UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ඇරැඹෙන්නේ වසර දහස් ගණනකට පෙර සිටය

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ඇරැඹෙන්නේ වසර දහස් ගණනකට පෙර සිටය

සාංචි චේතියගිරි විහාරයේ ධාතු ප්‍රදර්ශනයේ දී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඇසළ වීරකෝන් කියයි

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් එකම අම්මගේ දරුවෝ දෙන්නෙක් වගේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ඇරැඹෙන්නේ මීට වසර දහස් ගණනකට පෙර. ඒ අතීතය අපට කොහොමටවත් අමතක කරන්න බැහැ. ඒ වගේම දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් අනවබෝධයෙන් යම් ගැටලු සහගත තත්ත්වයන් ඇතිවුවත් එවැනි තත්ත්වයන් ඇති නොවන ලෙස අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බව ඉන්දියාවේ අභිනව ශ්‍රී ලංකා මහකොමසාරිස් ඇසළ වීරකෝන් මහතා පැවැසීය.


අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශනය නැරැඹීමට එක්වූ ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් ස්වදේශ කටයුතු ඇමැති බාබුලා ගවුර්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඇසළ වීරකෝන් මහත්වරු සහ බානගල උපතිස්ස නා හිමියන් හා පල්ලෙගම විජිත, නුගගොල්ලේ චන්දරතන හිමිවරු මෙහි වෙති.

ඒ මහතා ඒ බව පැවැසුවේ සාංචි චේතියගිරි විහාරයේ ඉකුත් (29) දා 63වැනි වරටත් පැවැත්වුණු සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශනයට විශේෂ ආරාධිතයකු ලෙස පැමිණි අවස්ථාවේ දී ඊට සහභාගී වූ ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් කණ්ඩායම හමුවෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“ඉන්දියාවේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමෙහිලා කැපී පෙනෙන මෙහෙවරක් ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නාහිමියන් අතින් සිදුවනවා. හැඩිගල්ලේ පඤ්ඤා තිස්ස නා හිමියන්ගෙන් පසු ඉන්දියාවේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට බානගල උපතිස්ස නාහිමියන් කරන කැපවීම සහ මෙහෙවර සුළුවෙන් තකන්න බැහැ. එම කටයුතුවලට උන්වහන්සේට ඉන්දීය මධ්‍යම රජයේත් සාංචිය අයත් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත රජයේත් සහාය නොඅඩුව හිමිවෙනවා. මෙවර සාංචි පුණ්‍යමහෝත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට හැකි වුණෙත් බානගල නා හිමියන්ගේ මඟ පෙන්වීමට අනුවයි.”

මීට අමතරව ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ගොඩනංවන බෞද්ධ හින්දු විශ්වවිද්‍යාලය ඉදිකිරීමට නොමඳව සහාය ලබාදෙන බවත් ඒ සඳහා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සියලු කටයුතු සොයා බලා සහාය ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවැසීය.

මිහිඳු මාහිමියන් ලක්දිවට බුදු සසුන රැගෙන ආවේ සාංචියේ සිට බවත්, අතීතයේ පටන් පවතින ඉන්දු ශ්‍රී ලංකා නොබැඳි මිතුදම් ගැනත් මහ කොමසාරිස්වරයා මෙහි දී සිහිපත් කළේ ය.

ඉකුත් 28 සහ 29 දෙදින 63වැනි වරට පැවැත්වුණු සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශනයට සහ ඊට සමගාමීව පැවැත්වුණු සංස්කෘතික උළෙලට ද මහ කොමසාරිස්වරයා සහභාගි විය. ඉන්දියාවේ නන්දෙසින් පමණක් නොව, ශ්‍රී ලංකාවෙන්, වියට්නාමයෙන්, සිංගප්පූරුවෙන් එම පුණ්‍යමහෝත්සවයට සහභාගි වුණු බෞද්ධයන් මෙන්ම බෞද්ධ නොවන ඉන්දියානුවන් දැකීමෙන් තමන් දැඩි ලෙස පී‍්‍රතියට පත්වුණු බව ද ශ්‍රී ලංකා මහකොමසාරිස් ඇසළ වීරකෝන් වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.

සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශනයට සහ සංස්කෘතික උළෙලට සහභාගී වුණු මහ කොමසාරිස්වරයා සාංචි ස්ථූපයත්, සාංචි කෞතුකාගාරයත් නැරැඹීමට අමතක නොකළේ ය. එම අවස්ථාවට බානගල උපතිස්ස නාහිමි සහ ශ්‍රී ලංකා මහ බෝධි සංගමයේ මාධ්‍ය අධ්‍යක්ෂ සමන් අතාවුදහෙට්ටි මහතාද එක් වූහ.

 

      ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 10 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 03.24 ට ලබයි. 11 වැනිදා සිකුරාදා අපරභාග 03.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් 18 වැනිදා සිකුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]