පිණ්ඩපාත චාරිකාව
			
			 
			වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යා නිවාස මහා පිරිවෙනේ සහ 
			පොල්පිටිමූකලාන අශෝකාරාමයේ මහා සංඝරත්නය වැඩම කරවන පිණ්ඩපාත චාරිකාවක් 
			පැවැත්වීමට කටයුතු යොදා ඇත.  
			මේ මස 13 වන ඉරු දින උදෑසන කොස්පැලෑන ප්‍රධාන මාර්ගය ඔස්සේ පැමිණ 
			ඔබවත්ත පාර හරහා පොල්පිටිමූකලාන හන්දියට පැමිණ කොස්පැලෑන ප්‍රධාන 
			මාර්ගය ඔස්සේ කොස්පැලෑන ප්‍රජාශාලාවට වැඩම කරවයි. එදිනට එම පිණ්ඩපාත 
			චාරිකාවේ වැඩම කරනා මහා සංඝරත්නය උදෙසා වියළි ආහාර ද්‍රව්‍ය හා පිරිකර 
			පූජා කළ හැක. මෙම පිණ්ඩපාත චාරිකාව අවසානයේ දී මහා සංඝරත්නය උදෙසා දවල් 
			දානමය සහ පිරිකර පූජාවක් ද කොස්පැලෑන ප්‍රජාශාලාවේදී සිදු කිරීමට 
			නියමිතය.   |