UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් පුර අටවක 2015.11.19

බලවත් පාඩුවක්

ඉමහත් සංවේගජනක පුවතක් ඉකුත් 08 වන දා උදෑසන රට පුරා පැතිර ගියේය. එමගින් කියැවුණේ මෙරට සමස්ත ජනතාව මහත් ගෞරවයෙන් පිළිගනු ලබන කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිංගප්පූරුවේ රෝහලක දී අපවත් වී වදාළ පුවතය.

මාදුළුවාවේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙරට වැඩ සිටි අග්‍ර ගණ්‍ය ධර්ම කථිකයන් වහන්සේ නමකි. උන්වහන්සේගේ දේශනා විලාශය ළගන්නා සුළුය. ඇසුවන්ගේ සිත් පහන් කරවූ එම දේශනා ශෛලිය උන්වහන්සේටම ආවේණික වූහ. ඉතා සුමිහිරි ඒ වාග්විලාශය තුළ මහත් ප්‍රෞඩත්වයක් ගෙන හැර පෑවේය.

මාදුළුවාවේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ නමකී පමණින් නොදන්නා කෙනෙකු මෙරට ඇතැයි සතිය නොහැකි තරමට උන්වහන්සේගේ නම ගම් දනව් සිසාරා ප්‍රචලිත වූයේ උන්වහන්සේ රට වෙනුවෙන් කළ අප්‍රමාණ උදාර මෙහෙවර හේතුවෙනි. උන්වහන්සේට ලැබෙන ආරාධනා අපමණය. ඒ අතර රජ මැදුරේ මෙන්ම අතු පැළේද ඇරැයුමට වැඩම කළේ සම සිතෙනි. සම මෙතිනි. උන්වහන්සේ මෙරට ගෞරවාදරයට පාත්‍රව වැඩ විසූ ආදර්ශවත් යතිවරයන් වහන්සේ නමකි.

රටේ පොදු මහජනතාව උදෙසා වඩාත් යහපත් අනාගතයක් බිහිකරලීම සඳහා ඇප කැපවී කටයුතු කළ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයටත්, රටටත්, සමාජයටත්, බලවත් පාඩුවකි. උන්වහන්සේ කිවයුත්ත නොබියව කියන්නට තරම් මහත් ආත්ම ශක්තියකින් යුක්ත වූහ. යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව සහාය ලබාදීමට තරම් කාරුණික වූහ. රටේ යහපත උදෙසා යහ පාලනයක් ගොඩනැගීමත්, රටේ අනාගත අභිවෘද්ධිය සදහා ශීලාචාර සමාජයක් බිහිකරලීමත් අපේක්ෂාවෙන් උන්වහන්සේ කළ අපමණ මෙහෙවර තවත් යුග ගණනාවක් පුරා ජනතා සිත් සතන්හි සනිටුහන්ව පවතිනු ඇත.

මාදුළුවාවේ සෝභිත ස්වාමින්ද්‍රයන් වහන්සේ මෙරටට ජාතික,ආගමික, සංස්කෘතික හා ශාසනික වශයෙන් සිදුකරන ල්දදේ ඉමහත් සේවාවකි. එසේ අනුපමේය සේවයක නිරතවූ උන්වහන්සේ අපේ රට අපේ ජනකොටස් , අපේ නිදහස, ජාතින් අතර, සාමය, සමගිය, සන්හිඳියාව, ගැන බෙහෙවින්ම සංවේදීව කටයුතු කිරිමට උන්වහන්සේ ආදර්ශවත් වූහ. වැදගත් අවස්ථාවන්හි දී නොබියව සිය මතය පළ කළ උන්වහන්සේ රටටත් ජනතාවටත් ජනනායකයන් වෙතත් හරවත් ඔවදන් ලබා දීමට පසුබට වූයේ නැත. රට කරවූ නායකයන් වෙත හරි මග යන්නට උපදෙස් දීම මෙන්ම එසේ නොවූ විට ඊට නොබියව ප්‍රතිචාර දැක්වීමටත් ක්‍රියා කළේය.

සමාජයේ කවර අංශයක් පිළිබඳව වුවද උන්වහන්සේට ඒ පිළිබද පැවැතියේ මනා දැනුමකි. අලසකමෙන් බලා නොසිට ස්වශක්තියෙන් ආර්ථික සමෘද්ධිය උදාකරගැනීමට උන්වහන්සේ උපදේශ ලබා දුන්හ. රටටත්, ජනතාවටත් උන්වහන්සේ දැක්වූයේ ආදරයකි. රට, දැය, නොමැති තැන සසුන ද අනාරක්ෂිතබව උන්වහන්සේ වටහාගෙන ක්‍රියා කළේය.

මාදුළුවාවේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ කිසිවිට ජාතිවාදී නොවූහ. උන්වහන්සේ අපවත් වී ගත වූ දින කීපය පුරා ජාති භේදාදියෙන් තොරව ඔවුනොවුන්ගේ ගෞරවය උන්වහන්සේ වෙත පුද කිරීමෙන් ඒ පිළිබඳව මහත් ආදර්ශයක් ද සපයනු ලැබේ’. සියලු ජන කොටස් වෙත යුක්තිය හා සාධාරණත්වය ඉටු විය යුතු යැයි උන්වහන්සේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ලෙස කළ මෙහෙවර ආදර්ශයවත්ය.

සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත සමාජය මෙන්ම වර්තමාන රජය ද මහත් ගෞරවයක් දැක්වීය. ජනාධිපතිතුමා, අගමැතිතුමා උන්වහන්සේගේ උපදේශ අගය කළහ. සසුනඹර ඒකාලෝක කරමින් මෑත යුගයේ, පහළව වැඩි සිටි මාදුළුවාවේ සෝභිත ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම පහසුවෙන් පිරිමැසිය නොහැක්කකි.

මාදුළුවාවේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගිලන් වී කෙටි කලකි. වඩාත් පහසුකම් සහිත සිංගප්පුරුවේ රෝහලකට ඇතුළත් කර ඉක්මනින් සුවපත් කර ගැනීමේ අවශ්‍යතාව රජයටද තිබිණි. ඒ සඳහා රජය මගින් පිරිවැය දරන බව ද පළ විය. කෘතවේදී පාලකයන් , නායකයන් ඉටුකරන එබදු මෙහෙවරට ද ප්‍රණාමය හිමිවිය යුතුය.

රටම අවදි කළ මාදුළුවාවේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී නාමය ලාංකේය ශාසන ඉතිහාසයෙහි මහත් ඉහළින් සනිටුහන් වනු ඇත. සසුනඹරේ මිණිපහණක් වූ උන්වහන්සේට අජරාමර නිවන් සුවය පතමු.

 

    ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 19 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.39 ට ලබයි. 19 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 11.09 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.

මී ළඟ පෝය නොවැම්බර් 25 වැනි දා බ්‍රහස්පතින්දා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]