UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැනුම කුසලතා සහ විනයෙහි සංවර්ධනයෙන් චිත්තාවේග සමනයකට

දැනුම කුසලතා සහ විනයෙහි සංවර්ධනයෙන් චිත්තාවේග සමනයකට

බුදුහිමියන් අපට යෝජනා කරනුයේ නිරන්තරයෙන්ම අංග තුනකින් අපගේ මනස සංවර්ධනය කළ යුතු බවයි. ඉන් පළමුවැන්න වනුයේ බාහුසිප්පංච බහුශ්‍රැත බව, දැනුවත්භාවය, අවබෝධය පිරි ජීවිතයක් අප තුළ ගොඩනගා ගත යුතු බවයි.

යොවුන් වියේ ජීවත්වන අයෙකුට ආ‍ෙවිගකාරී මනෝභාවයන් ඇතිවීම ඉතාම ස්වභාවික තත්ත්වයක් . හික්මවපු මනසක් සහිත ගිහි හෝ පැවිද්දකු තුළ එවැනි ආවේගකාරී ස්වභාවයන් දකින්නට ලැබීම දුර්ලභ වුවත් , එතරම් ගැඹුරු හික්මීමකට ,ගැඹුරු පුහුණුවකට යටත් නොකරන ලද පුද්ගයකුගේ මනස තුළ ආවේගකාරී චෛතසිකයක් ඇතිවීම අප දැකිය යුත්තේ ඉතාම ස්වභාවික සංසිද්ධියක් ලෙසයි. එනම්, මෙම ආවේගකාරී මනෝභාවයන් නිසා සිදුවිය හැකි අහිතකර තත්ත්වයන් වළක්වාගැනීමට තරුණ වියේ ජීවත්වන ඔබ කටයුතු කළ යුතුයි. බුදුහිමියන්ගේ ධර්මය සෑම මොහොතකම ඔබට වඩාත් සුවදායි සහ සුව පහසු ජීවිතයක් ගතකරන්නට මඟ පෙන්වන ධර්මයකි.

එහිදී බුදුහිමියන් අපට යෝජනා කරනුයේ නිරන්තරයෙන්ම අංග තුනකින් අපගේ මනස සංවර්ධනය කළ යුතු බවයි. ඉන් පළමුවැන්න වනුයේ බාහුසිප්පංච බහුශ්‍රැත බව, දැනුවත්භාවය, අවබෝධය පිරි ජීවිතයක්. අප තුළ ගොඩනගා ගත යුතු බවයි. අපට තරුණ වියේදී හෝ වෙනත් වයස් මට්ටමකදී ඇතිවන ඕනෑම ආ‍ෙවිගකාරී රාග, ද්වේෂ, මෝහ මූලික කොටගත් චෛතසික ධර්මයන් පාලනය කරගත හැකිවන්නේ අප තුළ පවතින බුද්ධිමත් බව අනුවයි, අප බුද්ධිමත් වන තරමට දැනුමෙන් අවබෝධයෙන් අපගේ මනස පරිණත වන පමණට අප තුළ ඇතිවන හැඟිම් හඳුනාගෙන එම හැඟීම් පාලනය කරගැනීමට අවශ්‍ය පදනම ඔබට උදාවෙනවා. ඒ නිසා තරුණ වියේ සිටින ඔබ නිරන්තරයෙන්ම බුදු දහමේ පොත පත මෙන්ම ලෝකයේ විශිෂ්ට ලේඛකයන්, විසින් ලියන ලද කෘති පරිශීලනය කිරීමට කැමැත්තක් දැක්විය යුතුයි. ඔබ ඉතාම සතුටින් පොත පත කියවන ඉතාම දියුණු දේවල් ශ්‍රවණය කරන ඉතාම දියුණු ආකල්ප සන්නිෙවිදනය කරන දැනුම සන්නිවේදනය කරන දේවල් නරඹන පුද්ගලයකු බවට පත්වුවහොත් ඔබ ඉතාම හොඳ නිරීක්ෂකයකු බවට පත්වුවහොතින් ඔබට ඔබගේ මානසික පසුබිම වඩාත් සංයමයෙන් යුක්ත වුවක් බවට පත්කර ගැනීමේ හැකියාවක් නිර්මාණය වෙයි.

දෙවැන්න වශයෙන් තරුණ වියේ ජීවත්වන ඔබ තුළ ඇතිවන ආෙවිගකාරී ගැටුමිකාරී තත්ත්වයන් සංසිඳුවා ගැනීමට ඔබ යම් යම් නායික ක්‍රියාකාරකම්වල නියැළිය යුතුයි. සිප්පංච යන ධර්මයත් බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. එනම් යම්කිසි ආකාරයකට ශිල්පීයමය ක්‍රියාකාරකමකට දෑත දෙපය වෙහෙසවා දෑත දෙපය මෙහෙයවා කරනු ලබන ක්‍රියාකාරකම්වල ඔබ නියැළීම ඔබගේ ආවේගයන් යමිකිසි ආකාරයකට පාලනය වීමට උපකාරී වන ඉතාම වටිනා කාරණයකි . තරුණ වියේ සිටින ඔබ කිසියම් වෘත්තීයමය කටයුත්තක ඉතාම සතුටින් යෙදීමෙන් ඔබට ඔබගේ ආ‍ෙවිග පාලනයට චෛතසික ධර්ම කළමනාකරණයට පසුබිම නිර්මාණය වනු ඇත.

ඒ වගේම ව්‍යායාම කටයුතු ආදී කය වෙහෙසවන ක්‍රියාකාරකම්වල වගේම සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්වන ගායනය, වාදනය, නර්තනය ච්ත්‍ර ඇඳීම ආදී නායික වූ යමිකිසි කුසලතාවයන් ප්‍රකට කෙරෙන කුසලතාවයන් දියුණුවෙන ක්‍රියාකාරකම්වල ඔබ යෙදිය යුතුයි. තරුණ වියේ සිටින ඔබට හුදෙක් බුද්ධියෙන්ම ඔබගේ ආවේග පාලනය කරගැනීමට නොහැකියි. තරුණවියේ සිටින ඔබ සිප්පංච වන ක්‍රියාකාරකම් ඔස්සේද ඔබගේ ආවේග පාලනය කිරීමට ඔබගේ මනස ඒකාග්‍රතාවයෙන් පවත්වා ගැනීමට යමිකිසි උපක්‍රමයක් යෙදිය යුතුයි.

තුන්වන කාරණාව ලෙස ඔබ විසින් ඔබගේ මනසට යමිකිසි ආකාරයකට නිශ්චිතව හදුනාගත් ක්‍රියාකාරකම් වෙනුවෙන් දැඩි විනයකට ඔබගේ මනස යොමු කළ යුතුව ඇත.

ඔබ කුමන හේතුවක් නිසා හෝ නොකරන ලද දෙයක් ඔබ විසින් ඔබගේ මනසට කළ යුතුයි. කුමන ප්‍රශ්නයක්, කුමන ගැටලුවක්, කුමන බාධක පැමිණුනත් ඔබ විසින් කළ යුතුව තිබෙන දේවල් ප්‍රමාණයක් තිබෙන බව අවධාරණය කරගත යුතුයි. එම ප්‍රමාණය ඔබ විසින් තේරුම් ගෙන එම තත්වයන් නොකඩවා ක්‍රියාත්මක කරගෙන යාමටත් කුමන තත්වයක් ඇතුළත වුවද නොකළ යුතු දෙය නොකිරීමට වැළකිය යුතු දෙයින් වැළකීමට, වර්ධනය කරගත යුතු කාරණා වර්ධනය කරගැනීමට තරුණයකු වශයෙන් යම්කිසි විනයක් ඇතිකර ගත යුතුයි. එම විනය ඔබ විසින් කිසියමි ලාභයක් ලැබීම නිසා හෝ කිසියමි අලාභයක් වෙනවා යැයි පෙනීම නිිසා හෝ ඔබ එම විනයෙන් බැහැර නොවිය යුතුයි. ඔබ ඇතිකර ගනු ලබන විනය ඔබගේ අධ්‍යාත්මය සංවරය සම්පුර්ණයෙන්ම සංවර්ධනය කරගැනීම සදහාත් ඔබ කළමනාකරණයකට ලක්කර ගැනීම සදහාත් බොහෝ සෙයින් උපකාරවත් වෙයි. මේ අනුව ඔබට පැමිණෙන රාග,ද්වේෂ, මෝහ පිරුණු ච්ත්ත ආෙවිගයන් සමනයකට පත්කරගැනීම සදහා දැනුම කුසලතා සහ විනය යන අංග තුනෙහිම සංවර්ධනයක් ඔබ තුළ ඇතිකර ගත යුතුයි.

 

      ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 10 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 03.24 ට ලබයි. 11 වැනිදා සිකුරාදා අපරභාග 03.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් 18 වැනිදා සිකුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]