිටියා. බුදුහාමුදුරුවනේ, ගොනුන් දෙදෙනාගෙන් වැඩි ශක්තිය තිබෙන්නේ කුමන ගොනාගේද කියා බැලීමට ගැල්කරුවන් දෙදෙනා අච්රවතී නදියට ගැල බස්සවා එම ගැලට වැලි පුරවමින් ගොනුන්ට අදින ලෙසට විධානය ලබා දුන්නා.

ගොන්නු ඇද්දත් එම අදින අවස්ථාවේ වරපට කැඩීගිය බව පැහැදිළි කළා. බුදුරජාණන් වහන්සේ එම කාරණා අසා එම භික්ෂුන් වහන්සේලාට දේශනා කරනු ලැබුවේ මහණෙනි, ඔය ශක්තිමත් කියන වරපට, ශක්තිමත්ය කියන යදම් සත්‍ය වශයෙන්ම ශක්තිමත් ඒවා නොවෙයි. මොන තරම් ශක්තිමත් වුවත් ඊට වඩා වැඩි ශක්තියකින් ඇදපු අවස්ථාවලදී හැම වරපටක්ම කැඩිල බිඳිල යනවා. නමුත් එසේ නොකැඩෙන වරපටක් තියෙනවා. එම වරපට තමයි සෙනෙහස, දයාව කියන බැමි. ගෘහ ජීවිතය තුළ අඹුදරුවන් කෙරෙහි මිනිසා ඇතිකර ගනු ලැබූ සෙනෙහසේ බැම්ම කැඩී බිඳී යන්නේ නැහැ. ඇතැම් සොර සතුරන් හිර ගෙය බිඳගෙන කඩාගෙන සෙනෙහස නමැති බැම්ම සොයාගෙන පැමිණෙයි. යනුවෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පැහැදිළි කොට වදාළ සේක.

 

 නවම් අවඅටවක පෝය

   නවම් අවඅටවක පෝය මාර්තු මස 01 වැනිදා අඟහරුවාදා අපර භාග 03.51 ට ලබයි. 02 වැනිදා, බදාදා අපරභාග 05.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 08 වැනිදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]