UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු ගුණ භාවනාව

බුදු ගුණ භාවනාව

බක් පුර පසළොස්වක පත්‍රය හා සම්බන්ධයි

විජ්ජාචරණ සම්පන්න ගුණය - 10

43. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංඛාර නිරෝධ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

44. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංඛාර නිරෝධ ගාමිණි පටිපදා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

45. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චතුසත්තාලිසාකාර මහා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

මේ ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සාධු! සාධු! සාධු!

විජ්ජාචරණ සම්පන්න ගුණය - 11

සාධු! සාධු! සාධු!

ඒ භාවනාව පූර්ව කෘත්‍යය

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

1.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පඨවි කසින සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

2. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආපෝ කසින සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

3.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස,ඔබ වහන්සේ තේජෝ කසින සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක

4. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වායෝ කසින සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

5. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ නීල කසින සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

6.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ජිත කසින සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

7. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ලෝහිත කසින සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

8.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ඕදාත කසින සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

9. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ ආලෝක කසින සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

10.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස , ඔබ වහන්සේ ආකාස කසින සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

11.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උද්දුමාතක අසුබ සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ඉදිමුණු ශරීරය)

12. ස්වාමීනි,භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ විනීලක අසුබ සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (නිල්පාට වු මෘත ශරීරය)

13.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ විකුබ්බත අසුබ සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

14.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ විච්චිද්දක අසුබ සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

15.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වික්කායිතක අසුබ සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

16. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විකන්කිත්තක අසුබ සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

17.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ලෝහිත අසුබ සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

18.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පුලවක අසුබ සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

19.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස,අට්ඨික අසුබ සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

20.ස්වාමීනි,භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ බුද්ධානුස්සති පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

21.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ධම්මානුස්සති පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

22. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සංඝානුස්සති පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

23.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශීලානුස්සති පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

24.ස්වාමීනි , භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ චාගානුස්සති පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

25.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ දේවතානුස්සති පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

26. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ උපසමානුස්සති පිළිබඳ ඤාණයෙන් සමන්නාගත. බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

27.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මරණානුස්සති පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

28.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කායගත්තාසති පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

29.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ආනාපානසති පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

30. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මෛත්‍රි බ්‍රහ්ම විහරණ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

31.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කරුණා බ්‍රහ්ම විහරණ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

32.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මුදිතා බ්‍රහ්ම විහරණ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

33.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උපේක්ෂා බ්‍රහ්ම විහරණ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

34. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආකාසානඤ්චායතන ධ්‍යාන සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

35.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විඤ්ඤාණඤ්චායතන සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

36.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආකිංචඤ්ඤායතන සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

37.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ නේවසඤ්ඤා නාසංඥායතන සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

38.ස්වාමීනි,භාග්‍යවතුන් වහන්ස , ඔබවහන්සේ ආහාර පටික්කුල සංඥා භාවනා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

39.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ,ඔබවහන්සේ චතුධාතු මනසිකාර ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

40.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස,ඔබවහන්සේ සමසතලිස් කර්මස්ථාන ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

මේ ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! මාගේ ජීවිතය ද පූජා කරමි. පූජා වේවා!

සාධු ! සාධු! සාධු!

මතු සම්බන්ධයි

 

 
 බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් මස 11 වැනිදා සෙනසුරාදා අපරභාග 9.54 ට ලබයි.
12 වැනිදා ඉරිදා අපරභාග 08.26 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අපේ‍්‍රල් 12 වැනිදා ඉරිදාය.

මී ළඟ පෝය
අපේ‍්‍රල් 18 වැනිදා සෙනසුරාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]