UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු පුර අටවක 2016.01.16

සතර පොහොය

පුරාණයේ විසූ දැහැමි මනුෂ්‍යයෝ දිනපතාම මෙලොව සුබ සිද්ධිය සඳහා ම කටයුතුවල පමණක් නොයෙදී සතියකට වරක් පරලොව යහපත සඳහා ආගමික ක්‍රියාවන්හි නිරත වූහ.

ශාන්තිනායක ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ලොව පහළ වී එදා බරණැස ඉසිපතන මිගදායේ දී ප්‍රථම ධර්ම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පස්වග තවුසන් වෙත දේශනා කර වදාළ සේක. එතැන් පටන් භික්ෂූන් වහන්සේ ධර්ම දේශනා සිදු කිරීමටත්, උපාසක උපාසිකාවන් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමත්, භික්ෂූන් වහන්සේ හමුවීම සඳහා විහාරස්ථානයට යෑමත් ආරම්භ විය. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේම ආරම්භ වූ සද්ක්‍රියානම්, පන්සල් යෑම, ධර්ම ශ්‍රවණය කිරීම, සිල් සමාදන්වීම ආදී ආගමික වතාවත්හි නිරත වීම යනාදිය වේ , පොහොය දිනයට පමණක් නොව අනෙකුත් දිනයන්හිද බණ ඇසීමට පන්සල වෙත යෑම ආදී ආගමික වතවත්හි නිරත වීමට බුදුදහමෙහි කිසිදු බාධාවක් නැත.

බුදුපියාණන් වහන්සේගේ දින චරියාව පවා මහා අසිරිමත්ය.දිනය කොටස් පහකට බෙදා වෙන්කරගෙන නියමිත සැලැස්මක් අනුව කටයුතු කිරීමට අනුශාසනා කළ උත්තමයන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය. කාලයෙන් මනා ලෙස ප්‍රයෝජන ගනිමින් තථාගතයන් වහන්සේ කාල සටහනකට අනුව බුද්ධත්වයෙන් පසු පුරා පන්සාළිස් වසර මුළුල්ලෙහිම වැඩ හිඳිමින් ලෝක සත්වයා වෙත අපරිමිත මහා කරුණාවෙන් ම පිහිට වූහ.

දියුණුව, යහපත, අභිවෘද්ධිය සිතන පතන කවර අයෙකුට වුවද නියමිත කාල සටහනකට අනුව කටයුතු කිරීමෙන් තම අපේක්ෂාවන් පහසුවෙන් උදාකර ගත හැකි වෙයි. එසේ නොවූ විට ඒකායන අරමුණක් වෙත ළඟාවීම පවා දුෂ්කර විය හැකි ය. මෙලොව යහපත දියුණුව පමණක් නොව පරලොව සුබසිද්ධිය උදාකර ගැනීමට පවා අපේක්ෂාවක් තිබිය යුතු වේ. එමෙන්ම ඒ සඳහා යම් ක්‍රියාදාමයක් මෙන්ම යම් කාල සටහනක් ද තිබිය යුතු ය. යොදාගත් නියමිත දිනක නියමිත වේලාවක විහාරස්ථානයට පැමිණ තෙරුවන් පිදීමට වඩාත් යෝග්‍ය දිනය පොහොය දිනයයි. එසේ එක් දිනයක් නියම කර ගැනීම සියලු දෙනාගේ පහසුවට එය හේතු වේ.

මෙසේ මෙනෙහි කර බලන විට පෝදා පන්සලට යෑම, සිල් සමාදන් වීම, ධර්ම ශ්‍රවණය කිරීම බුදුරදුන් ජීවමාන සමයේ සිට පැවත එන්නක් බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. වත්මන් සමාජයේ ඇතැමෙක් පොහෝ දිනය ලෙසද දැනුම්වත්ව සිටින්නේ පුර පසළොස්වක පොහොය දිනය පිළිබඳ පමණි. අවඅටවක හා අමාවක සහ පුර අටවක වශයෙන් මසකට සාමාන්‍යයෙන් පොහොය දින සතරකි. එය ඇතැම් විට හතර පොහොය, සතර පොහොය යනුවෙන්ද ව්‍යවහාර කරනු ලැබේ. මෙසේ බලන විට වසරකට උදාවන ප්‍රධාන පොහොය ලෙස පුර පසළොස්වක පොහොය දින දොළහක් ඇතුළු සතර පොහොය දින හතළිස් නවයක් හෝ පනහක් උදාවේ.

“බුදුසරණ” සතර පොහොයටම කියවන පාඨකයන් මෙම සතර පොහොය ගැන මනා අවබෝධයකින් පසුවන බවද මෙහිදී ඔවුනට කෘතවේදීව සඳහන් කළ යුතු ය. මසකට පොහොය දින සතරක් කෙසේදැයි ඇතැමෙක් විමසන කරුණකි. ඒ නිසාම පමණක් නොව සැදැහැවතුන් සියල්ලන්ගේ පහසුව සඳහා “බුදුසරණ’ මඟින් සෑම පොහොය දිනකදීම සතර පොහොය පිළිබඳ පොහොය සටහනක් මඟින් දැනුම්වත් කෙරෙනුයේ ද පාඨක ප්‍රයෝජනය සඳහාමය.

ඇතැම් විට නාගරිකව පමණක් නොව ග්‍රාමීයවද එම සතර පොහොයටම ආගමික වතාවත්වල නිරතවීමට එම සතර පොහොයටම පන්සලට යන පිරිස අප සමාජයේ දැනටත් දක්නට ලැබෙන්නකි. එයින් දක්නට ලැබෙන්නේ සතර පොහොය පිළිබඳ පිරිසක් දැනුම්වත්ව සිටින බවය.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩමවා මෙරට වැසියන්ට සම්බුදුදහම පමණක් නොව බෞද්ධ චාරිත්‍රද පෙන්වා වදාළහ. මේ අතර සතර පොහොයට පන්සල් යෑමද ඉන් එකකි. වාද භේද දුරලා සෑම දෙනම සමගි දාමයෙන් ඒකරාශිවන ස්ථානය පන්සලය. සතර පෝදා පන්සල් යන පිරිස තුළ වාද භේද සුළුවෙන් හෝ පැන නොනගී. බොහෝ දෙනා දැන හඳුනාගැනීමටත්, අන්‍යෝන්‍ය විශ්වාසයක් ගොඩ නඟා ගැනීමටත් පෝදා පන්සලේ දී ඒකරාශීවීම වඩාත් උචිත ක්‍රියාවක් වේ. ඉතා සුළු ක්‍රියාවකට ඇතැම්විට ලේ වැගිරීම් පවා ඇති කර ගන්නා සමාජයක සමගියෙන් පෝදා ගමේ විහාරස්ථානයට ඒකරාශී වන්නේ නම් ඉහත කී කනගාටු දායක සිද්ධීන් පවා අවම වනු ඇත. පන්සල යහගුණ කියා දෙන ගුණදහමේ කේන්ද්‍රස්ථානය නිසාම පන්සලට යන එන පිරිස සංවරය. සන්සුන් ය. යහගුණ රැකීමට නිරන්තරයෙන් පෙළඹේ.

 

 දුරුතු පුර අටවක පෝය

 දුරුතු පුර අටවක පෝය ජනවාරි මස 16 වැනිදා සෙනසුරාදා අපරභාග 05.55 ට ලබයි. 17 වැනිදා ඉරිදා අපරභාග 03.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]