UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හන්තාන සිරි ධම්මරතන භික්ෂු පුහුණු ධර්ම පර්යේෂණායතනය

හන්තාන සිරි ධම්මරතන භික්ෂු පුහුණු ධර්ම පර්යේෂණායතනය


අධ්‍යාපනය ලබන සාමණේර හිමිවරු

මහනුවර හන්තාන ප්‍රදේශයේ පිහිටි සිරි ධම්මරතන භික්ෂු පුහුණු ධර්ම පර්යේෂණයාතනය 1984 දී ආරම්භ කරන ලද්දකි. අමරපුර නිකායේ සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ අනුනායක දොඩාවෙල සිරි ධම්මරතන හිමියන්ගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම පර්යේෂණායතනය ආරම්භ කිරීමට මුල් වී ඇත්තේ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතාගේ අදහසකට අනුවය. මෙම මූලික අධ්‍යාපන ආයතනයට පැමිණෙන විදේශීය උගතුන් බුද්ධිමතුන්ට ථෙරවාදී බුදුදහම හැදෑරීමට අවශ්‍ය වූ අතර ඒ නිසා ධර්ම පර්යේෂණායතනයක අවශ්‍යතාවය දැනෙන්නට විය. ථෙරවාදී දහම ලෝකයට බෙදාදීම මූලික කරගෙන දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පූර්ණ සහාය ඇතිව මෙම ධර්ම පර්යේෂණායතනය ආරම්භ කර ඇත.

එහි සාමණේර හිමිවරුන් සඳහා භික්ෂු පුහුණු ආයතනයක් ද පවත්වාගෙන යනු ලැබේ. සාමණේර හිමිවරුන් ශාසනයට ඇතුළත් කොට ඒ හිමිවරුන්ට දහම් දැනුම අවුරුදු 2ක් තුළ ලබාදීමට කටයුතු කරන බව අනුනායක සිරිධම්මරතන හිමියෝ පවසති. ඉන්පසුව සිරිධම්මරතන මූලික පිරිවෙනේ භික්ෂූන්වහන්සේලාට අධ්‍යාපනය ලැබිය හැකිය. දැනට එම පිරිවෙණේ භික්ෂූන්වහන්සේලා 40ක් පමණ ඉගෙනුම ලබයි.

මෙම ආයතනය මඟින් රාජකීය පණ්ඩිත ශිෂ්‍යරත්නයන් 37ක් බිහිකර ඇත. දැනට කුඩා සාමණේර හිමිවරුන් 12 නමක් මෙහි දහම් දැනුම පුහුණුව ලබයි. දායකදායිකාවන්ගේ උපකාර සමඟ සැමදාම උදයවරුවේ කුඩා සාමණේර හිමිවරුන් පිණ්ඩපාතයේ වැඩම කිරීම සිරිතක්ව පවතී. ගමින් ගමට දහම් චාරිකා වැඩසටහන යටතේ ගම්මානයකට ගොස් පිණ්ඩපාතයේ වඩින කුඩා සාමණේර හිමිවරුන් රැයක් ගත කර අධ්‍යාපනය කටයුතු සඳහා අවශ්‍ය පොත්පත් කළමනා පින්වතුන් පූජා කිරීම මඟින් ලබා ගැනීම සිදු කැරෙන අතර 57 වැනි දහම් චාරිකාව මේ වන විට සිදුකොට ඇත.

දොඩංවල සිරි ධම්මරතන හිමි

දොඩංවෙල සංඝමිත්තා සිල් මාතාව

මෙම පිරිවෙනෙහි පරිවෙණාචාර්ය ලෙස කටයුතු කරන්නේ අනුනායක සිරිධම්මරතන හිමියෝ ය. මහනුවර හරගම ප්‍රදේශයේ අක්කර 8ක භූමිභාගයක තපෝවනයක් මේ වන විට ඉදිවෙමින් පවතී. මේ වන විට ශාසනයට ඇතුළත් කර ඇති කුඩා සාමණේර හිමිවරුන් සංඛ්‍යාව 144 කි. දායක දායිකාවන්ගේ සහ ගිහි දානපතියන්ගේ අනුග්‍රහය මත මෙම කටයුතු සිදු කැරෙන බව සිරිධම්මරතන හිමියෝ පවසති.

අධිකරණ අමාත්‍යාංශයේ හිටපු අමාත්‍ය උපදේශක හා සරත් අමුණුගම පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය දරන සිරිධම්මරතන නා හිමියන් සිදු කරන එම කාර්යභාරය ඉතා සුවිශේෂය. සුවිශාලය. උන්වහන්සේ සියමෑණියන්ට ඇප උපස්ථාන කිරීම සඳහා තම මෑණියන් වන දොඩාවල සංඝමිත්තා මෙහෙණින් වහන්සේ පන්සලේ කුටියට හිදුවා ඇප උපස්ථාන කිරීම සිදු කරයි.

 

 

 

 

    ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 19 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.39 ට ලබයි. 19 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 11.09 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.

මී ළඟ පෝය නොවැම්බර් 25 වැනි දා බ්‍රහස්පතින්දා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]