UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කරන්දෙණිය උණගස්වෙල සිරි පියතිස්ස දහම් පාසල

කරන්දෙණිය උණගස්වෙල සිරි පියතිස්ස දහම් පාසල

කරන්දෙණිය උණගස්වෙල සිරි නිවේසාරාම විහාරස්ථානය හා සබැඳි සිරි පියතිස්ස දහම් පාසල ගාලු දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් 37 කින් ප්‍රධාන තැනක් ගන්නා දහම් පියසකි. ඉතා මනරම් උස් බිමක පිහිටා ඇති මෙම දහම් නිකේතනය කරන්දෙණිය පළාතටම ආලෝකයකි.

වසර 86ක් පමණ පැරැණි මෙම වෙහෙර බිම ඉතිහාසය දක්වන පරිදි මුල්ම හිමියන් වැඩ සිට ඇත්තේ පියදිගම සිරි පියතිස්ස නාහිමිපාණන් වහන්සේය. ඉන්පසු උණගස්වෙල පියනන්ද හිමියන්ද බලපිටියේ නන්දතිස්ස හිමියන්ද මෙහි වැඩසිට ඇති අතර මෙම දහම් පාසල අද තිබෙන ශීඝ්‍ර ප්‍රගතියට හේතුවක් වූයේ වර්තමාන විහාරාධිපති පිටිගල ධම්ම විනීත හිමියන්ගේ කැපවීම හා දහම් පාසල වෙනුවෙන් කළ උදාර සේවය නිසාය. 2015 දී දහම් පාසල් අවසාන විභාගය සඳහා ළමයින් 19 දෙනෙකු ඉදිරිපත් කරමින් නොබිඳෙන වාර්තාවක් තබන්නේ ද ඉහත දැක්වෙන කරුණු ඔප්පු කිරීමක් වශයෙනි. සිරි පියතිස්ස දහම් පාසලට ආභරණයක් බඳු සිසු සිසුවියන් 24 දෙනෙකුගෙන් සමන්විත ශිෂ්‍ය නායක මඬුල්ල ද දහම් පාසල් දෛනික කටයුතු වලට උර දෙන්නේ අනාගතයේ බිහිවන අභිමානවත් නායකයන් පරපුරක් ලෙසින්ය.

වර්තමානයේ දහම් පාසල තුළ ධර්මාවබෝධය ලබාදීම සඳහා නා හිමියන්ට අමතරව පිටිගල සිරිධම්ම හිමියන්ද, නීරම්මුල්ලේ ඥානවිජය හිමියන්ද, කලවානේ ධම්මසුත හිමියන්ද, අමුගොඩ ධම්මජීව යන හිමිවරුන්ගෙන් ලැබෙන සේවය ගරුකටයුතුය. මීට අමතරව ගිහි ධර්මාචාර්යවරුන් හා ගුරුතුමියන්ගෙන් හා ගුරු මෙනෙවියන් 24 දෙදෙනකුගේ වටිනා කාලය ඉරු දිනයේ කැප කරන්නේ ද තම ප්‍රදේශයේ දූ දරුවන්ගේ දහම් දැනුම නැංවීම අරමුණුකරගෙන බව මෙහිදී සඳහන් කළ යුතු ය.

කරන්දෙණිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් 37 කින් 2015 වර්ෂයේ මෙම දහම් පාසල 6 වන තැන හිමි කරගෙන ඇති අතර දිස්ත්‍රික් තරග සඳහා ද සුදුසුකම් සපුරා ඇත.

මෙවැනි වේගවත් දියුණුවක් කරා යෑම සඳහා නා හිමියන්ට මහඟු අත්වැලක් වූයේ ද මෙම දහම් පාසල සඳහා අමිල සේවයක් කරන ගුරු පිරිසය.

දහම් අධ්‍යාපනයෙන් පමණක් නොනැවතී බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් දරුවන් යොමු කිරීම සඳහා සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන ගිලන්පස බුද්ධ පූජා පින්කම්ද, සෑම පොහෝ දිනකම දායක දායිකා පින්වතුන් හා දහම් පාසල් දරුවන් සහභාගි වන සීල සමාදාන පින්කම් ද, ගැබිනි මාතාවන් සඳහා පැවැත්වෙන මාතෘ සායන වැඩසටහන් ද දිවයිනේ දිළිඳු ගම්මාන තෝරා එහි වෙසෙන දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන පොත්පත් හා අනෙකුත් ද්‍රව්‍ය බෙදා දීමේ සත්කාරක වැඩසටහන්ද පිටිගල ධම්මවිනීත හිමියන්ගේ උදාර අධීක්ෂණය යටතේ ඉතා සාර්ථකව සිදුකරගෙන යන අනෙකුත් වැඩසටහන් ය.

ගුණ ගරුක පිරිපුන් දරු කැළක් සමාජයට බිහි කිරීම සඳහා දහම් පාසල් සංවර්ධන සමිතියද කරන සත්කාරය මෙහිදී සඳහන් කළ යුතු ය. දේශීය අනන්‍යතාවයට මුල්තැන දෙමින් වාර්ෂිකව පවත්වනු ලබන සිසු කුසලතා සහතික හා ත්‍යාග ප්‍රදානෝත්සවයද ඊට සමගාමීව සංවිධානය කරනු ලබන අවුරුදු උත්සවයද පවත්වනු ලබන්නේ සියලුම මව්පිය සහභාගීත්වයෙනි.


ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය නායක නායිකාවන්


ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු ශිෂ්‍ය නායක මඩුල්ල


දහම් පාසලේ සිසු සිසුවියන් පිරිසක් භාවනා වැඩසටහනක නියැළෙන අයුරු.

 

 නවම් අවඅටවක පෝය

   නවම් අවඅටවක පෝය මාර්තු මස 01 වැනිදා අඟහරුවාදා අපර භාග 03.51 ට ලබයි. 02 වැනිදා, බදාදා අපරභාග 05.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 08 වැනිදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]