UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සාර්ථක ගිහියකු වීමට නම්...

සාර්ථක ගිහියකු වීමට නම්...

සම්මුති ලෝකය තුළ වැඩ කටයුතු කිරීමේදී සම්මුති ලෝකය තුළ කෙරෙන ගණුදෙනු වලදී අනෙකාගේ සිත තුවාල කරගන්නේ නැතිව සිටින ආකාරය පිළිබඳව දැනුුමක් තිබිය යුතුය. අනෙකා සමඟ රන්ඩු සරුවල් නොවී සිටීමට සිටිය යුතු ආකාරය ඉගෙන ගත යුතුවෙයි. කුඩා කල සිටම දරුවන්ට එය ඉගැන්වීමට උත්සාහ ගනු ලබන්නේ එම හේතුව නිසයි. වැඩි හිටියන් බවට පත්වුවද, සම්මුති ලෝකය තුළ තිබෙන දැනුම වැඩි ප්‍රමාණයක් අත්පත්කර ගැනීමට අප උත්සාහ කළ යුතුයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව, දැන උගත්කම වැඩි වන විට කාම රාග සහ පටිඝ මඳක් හෝ තුරන් වී යයි. අනෙකා සමඟ අප ගැටුමට යවන චෛසිකය වන පටිඝය හෙවත් දෝමනස්සය මුල්වන කාරණාව අපෙන් ක්‍රමානුකූලව හෝ බැහැර වී යනු ලබන්නේ දැනුම අවබෝධය අප තුළ වර්ධනය වීමත් සමඟයි

ගිහිජීව්ත ගත කරන ඔබ සාර්ථක ගිහියකු වීමට නම්, බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව ඔබ පළමුවෙන්ම බහුශ්‍රැත ගිහියකු විය යුතුයි. "බාහු සච්චංච" යන වචනයෙන් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනු ලැබුයේ, බහුශ්‍රැතවීම පිළිබඳවයි. බහුශ්‍රැත වීම යනු බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ඒතුලින් අදහස් වේ.

ඔබ සාර්ථක ගිහියකු වීමට නම්, ඔබට අවශ්‍ය දැනුුම සහ අවබෝධය ප්‍රාමාණික වශයෙන් ඔබ වැඩිකර ගත යුතුයි. දැනුුම සහ අවබෝධය තමාගේ ජීව්තය තුළ ප්‍රාමාණිකව වර්ධනය කර නොගත හොත් ඔහු අසාර්ථක ගිහියකු වේ. ගිහියන් වන ඔබට විශාල ලෞකික විෂයයන් පරාසයක ජීවත්වීමට හා කටයුතු කිරීමට සිදුවෙයි. එම ලෞකික විෂයන් පිළිබඳවත්, බෞද්ධයකු ලෙස ආධ්‍යාත්මික විෂය පිළිබඳවත්, දැනුුම අවබෝධය වැඩිකර ගන්නා අතරම තමන් ගෙවන්නාවූ ලෞකික ජීව්තයට අදාල වන දැනුුම සහ අවබෝධය වර්ධනය කරගැනීමට ඇප කැප විය යුතුයි. සම්පූර්ණයෙන්ම ඔබට පරමාර්ථ සත්‍ය පිළිබඳව පූර්ණ ඤාණය උපඳවා ගැනීම පමණක් ගිහිකමට ප්‍රමාණවත් වන්නේ නැත. පරමාර්ථ සත්‍ය පිළිබඳව පූර්ණ අවබෝධයක් තිබීම පැවිදි උතුමකුගේ සාර්්ථකත්වයට හේතු වුවද, ගිහියන් වන ඔබට සියයට සියයක්ම කටයුතු කිරීමට සිදුවන්නේ පරමාර්ථ සත්‍ය සමඟ නොවේ.

ගිහියකු වන ඔබ දවසේ තිබෙන්නාවූ වැඩ කටයුතුවලදී වැඩිපුර අවධානය යොමුකළ යුතුවන්නේ සම්මුති සත්‍ය පිළිබඳවයි. සම්මුති සත්‍ය යනු, අප කරන රැකියාවට අදාළ වන අපගේ දැනුම, අප පවත්වාගෙන යන විශ්වාසයන් වන සම්මුති ලෝකය තුළ අපට අම්මා කෙනෙකු සිටිනවා, සම්මුති ලෝකය තුළ අපට තාත්තා කෙනකු සිටිනවා, සම්මුති ලෝකය තුළ ගිහියකු වශයෙන් ස්වාමිපුරුෂයකුට බිරිඳක් සිටිනවා වගේම බිරිඳකටත් ස්වාමිපුරුෂයකු සිටියි. සම්මුති ලෝකය තුළ ගිහියන්ට දරුවන් සිටියි. එම සම්මුති සත්‍යය පිළිබඳව ඔබට ඉතාම නිවැරැදි දැනුමක් අවශ්‍යයයි.

සම්මුති සත්‍ය පිළිබඳව අප විසින් ලබන්නාවූ නිවැරැදි දැනුම විද්‍යාව වශයෙන් හඳුන්වනු ලබයි. නිවැරැදි සත්‍යය නිවැරැදි ව තේරුම් ගැනීමට දෑරෑ උත්සාහය සම්මුති සත්‍යය වේ. ඔවුන් පරමාර්ථ සත්‍ය පිළිබඳව පර්යේෂණයක, ගවේෂණයක නිරතවන්නේ නැත.එම සම්මුති ලෝකය වන ඇසට පෙනෙන්නාවූ භෞතික ලෝකය විද්‍යාත්මක පර්යේෂණ තුළින් විග්‍රහකර ගැනීමට උත්සාහ කර ඇත.

සම්මුති සත්‍ය පිළිබඳව ගිහියාගේ දැනුම ඉතාම නිවැරැදි වුවහොත්, එම ගිහියාට සම්මුති ලෝකය තුළ පැන නගින්නාවූ ගැටළු සඳහා පිළිතුරු සොයාගැනීම ඉතාම පහසුවෙයි. ස්වාමි භාර්යා සම්බන්ධය සම්මුති සබඳතාවක් මිස එය පරමාර්ථ වශයෙන් එවැනි දෙයක් නැත. ස්වාමියා යනු පංචස් කන්ධයක් වගේම පරමාර්ථ වශයෙන් බිරිඳ යනු ද පංචස්කන්ධයකි. රූප වේදනා සංඥා, සංස්කාර විඤ්ඤාණ එම දෙදෙනාට තිබුණත්, සම්මුති ලෝකය තුළ එම දෙදෙනාටම නෝනා සහ මහත්මයා යනුවෙන් හඳුන්වයි. නෝනා සහ මහත්මයා කියන තත්වයේ සිටීමට හැකි වුවද,රූප , වේදනා , සංඥා, සංස්කාර, ව්ඤ්ඤාණ යන පරමාර්ථ සත්‍ය තුළ සිටීමට නොහැකි යි.

සම්මුති ලෝකය තුළ වැඩ කටයුතු කිරීමේදී සම්මුති ලෝකය තුළ කෙරෙන ගණුදෙනු වලදී අනෙකාගේ සිත තුවාල කරගන්නේ නැතිව සිටින ආකාරය පිළිබඳව දැනුුමක් තිබිය යුතුය. අනෙකා සමඟ රන්ඩු සරුවල් නොවී සිටීමට සිටිය යුතු ආකාරය ඉගෙන ගත යුතුවෙයි. කුඩා කල සිටම දරුවන්ට එය ඉගැන්වීමට උත්සාහ ගනු ලබන්නේ එම හේතුව නිසයි. වැඩි හිටියන් බවට පත්වුවද, සම්මුති ලෝකය තුළ තිබෙන දැනුම වැඩි ප්‍රමාණයක් අත්පත්කර ගැනීමට අප උත්සාහ කළ යුතුයි.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව, දැන උගත්කම වැඩි වන විට කාම රාග සහ පටිඝ මඳක් හෝ තුරන් වී යයි. අනෙකා සමඟ අප ගැටුමට යවන චෛසිකය වන පටිඝය හෙවත් දෝමනස්සය මුල්වන කාරණාව අපෙන් ක්‍රමාණුකූලව හෝ බැහැර වී යනු ලබන්නේ දැනුම අවබෝධය අප තුළ වර්ධනය වීමත් සමඟයි. කේන්ති ගන්නා පුද්ගලයන් බුද්ධිමතුන් නොවන පිරිසක් ලෙසද ඔවුන් මෝඩ අය ලෙසද හඳුන්වනු ලබන්නේ එනිසයි. එයා හරි මෝඩයි.

එයාට හරිම ඉක්මනට කේන්ති යනවා යනුවෙන් ප්‍රකාශ කරනු ලබන්නේ එවැනි අවස්ථාවන් තුළයි. අප තුළ පවතින දැනුම , අවබෝධය යම් යම් කාරණා සම්බන්ධව වර්ධනය වීමත් සමඟ අප තුළ කේන්තිය අඩු වෙනවා වගේම දැනුම වැඩි වෙන්න වැඩිවෙන්න අප තුළ හට ගන්නා වූ දුක අඩුවෙයි.

මානසිකව හදාගනු ලැබූ දේ සමඟ ඇතිකරගෙන තිබෙන්නාවූ ආසාවන් අඩුවී යයි. අප තුළ දැනුම අවබෝධය වැඩිවෙන්න වැඩි වෙන්න අප ජීවිතවලට බලපානු ලබන්නාවූ ප්‍රශ්න අඩු වී යයි. කවුරුන් හෝ මිය ගිය පසු, එම මරණය සමඟ ගැටෙන්නේ නැතිව එය දරාගැනීම සඳහා අපට උපකාර වනුයේ දැන උගත් කමයි.

ඉතිරි කොටස මාර්තු 08 නවම් අමාවක පෝදා පත්‍රයේ පළවේ

 

 නවම් අවඅටවක පෝය

   නවම් අවඅටවක පෝය මාර්තු මස 01 වැනිදා අඟහරුවාදා අපර භාග 03.51 ට ලබයි. 02 වැනිදා, බදාදා අපරභාග 05.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 08 වැනිදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]