UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය

මහාර්ඝවූ ශාසනික සාමාජිකත්වය සුරකිමු

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ විසිදෙකක් වූ පාර්ශ්ව අතරෙන් ප්‍රධානම නිකාය පාර්ශ්වය අප අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායයි. වසර 159 ක් සපුරන අප නිකාය ලංකාව පුරා විහිදුණු වෙහෙර විහාරස්ථාන 463 කින්ද, භික්ෂූන් වහන්සේලා 5000 කින් පමණ ද සමන්විතය. එසේම ප්‍රාදේශීය සංඝ සභා 12 ක් යටතේ ‘සුධර්මා’ කාරක සංඝ සභාව මගින් ගන්නා තීන්දු තීරණ අනුව පාලනය වේ. ‘සොධෙත්වා උපසම්පාදෙථ’ යනු බුද්ධ ආඥා හෙයින් එම නියමයන්ට අනුවත්, නිකායික කතිකාවතේ නියමයන්ට අනුවත් සෑම වර්ෂයකම උපසම්පදා විනය කර්මය මහත් ශ්‍රද්ධා ගෞරව පෙරදැරිව සිදු කරනු ලබයි. ඒ සියලු කටයුතු ලේඛකාධිකාරී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් මනාව සංවිධානය කරනු ලබන අතර, නිකායේ ප්‍රධාන උප අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මෙන්ම ‘සුධර්මා’ කාරක සංඝ සභික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ද මෙම උතුම් විනය කර්මය සාර්ථක කර ගැනීම සඳහා උත්සුක වෙති.

නිසි වයස් සම්පූර්ණව උගතමනා බණදහම් ප්‍රගුණ කොට වත්පිළිවෙත් පුරා උපසම්පදාවීමට සුදුසුකම් සපුරා ඇති අපේක්ෂකයන් වහන්සේලාට, තමන් වහන්සේලා ලබන මහාර්ඝ ශාසනික සාමාජිකත්වය දිවිහිමියෙන් සුරකිමින් ලෝසසුන් වැඩවඩන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ආශිංසනය කරම්හ.


අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය

දකුණු සිරිලක වැලිතොට (බලපිටිය) මහකරාවේ ඤාණවිමලතිස්ස මහා ස්වාමින් වහන්සේගේ ආදිකර්තෘත්වයෙන් ක්‍රි.ව. 1803 දී ආරම්භ වූ අමරපුර භික්ෂු වංශය නිසා ලක්දිව බුදුදහම හා ශාසනය ජනසතු වූවා යැයි කිවහොත් එය සැබෑ සත්‍යයකි. ලක්දිව නා නා පළාත්වලින් ගම්නියම්ගම්වලින් ඇදී ආ සාධු ජනයා මහණ උපසම්පදාව ලදින් අමරපුර නිකාය විවිධ පළාත්වලට ද විහිදී පැතිරුණි. අවුරුදු පනහක් පමණ අඛණ්ඩව පවත්වාගෙන ආ අමරපුර නිකාය ක්‍රි.ව. 1848 දී බලපිටිය මෝදර උදකුක්ඛේප සීමාමාලකයේදී සිදු කරන ලද උපසම්පදා විනය කර්මයක දී හටගත් විනය ප්‍රශ්නයක් මත දෙකඩ විය. ලංකාගොඩ ශ්‍රී ධීරානන්ද තෙරුන් වහන්සේ ඇතුළු භික්ෂු පිරිසක් සීමා සංකරයක් සිදු වුනා යැයි කරුණු ගෙන හැර දැක් වූ අතර, මහකරාවේ විමලසාර තෙරුන් වහන්සේ ඇතුළු භික්ෂු පිරිසක් සංකරයක් සිදු නොවුනා යැයි කරුණු ගෙනහැර දැක්වීම නිසා මෙය “සීමාසංකර වාදය’ ලෙස ප්‍රචලිත විය. මෙම දෙපිරිසෙන් ලංකාගොඩ ධීරානන්ද තෙරුන් වහන්සේගේ මතය පිළිගත් රන්දොඹේ ධම්මාලංකාර තෙරුන් වහන්සේ ප්‍රධාන භික්ෂු පිරිස ක්‍රි.ව. 1856 දී වැලිකන්දේ ශ්‍රී සුදර්ශනාරාමයට රැස්ව ලංකාගොඩ නාහිමියන්ගේ ආචාර්ය වූ කපුගම ධම්මක්ඛන්ධ තෙරුන් වහන්සේට බුරුම රජු විසින් පිරිනමා තිබුණු ‘සද්ධම්මවංසපාල රාජාධිරාජගුරු ‘ යන ගෞරව නාමයේ ‘සද්ධම්මවංස’ කොටස ගෙන එයට ‘සිරි’ යන්න මුලින් යොදා ‘සිරි සද්ධම්මවංස නිකාය’ යන නාමය තබා ‘සුධර්මා’ නමින් දසනමකගෙන් යුත් කාරක සංඝ සභාවක් ද පිහිටුවා, ක්‍රමානුකූලව කතිකාවත් ආදිය සකසා වෙනම නිකායක් ලෙස කටයුතු කළහ. අද අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය’ යනුවෙන් හඳුන්වන්නේ මෙම භික්ෂු පිරිසයි. ඒ අනුව සිරි සද්ධම්මවංස මහා නිකායේ නියම ආරම්භක වර්ෂය ක්‍රි. ව. 1856 වර්ෂයයි.

1878 වර්ෂයේ දී ස්වේජින් සයාතෝ නම් මහාධම්ම රාජාධිරාජගුරු ජාගර මහා තෙරුන් වහන්සේ බුරුමයේ සිට ලක්දිවට වැඩම කොට වැලිතර මහා කප්පින වලව්වේ දී අමරපුර නිකායික මෙම භික්ෂු දෙපිරිස සමගි සම්පන්න කිරීමට කටයුතු කළත්, එය සාර්ථක නොවුණු බව උන්වහන්සේම සිය ‘ලංකාසාසන විසුද්ධිකථා’ නම් පාලි ග්‍රන්ථයේ සඳහන් කොට තිබේ. මෙම සද්ධම්මවංසික භික්ෂු පිරිසට උපසම්පදා විනය කර්ම සිදුකිරීම සඳහා වැලිතර මහා කප්පින වලව්වේ කළුහත් සැම්සන්ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්ෂ වාසල මුදලිතුමා සිය වලව්ව අසල මාදු නදියේ ක්‍රි.ව. 1878 දී සීමාමාලකයක් කරවා, දානමානාදි සියලු පහසුකම් ද සැලසුවේය. මෙම සීමාමාලකය ස්වේජින් සයාතෝ නම් ජාගර තෙරුන්ගේ මූලිකත්වයෙන් පිහිටු වූ නිසා එය “ස්වේජින් සීමාමාලකය” නමින් හඳුන්වයි. ස්වේජින් යනු ජාගර තෙරුන් උපන් බුරුම දේශයේ ඇති ගමකි.

අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍ර නාමාවලිය

1.අතිපූජ්‍ය ලංකාගොඩ ශ්‍රී ධීරානන්ද මහා නා හිමි
2.අතිපූජ්‍ය කරපුටුගල ධම්මදින්න මහා නා හිමි
3.අතිපූජ්‍ය රන්දොඹේ ධම්මාලංකාර මහා නා හිමි
4.අතිපූජ්‍ය කොස්ගොඩ සුමංගල මහා නා හිමි
5.අතිපූජ්‍ය මාදම්පේ ධම්මතිලක මහා නා හිමි
6.අතිපූජ්‍ය කරපුටුගල ධම්මරතන මහා නා හිමි
7.අතිපූජ්‍ය බෝගහපිටියේ සීලක්ඛන්ධ මහා නා හිමි
8.අතිපූජ්‍ය වැලිතර සිරිසුදස්සන මහා නා හිමි
9. අතිපූජ්‍ය තලල්ලේ ධම්මරක්ඛිත මහා නා හිමි
10.අතිපූජ්‍ය දික්වැල්ලේ සංඝතිලක මහා නා හිමි
11.අතිපූජ්‍ය පොහද්දරමුල්ලේ ඤාණානන්ද මහා නා හිමි
12.අතිපූජ්‍ය මාපලානේ පඤ්ඤාලංකාර මහා නා හිමි
13.අතිපූජ්‍ය මාදම්පිටියේ ජිනානන්ද මහා නා හිමි
14. අතිපූජ්‍ය කොස්ගොඩ ධම්මවංස මහා නා හිමි
15. අතිපූජ්‍ය තලල්ලේ ධම්මානන්ද මහා නා හිමි
16.අතිපූජ්‍ය කොස්ගොඩ ජිනාලංකාර මහා නා හිමි
17. අතිපූජ්‍ය බළන්ගොඩ සුධම්මවංස මහා නා හිමි
18.අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහා නා හිමි (වර්තමාන මහනාහිමි)

නිකායේ කප්පියකාරක ප්‍රධාන දායකත්වය

ක්‍රි.ව. 1878 වර්ෂයේ සිට නිකායික සියලු කටයුතුවල දී දායකත්ව සපයමින්, විශේෂයෙන්ම වාර්ෂික උපසම්පදා විනය කර්මයේදී සිව්දෙසින් වඩින මහා සංඝරත්නයට මෙන්ම සියලු ගිහි පින්වතුන්ටද අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සැලසූයේ වැලිතර මහා කප්පින වලව්වේ රාජපක්ෂ මුදලිපරම්පරාවයි.

1.කළුහත් සැම්සන් රාජපක්ෂ වාසල මුදලිතුමා
2.කළුහත් ටියුඩර් රාජපක්ෂ වාසල මුදලිතුමා
3.කළුහත් හියුබට් රාජපක්ෂ මැතිතුමා
4. ටී.එල්. සී. රාජපක්ෂ මැතිතුමා
5.වයලට් රාජපක්ෂ මැතිනිය
6. ජයනාත් රාජපක්ෂ මැතිතුමා

මෙම පරම්පරාවේ උරුමක්කරුවන් ලෙස දැනට යස්ටින් ෂෙරින් රාජපක්ෂ අබේසිංහ, ඇලෙක්සැන්ඩර් ,එඩ්මන් රාජපක්ෂ අබේසිංහ හා අධිනීතිඥ රුවනා රාජපක්ෂ යන මහත්ම මහත්මාවෝ සුජීවත්ව සිටිති.

වර්තමානය වන විට සිරි සද්ධම්මවංස මහා නිකායට ලක්දිව පුරා වෙහෙර විහාරස්ථාන 463 ක් පමණ අයිතිව තිබේ. භික්ෂු සංඝයා වහන්සේ පන්දහසකට ආසන්න ප්‍රමාණයක් වැඩිසිටින අතර අතිපූජ්‍ය බටුවන්හේනේ මෙත්තාරාම අතිපූජ්‍ය කොස්ගොඩ සුභූති, අතිපූජ්‍ය දික්වැල්ලේ තිස්ස හා අතිපූජ්‍ය තලල්ලේ මෙත්තානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සිව්නම අනුනායක පදවි දරති. ‘සුධර්මා’ කාරක සංඝ සභාව සභිකයන් වහන්සේලා තිස්එක් නමකගෙන් සැදුම් ලත් අතර, ප්‍රාදේශීය සංඝ සභාද 12 ක් ක්‍රියාත්මක වේ.

නිකායේ මූලස්ථානය යථෝක්ත බලපිටියේ වැලිතර මහා කප්පින වලව්වයි. එය අද මහා කප්පින සීමාමාලක විහාරය යනුවෙන් හඳුන්වයි. නිකායික කාරක සංඝ සභා රැස්වීමි. නායක පදවි තනතුරු පිරිනැමීමි. උපසම්පදා කටයුතු ආදි සියලු දේ සිදු කරන්නේ මූලස්ථාන විහාරයයි. එසේම බුද්ධියෙන් මෙන්ම ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ භික්ෂුවක් තැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂූ විද්‍යාලය පිහිටුවා ඇත්තේද මෙම මූලස්ථාන විහාරයේය.


2015 ජූලි 22 දින උපසම්පදාපේක්ෂක නාම ලේඛනය

1.කොටපොල පියනන්ද භික්ෂු
2.රුප්පේබැද්දේ චූලාලංකාර භික්ෂු
3.බුද්ධම නන්දසාර භික්ෂු
4.බළන්ගොඩ ධම්මධජ භික්ෂු
5. පල්ලේගම ආනන්දසිරි භික්ෂු
6. චීනවරායේ පේමරතන භික්ෂු
7.මිරහලේ උදිත භික්ෂු
8. හක්මණ අමරවංස භික්ෂු
9. මාපලානේ රතනසිරි භික්ෂු
10. වහමල්ගොල්ලෑවේ සුසීම භික්ෂු
11. කහගල සේනානන්ද භික්ෂු
12. කපුගම සුමේධභික්ෂු
13. මාදම්පේ ප්‍රඥාමූර්ති භික්ෂු

ජූලි 23 දින උපසම්පදාපේක්ෂක නාම ලේඛනය

1.ඕපාත සමිත භික්ෂු
2.රන්මිණිතැන්නේ රේවත භික්ෂු
3.මහානාගපුර විජිතධම්ම භික්ෂු
4. හක්මණ සමිතානන්ද භික්ෂු
5. ඇඹිලිපිටියේ විපුලසාර භික්ෂු
6. අඟුණුකොලපෑලැස්සේ සිද්ධත්ථ භික්ෂු
7. මහානාගපුර ධම්මිස්සර භික්ෂු
8.බදුල්ලේ සමිත භික්ෂු
9.දම්පේ විදුරධම්ම භික්ෂු
10. රන්මිණිතැන්නේ සිරිසුමන භික්ෂු
11. පිටුවල සරණජෝති භික්ෂු
12.හක්මණ චන්දවිමල භික්ෂු

ජූලි 24 දින උපසම්පදාපේක්ෂක නාම ලේඛනය

1.අඹගස්දොවේ සෝමානන්ද භික්ෂු
2.වලල්ලාවිට විමලසාර භික්ෂු
3.මාකඳුරේ විමලසිරි භික්ෂු
4. කොබවක ධම්මසීවලී භික්ෂු
5. ගිණිගත්හේනේ මෛත්‍රීවංස භික්ෂු
6.ගිණිගත්හේනේ මනෝසිද්ධි භික්ෂු
7.ගම්මන ශාන්ත භික්ෂු
8. මාවඩවිල පේමරතන භික්ෂු

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය

2015 ජූලි මස 22,23 හා 24 යන දිනවල දී අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහානාක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බලපිටිය, වැලිතර මහා කප්පින සීමාමාලක විහාරය යාබද මාදුනදී ‘ස්වේජින්’ සීමාමාලකයේදී පැවැත්වේ.

(දින තුනේම වැඩසටහන මෙපරිදිමය)

උදේ 10.30 උපසම්පදාපේක්ෂකයන් වහන්සේලා බලපිටිය තරුණ බෞද්ධ සංගමයේ සිට පුදපෙරහරින් වැඩම කිරීම

උදේ 11.00 ‘නිකායික වතගොත’ ප්‍රදර්ශනය විවෘත කිරීම

දවල් 11.30 දාවල දානය

සවස 1.30 උපසම්පදාපේක්ෂකයන් පැවිදි කිරීම

සවස 2.00 ගිලන්පස දානය

සවස 3.30 උපසම්පදාපේක්ෂකයන් වහන්සේලා පුදපෙරහරින් සීමාමාලකයට වැඩම කිරීම

සවස 4.00 අතිපූජ්‍ය මහානාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සීමාමාලකයට වැඩම කිරීම

සවස 4.30 උපසම්පදා විනය කර්මය ආරම්භ කිරීම

 

 ඇසළ පුර අව අටවක පෝය

ඇසළ පුර අව අටවක පෝය ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 08.30 ට ලබයි. 24 වැනිදා සිකුරාදා අපරභාග 10.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 24 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
ජූලි 31 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]