UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

වාද්දුව ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයෙහි ඉදිකිරීමට යෝජිත බුද්ධ ප්‍රතිමාවේ මුල්ගල තැබීම අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් සහ විහාරාධිපති මොරකැටිආරේ ධම්මික හිමියන්ගේ අනුශාසනා පරිදි ආරම්භ කළ අයුරු.

බලපිටිය වලගෙදර පතිරාජ මන්ත්‍රින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති කරපුටුගල අමරරංසි හිමියන්ගේ ශිෂ්‍යයින් ලෙස දෙනියායේ සතිජ සත්සර දරුවා දෙනියායේ උදාන්ත ලෙසද, ඔහුගේ සොයුරා වන දෙනියායේ සස්සර රසාංජන දෙනියායේ රත්නක ලෙසද, වැලිමඩ ඉසාර මදුෂාන් වැලිමඩ මිස්සක ලෙසද සසුන්ගත කිරීම පසුගියදා සිදු කෙරිණි. අමරපුර මූලවංශික මහා නිකායේ මහානායක කොස්ගොඩ සරණංකර මහානාහිමියන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගිවූහ.
ඡායාරූප - විමල් කරුණාතිලක

බෞද්ධ සන්නිවේදනය සඳහා වූ ජාත්‍යන්තර පදනම පවත්වන ලද "පීතුපාදං නමාමි" උපහාර උළෙල පසුගිය දෙසැම්බර් 12 වනදා පොල්ගහවෙල හොදැල්ල ශ්‍රී ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි. විහාරාධිපති දලුපතේගෙදර මේධංකර හිමියන්ගේ 68 වන ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේගේ ශිෂ්‍ය චන්දන තිලකසිරි මහතාම උපහාර උළෙල සංවිධානය කර තිබුණි. මඩවල සරණංකර හිමියන්ගේ සුරතින් දලුපතේගෙදර මේධංකර හිමියන් උපහාර තිළිණ ලැබූ අවස්ථාව.

 
 

උදුවප් අමාවක පෝය

උදුවප් අමාවක පෝය ජනවාරි මස 09 වැනිදා සෙනසුරාදා පූර්වභාග 07.53ට ලබයි. 10 වැනිදා ඉරිදා පූර්වභාව 07.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 09 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය ජනාවරි 16 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]