UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ අධි ඇසළ පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. එදින අටසිල් සමාදන් කරවීම, මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ බෞද්ධ කොඩි 300 ක් කිරිවෙහෙර චෛත්‍ය වටා පැළඳවීමේ කංචුක පූජාව පැවැත්වේ.

උදේ ධර්මදේශනාව විහාරස්ථ ධර්ම ශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ පැවැත්වේ. නෙළුම් මල් දහසක් කිරිවෙහෙර චෛත්‍යයේ පේසා වළල්ල මත තැන්පත් කිරීමේ පූජාව පැවැත්වේ. බෝධිපූජාව කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් සිදුකරයි. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, කතරගම බෞද්ධ සංගමය ගිලනෝපස්ථාන බෞද්ධ සමිතිය විහාරස්ථ දායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.

ඊ.එච්. සෝමපාල, කතරගම විශේෂ


කළුතර බෝධිය

පෙරවරු 6.15- 7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව වැලිකල පඤ්ඤාසාර හිමි, 7.30 – 9.45 ධර්ම දේශනය ගම්පහ සිරි සීවලී හිමි. 10.00 – 11.30 ධර්ම සාකච්ඡාව තිනියාවල ඥානින්ද හිමි, පස්වරු 1.00 – 2.45 ධර්ම දේශනය පිටිගල ධම්ම විනීත හිමි. 3.00 – 4.30 ධර්මදේශනය හැඩිගල්ලේ චන්ද්‍රාලෝක හිමි, 4.45 – 6.00 ධර්ම දේශනය නාගොඩ සද්ධාලෝක හිමි, 6.15 – 7.00 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ බෝධිපූජාව (පටිගතකළ එකකි) 7.15 – 9.00 ධර්මාචාර්ය කේ. අරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 9.15 සිට රූපවාහිනිය තුළින් බෞද්ධ වෙහෙර විහාරස්ථාන නැරඹීම.


කැලණි රාජ මහා විහාරය

පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය සහ උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 – 9.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 – 10.00 ධම්මපදයෙන් බිඳක් දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 – 11.30 දිවා බුද්ධ පූජාව ගොඩපොල නන්ද හිමි, පස්වරු 2.00 – 3.00 වෛද්‍ය විද්‍යා දේශනය, 3.00 – 4.00 ධර්මදේශනාව ඇඹිලිපිටියේ සාරානන්ද හිමි, 4.00 – 5.00 පිරිත් දේශනය මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා. 5.00 – 6.00 භාවනාව මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධ පූජාව ආචාර්ය දෙනියායේ පඤ්ඤාාලෝක බුද්ධ රක්ඛිත හිමි, 7.00 – 8.00 ධර්මදේශනාකර දෙමටපිටියේ මධුරවංශ හිමි.


අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ අධි ඇසළ පොහෝදින වැඩසටහන් අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි බෝමළුව පන්සලේ සන්නිපාත ශාලාවේදී ක්‍රියාත්මක කෙරේ. පෙරවරු 6.00 අටසිල් සමාදන් වීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව- මහවෙල රතනපාල හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡාව කිරීම, 9.15 ගිහි දේශනාව- ආචාර්ය රවින්ද්‍ර මුදලිගේ මහතා, 10.30 බුද්ධ පූජාව, පස්වරු 12.00 ජාතක කතා දේශනාව, පණ්ඩිත ඉහළදිවුල්වැවේ විමලවංශ හිමි, 1.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ලාහුගල සුගතඥාන හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය- සහභාගිත්වය ශාස්ත්‍රපති මැදමහනුවර ධම්මසිරි හිමි, රත්න ශ්‍රී බණ්ඩාර මහතා, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, 4.00 භාවනාව– පණ්ඩිත ඉහලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව, කණුබිච්චියේ රතනජෝති හිමි, 5.55 සිල් පවාරණය.
 


ම්බලපිටිය සිරිවජිරාරාමය

පෙරවරු 8.00 – 7.15 අටවිසි බුද්ධ වන්දනාව සහ සිල් අලුත් කිරීම රාජකීය පණ්ඩිත සිරි වජිරාරාමාධිපති ත්‍රිිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 8.00- 9.00 ධම්ම පදයෙන් – පිටිපන සාසනරතන හිමි, 9.00- 10.00 ධර්මානුශාසනාව - ශාස්ත්‍රපති කිරම රාහුල හිමි, 10.00- 11.00 – භාවනාව සහ අනුශාසනාව ගම්පහ පාසාදික හිමි, 11.00- 11.15 බුද්ධ පූජාව කුරුණෑගල චරණධම්ම හිමි, පස්වරු 12.30- 1.30 සෙත් පිරිත් සිරි වජිරාරාමාධිකාරි කඹුරුගමුවේ මහානාග හිමි, 1.30- 2.45- ධර්ම සාකච්ඡාව - මීගොඩ සුඛිත හිමි, 3.00-4.00 ධර්මානුශාසනාව - පානදුරේ පසන්න හිමි, 4.00- 5.00 ගිහි දේශනව - ශේන් බොලොක් මහතා , 5.00- 6.00 ධර්මානුශාසනාව - වේරදූවේ මහින්ද හිමි, 6.00-6.30 අටවිසි බුද්ධ වන්දනාව සහ සිල් අලුත් කිරීම සිරි වජිරාරාම ස්වාමින් වහන්සේලා


බොරැල්ල ශ්‍රී ගෝතමි විහාරය

පෙරවරු 6.30 උපෝසථ ශීලයෙහි පිහිටුවීම, සම්බුද්ධ පූජාව සහ අනුශාසනාව ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්දතිස්ස හිමි, 7.30 උවැසි උවැසියන් උදෙසා හීල් දානය 8.15 භාවනාව ආටිගල අමිතදේව හිමි, 9.30 ගිලන්පස දානය 9.45 බුදුසරණ පුවත්පත බෙදා දීම, හසිත දියබලනගේ තිලංක දියබලනගේ සොහොයුරුන් විසින් 10.00 ධර්ම දේශනාව පොල්ගම්පල සුධම්ම වංස හිමි, 11.00 සම්බුද්ධ පූජාව පස්වරු 1.30 ධර්මදේශනය ශාස්ත්‍රපති පණ්ඩිත මුරුතවෙල සීවලී හිමි, 2.45 ධර්මදේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි, 4.30 ධර්මදේශනාව සහ අටවිසි බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත වෙරලුගොල්ලේ උදයනන්ද හිමි,


මාතර සිරිවජිරාඤාණ ධර්මායතනය

මෙම වැඩසටහන පැලෑනේ සුවිනීත හිමියන්ගේ අනුශාසනා පරිදි තෙලිජ්ජවිල සුසමාහිත, මතුගම සාන්තසිරි, කනංකේ ධම්මික, කොලොන්නාවේ හේමසිරි, අපරැක්කේ ලංකානන්ද, පාලටුවේ පේ‍්‍රමසිරි යන හිමිවරු පින්කම මෙහෙයවති.


යන්වත්ත වාලුකාරාම විහාරය

බඹරැන්දේ රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි පෝදා දවස පුරා පැවැත්වේ. රොටුඹ සෝමරතන, විටියල තුසිතරතන, තවලම සුමරතන, ගාල්ලේ නන්දරතන අලුත්වැව රතනසාර, දබෝගල සමිතරතන යන හිමිවරු පින්කම මෙහෙයවති.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

පෙරවරු - 6.30 සිල් සමාදන් කරවීම – ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 – ධර්ම දේශනව, 9.15 ධර්ම දේශනව, 10.30 බුද්ධ පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, පස්වරු 1.15 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය - මොරටුවේ නන්දසිරි හිමි, 4.00 ධර්ම සාකච්ඡාව - මල්ලිකා රුද්‍රිගු ජයතුංග මිය, 5.00 බෝධි පුජාව - ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

පෙරවරු 6.00- 6.30 උපෝසථ සීලය හා කෙටි අනුශාසනාව විහාරාධිපතිි තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව තෙරුවන් වන්දනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00- 9.00 භාවනාව- කන්තලේ සුමිත්ත හිමි 9.15- 10.15 ධර්ම දේශනාව, බඹරවානේ කෝවිද හිමි, 10.30- 11.00 බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නා හිමි, 12.15. 12.45 බුද්ධානුස්සති භාවනාව, 2.15- 3.15 – ධර්ම දේශනය ලුණුගම්වෙහෙරේ විමලානන්ද හිමි, 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව සෙවනගල අජිත හිමි, 6.00ට සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 -7.45 ගිලන්පස පූජාව අටවිසි බුද්ධ පූජාව සෙවනගල අජිත හිමි,


කොළඹ 07 - ශ්‍රී සම්බෝධි විහාරය

පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර බුද්ධ පූජාව ශ්‍රී සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමි, 6.00 – 7.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත වතුරුවිල සිරි සුජාත හිමි, 11.00 – 11.30 ව්‍යාංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 “දම්සභා මණ්ඩපය” සාකච්ඡාව, මාලිම්බඩ පඤ්ඤාසාර නා හිමි සහ මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක මහතා මෙහෙයවීම රංග ලියනගේ මහතා, 2.00 – 3.00 ධර්ම දේශනාව ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත දික්වැල්ලේ උපතිස්ස හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව ගම්පහ පාසාදික හිමි, 5.30 – 6.00 කෙටි අනුශාසනාව සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය බොරලන්දේ වජිරඤාණ හිමි.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාමය

පෙරවරු 6.00 - 7.00 කිරිපිඬු පූජාව ශීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 8.30 භාවනාව, 8.30 – 9.30 ධර්ම දේශනාව ගංගොඩවිල අරිය ගවේෂ හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව කැළණියේ විපුලඥාන හිමි, 10.30 – 11.00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 – 1.00 ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව දරණාගම කුසලධම්ම හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 3.30 – 4.30 ධර්ම සාකච්ඡාව ශ්‍රී ඥානාරාමයේ ලොකු ස්වාමීන් වහන්සේ, 4.30 – 5.00 කරණීයමෙත්ත සූත්‍ර දේශනාව සිල් පවාරණය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි.


මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිති ශාලාවේදී අධි ඇසළ පෝදා වැඩසටහන දෙහිගස්පේ සිරිවිමල හිමි, අලංකාරේ ධම්මසමුද්ධ හිමි, ශාස්ත්‍රවේදී ඌරුබොක්කේ පාලිත හිමි, එප්පාවල තිලෝකනාථ හිමි, බැඳිගත්තොට සමිත හිමි, ගම්මැදගම චන්ද්‍රජෝති, හඳුගල සමිඳු, ජුලම්පිටියේ සෝමින්ද, ජුලම්පිටියේ සුසීත යන හිමිවරු පින්කම මෙහෙයවති. ධර්මාචාර්ය නීතිඥ නිලන්ත හෙට්ටිගේ මහතා කාවින්ද සිරිවර්ධන වැඩසටහන සංවිධානයේදී සහය වෙති. බුදුසරණ පත්‍රය බෙදාදීම කේ.ජී. ධර්මසිරි ද සිල්වා මහතා විසිනි.


මහරගම සිරිවජිරඤාණ ධර්මායතනය

වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙරවරු 6.00-7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පුජාව, උල්ළුවාවේ විනයකිත්ති හිමි, 8.00 – 9.00 භාවනාව– ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00- 10.00 සූත්‍ර දේශනාව - වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 110 අභිධර්ම දේශනාව - පියදාස මුතුගම මහතා , 11.00- 11.15 බුද්ධ පූජාව පැනසිහගම ඛේම හිමි, මිහින්තලේ ධම්මසිද්ධි හිමි, පස්වරු 12.35 -1.00 පිරිත් හා තෙරුවන් ගුණ අරණායක බුද්ධ රක්ඛිත හිමි, ඕපනායක ධම්මවිරාග හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත බංගලිදේශයේ ධම්මපාල හිමි, 2.00 - 3.00 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති පණ්ඩිත නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි, 3.00 – 3.45 ධර්ම දේශනාව - මීගොඩ සුඛිත හිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව – කටුගස්තොට ධම්රතන හිමි, 5.00 – 6.00 ධම්මපදය - ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00- 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි

තරුණ සීල සමාදානය

පෙරවරු 6.00-7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව බිබිලේ ඤාණසන්ත හිමි, 8.00 – 9.00 භාවනාව - වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව - ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 10.00- 11.15 පරෝපකාර සංග්‍රහ – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30-1.00 පිරිත් හා තෙරුවන් ගුණ – බලංගොඩ ධම්මරක්ඛිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනාව - රත්නා පුෂ්පකුමාරි මහත්මිය, 3.00 – 4.00 ධර්ම දේශනාව- බොරලන්දේ වජිරඤාණ හිමි, 4.15 – 5.00 ධම්මපදය - ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව - දියතලාවේ පියදස්සී හිමි, 6.00 – 6.30 බෝධි පූජාව - ශාස්ත්‍රපති පණ්ඩිත සුමනසිරි මාහිමි


ගැටබරු රාජ මහා විහාරයේ දී ඇසළ පෝදා පින්කම් රැසක්

ගැටබරු රාජ මහා විහාරයේ දී ඇසළ පොහෝ දින ආගමික වැඩ සටහන් රැසක් දවස පුරා සිදු කෙරේ. එම වැඩසටහන් ජාතික රූපවාහිනිය මගින් සජීවීව විකාශනය කැරේ.

පෝදා පෙරවරු 5.45 – 6 දක්වා ශබ්ද පූජාව පෙරවරු 6 – 6.55 අටසිල් සහ බුද්ධ වන්දනාව මෙහෙයවීම ගැටබරු රාජ මහා විහාරාධිපති බෙරලපනාතර චන්දවිමල නාහිමි, 7.30 සිට 9.00 දක්වා - ධම්ම සාරථි ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම – මාවරලේ භද්දිය හිමි, 9.00 සිට 10.00 දක්වා - ධර්ම දේශනාව, දේශකයාණෝ - ශාස්ත්‍රපති මාතලේ සෝමිස්සර, 10.30 සිට 11.00 දක්වා බුද්ධ පූජාව, මෙහෙයවීම – දැල්කඩ ඥානානන්ද හිමි, 01. 00 සිට 2.00 දක්වා - කාව්‍යමය ධර්ම දේශනාව, දේශකයාණෝ - එළමල්දෙණියේ ධම්මානන්ද හිමි, 2.00 සිට 3.30 දක්වා - ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම – කථිකාචාර්ය ලේල්වල අරියධම්ම හිමි, කථිකාචාර්ය අරුණ කේ. ගමගේ මහතා, 5.00 සිට 6.00 දක්වා - බෝධි පූජා පින්කම, මෙහෙයවීම - කොලොන්නේ මංගල හිමි, රාත්‍රි 7.00 සිට 8. 30 දක්වා බැති ගී සරණිය, සහභාගිවීම – දිවයිනේ ජනප්‍රිය බැති ගී ගායික ගායිකාවන්

එම වැඩසටහන්වලට අමතරව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රජා සත්කාරක රැසක් සිදු කෙරේ.

බැතිබර දායකත්වය - මොබිටෙල්, සංවිධාන ශක්තිය - කොටපොල යොවුන් සමාජ එ කමුතුව මගිනි.


තෙලවල විජයරූපාරාමය

අලුයම 5.30 කිරිපිඬු දානය සහිත පෙරහර , පෙරවරු 6.30- 7.30 උපෝසථ අෂ්ඨාංග ශීලය සමාදන් කරවීම සම්බුද්ධ පූජාව ධර්මායාතනාධිපති දම්පහළ ඤාණරතන නාහිමි, 8.00- 9.00 ධර්ම දේශනාව - දම්පහළ ඤාණසුධීර හිමි, 9.00 – 9.30 මෛත්‍රි භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි, 9.45 – 10.45 ජාතක කථා දේශනාව, ශාස්ත්‍රපති නිමල් අමරවංශ මහතා,10.45 – 11.00 බුදුසරණ පත්‍ර බෙදාදීම, 11.00 – 12.00 දහවල සම්බුද්ධ පූජාව දම්පහල ඤාණසුධීර හිමි, පස්වරු 12.30 – 2.00 දම්දෙසුම ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා , 2.00 – 3.00 ගිහි දේශනාව - ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව නිල්මල්ගොඩ සද්ධාවිහාරි හිමි, 4.00 – 5.00 මහා පිරිත් දේශනාව සහිත මහාසමය සූත්‍ර දේශනාව ධර්මායතනවාසී ස්වාමින්වහන්සේලා, 5.00 – 6.30 සිල් පවාරණය සිදුකිරීම මහ අෂ්ඨපාන සහිත සම්මා සම්බුද්ධ අටවිසි ගිලන්පස බෝධි පූජාව, ධර්මායතනාධිපති දම්පහල ඤාණරතන නාහිමි. බුදුසරණ පුවත්පත බෙදාදීමේ දායකත්වය බුරුතගොල්ල, ඔක්කම්පිටිය හි පදිංචි චමිලා පි‍්‍රයදර්ශනි මෙනවිය.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාව පෙරවරු 8.00 – 9.00 දම් දෙසුම ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත දිව්රුවෙල විනීත හිමි 9.00 – 9.30 භාවනාව ගෝතමී දසසිල් මාතාව 9.30 – 10.30 ධර්ම දේශනාව කුරුණෑගල චරණධම්ම හිමි, 10.30 දවල් බුද්ධ පූජාව පස්වරු 12.30 – 1.00 ධම්මචක්කපවත්න සූත්‍ර සජ්ඣායනය 1.00 – 2.00 ධර්ම දේශනාව බොරලැස්ගමුවේ දම්සරණි දසසිල් මාතාව 2.00 – 3.00 දම් දෙසුම අතුරුගිරියේ ධම්මවිහාරී හිමි, 3.00 – 5.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රවේදී බඹරැන්දේ වජිර හිමි, තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සවස 6.00 ට මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම පසළොස්වක පොහොය දිනයෙහි දී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකු මැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ දායකත්වයෙනි.


බියගම පුණ්‍යවර්ධනාරාමය

අධි ඇසළ පුර පසළොස්වක පොහොය දිනය නිමිතිකරගෙන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන් රැසක් දවස පුරා බියගම පුණ්‍යවර්ධනාරාමයේදී දහම් පාසල් සිසුන් සහ ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වේ.


මාලදෙණිය ශෛල කාන්තාරාමය

මාලදෙණිය ශ්‍රී ශෛලකාන්තාරාම රජමහා විහාරයේ ශ්‍රී බෝසත් දහම් පාසලේ වාර්ෂික සීල භාවනා වැඩසටහන මෙවරත් විහාරධිපති ශාස්ත්‍රපති රත්කරවීමේ ධම්මජෝති හිමියන්ගේ අනුසාසකත්වයෙන්, දහම් පාසල් ආචාර්ය මණ්ඩලය හා සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් දහම් පාසල් සංවර්ධන සමිතියේ හා ගම්වාසී උපාසක උපාසිකාවන්ගේ සහභාගිත්වයෙන් අධි ඇසළ පුර පසළොස්වක පෝදා පැවැත්වේ. ධර්මදේශනා /භාවනා / ධර්ම සාකච්ඡා හා බෝධි පූජා පින්කම් මාලාවක් එදිනට පැවැත්වේ


තැඹිලි පැන් දානයක්

කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හා බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම එක්ව මහරගම පිළිකා රෝහලට තැඹිලි පැන් දානයක් සහ අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානයක් පසුගිය ජූනි 25වැනිදා සිදු කෙරිණි. එම අවස්ථාවට ප්‍රදේශයේ දානපතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.


බාඳුරාගොඩ ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය

පෙරවරු 7.00 සිල් සමාදන් වීම, 7.30 කිරි ආහාර බුද්ධ පූජාව සහ අටවිසි පූජාව, 9.00 ධර්ම දේශනය, රාජකීය පණ්ඩිත ඉඳුරාගාරේ ධම්මරතන හිමි, 11.00 බුද්ධ පූජාව පස්වරු 1.00 ධර්ම දේශනය හලාවත ඤාණසුමන හිමි,ප.ව 1.45 ධර්ම සාකච්ඡාව 3.00 සෙත්පිරිත් සජ්ඣායනය


අනුරාධපුර සදහම් සෙවණ

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන මේ මස 01 දින අනුරාධපුර වේළුවනගම අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේදී පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් පැවැත්වේ.

පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා , භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ.

අනුරාධපුර සදහම් සෙවණ පුන් පොහොය වැඩසටහන මඟින් අරඹන ලද අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසල් පුස්තකාල සංවර්ධන වැඩපිළිවෙළේ සයවැනි අදියර ඇසළ පුන් පොහෝ දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේදී ඇරුඹෙයි. මෙහිදී අනරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසලක පුස්තකාලය සඳහා අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ අතින් රුපියල් පන්දහසක් වටිනා පුස්තකාල පොත් පිරිනමනු ලැබේ.

ජූලි මස 02 වැනි දා , අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහන් පැවැත් වේ. එදින පෙරවරු 8.00 සිට 10.00 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.

පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.


හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශි‍්‍ර විජය සුන්දරාරාම විහාරාධිපති වලවෙල හේමානන්ද හිමිපාණන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ බෞද්ධාරක්ෂක සභාව, වීතදෝෂි සමීතිය, ශ්‍රී ධර්මාලෝක ධර්ම විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන ශීල භාවනා වැඩසටහන පෝදා දින පෙව 6.00 සිට පසුදා පෙව. 6.00 දක්වා පැවැත්වේ.

එම වැඩසටහන සඳහා අම්බලන්ගොඩ සුමනන්ද හිමි, දේවගොඩ පියරතන හිමි, බුත්කන්දේ රත්න ජෝති හිමි, තිස්සමහාරාමයේ ධම්මසාර හිමි, ගොමඩියේ චන්ද්‍රරත්න හිමි, හුණුවල පියදස්සි හිමි අතුළු ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්වයෙන් හා පැවැත්වේ. ගාල්ලේ සුධම්මචාරි දසසිල් මෑණියන් වහන්සේගේ දහම් දෙසුමක් ද පැවැත්වේ.

 

   අධි ඇසළ පුර පසළොස්වක පෝය

අධි ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 01 වැනිදා බදාදා පූර්වභාග 9.30 ට ලබයි. 02 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 7.49 දක්වා පෝය පවති. සිල් සමාදන් වීම ජූලි මස 01 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 08 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]