UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් අව අටවක 2015.04.12

අලුත් අවුරුද්ද

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් දින කීපයකි. එබැවින් පරණ අවුරුද්ද ගැන කල්පනා කර බැලීම ඉතා කාලෝචිත වෙයි.

මවට, පියාට සංග්‍රහ කිරීම සැලකීම බෞද්ධ සමාජය කවදත් ඉටු කරන ඉතා වැදගත් සද්ක්‍රියාවකි. වැඩිහිටියන්, ඤාතීන් හමු වී ඔවුන්ට නන් අයුරෙන් සංග්‍රහ කිරීමද එසේමය. එහෙත් ඈත දුර බැහැරක පදිංචිය දැරුවත් ආදරණීය දරුවන් ස්වකීය මව්පියවරු ළඟට පැමිණ බුලත් අතක් පිළිගන්වා වැඳ පුදා සංග්‍රහ කිරීමට වෙසෙසින්ම සිංහල හා අලුත් අවුරුද්ද නිමිත්තෙන් කටයුතු කරනු ලැබේ. අන් දිනවලදී මෙන් නොව අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය මව්පියන් වෙසෙන නිවසට ගොස් බොහෝ විට එම මව්පියවරුද සමඟ එම අවුරුදු උදාව ගත කිරීමද හෙළ සිරිතකි. පළමුව බුලත් හුරුලු මව්පියවරු වෙත පිළිගන්වා අනතුරුව ඒ මව්පියවරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ.

ගෙවී ගිය වසරේදී තමා දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් සුළු අතපසුවීමක්, අවැඩක් සිදු වූයේද? ඒ සියල්ල නිවැරැදි කරගෙන අලුත් අවුරුද්ද සතුටෙන් , සමගියෙන්, ගත කිරීමටද අදිටන් කර ගැනීම සුවිශේෂී කරුණකි. අතීතයේ පරපුරෙන් පරපුරට උරුම වූ ඒ උදාර සිරිත් අනුගමනය කිරීම තුළින් අනාගත පරපුරටද ඒ පිළිබඳව ආදර්ශයෙන් නිහඬව කියාපානු ලැබේ. ඇතැම් විට ජීවිතයක අපේක්ෂිතව හෝ අනපේක්ෂිතවද යම් යම් අඩුපාඩු ඉඳහිට හෝ ඇතිවිය හැකිය. එසේ යම් අඩුපාඩුවක් වූයේ නම් ඉදිරියට එවැන්නක් නොවීමට වග බලා ගැනීම ද යුතුකම හා වගකීම වේ. අලුත් වස්ත්‍රාභරණයෙන් හෝ ආහාර පානාදියෙන් වසරකට එක් දවසක් හෝ එක්වරක් මව්පියන් වෙත සැලකීම සංග්‍රහ කිරීම කෙසේවත් ප්‍රමාණවත් නොවන බවද කිව යුතුය.

පුද්ගලයා තුළ, පවුල තුළ, නිවස තුළ සමගිය වර්ධනය වූ තරමට ගම , පළාත ,රට තුළ සාමය,සමගිය වර්ධනය වේ. අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය වේ. එබැවින් රටත්, ජනතාවත් තුළ සමගිය සමාදානය වර්ධනය කර ගත හැකි සුවිශේෂි කාලයකි අවුරුදු සමය. වෙනත් දිනවලදී ඇති අවිවේකී භාවයෙන් ඉවත්ව සුහදත්වය වර්ධනය කරමින් ගුණ දහම් පෝෂණය කිරීමටද ගත සිත මෙහෙයවිය යුතු විශේෂ කාලයකි.අලුත් අවුරුදු සමය.

ආගන්තුක සද්කාරය අතින් මෙරට වැසියන්ට ඇත්තේ ඉමහත් ගෞරවයකි. එබඳු ගෞරවයක් හිමි වූයේ ආගන්තුකයන් කෙරෙහි මෙරට වැසියන් දක්වන සැලකීම හේතුවෙනි.

අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඒ හා බැඳී පවතින චාරිත්‍ර සමුදායක්ද වේ. හෙළ සිරිතට මුල් තැන දෙන ඒ සියලු චාරිත්‍රවලට ගරු කළ යුතුවේ. ගමේ ලොකු කුඩා සියුල දෙනා සමගියෙන් ඒකරාශි වී සුහදව කටයුතු කරන අවුරුදු උදාවෙහිදී එළඹෙන පුණ්‍ය කාලයේදී ගමේ පන්සලට ගොස් ආගමික වතාවත්වල නිරතවීමට උනන්දුවෙන් ක්‍රියා කළ යුතුවේ.

ජනකවි, ජන ගායනා, ජන ක්‍රීඩා ආදී පෞරාණික යහපත් සම්ප්‍රදායන් ආරක්ෂා කර ගැනීමටද කටයුතු යෙදිය යුතුවේ.අවුරුදු උත්සව පැවැත්වීමේදී ඒ පිළිබඳ අවධානය යොමු කර හැදෙන වැඩෙන පරපුරට ඒ සඳහා ආදර්ශයක් සැපයීමටද කටයුතු කළ යුතුව ඇත.

ගෙවී ගිය පරණ අවුරුද්දේ අතපසු වු යහපත් ක්‍රියාදාමයන් උදාවන අලුත් අවුරුද්දේ නිසි අයුරෙන් සපුරා ගැනීමටත් අලුත් අවුරුද්දේ ප්‍රාර්ථනාවක් ඇතිකරගත යුතුව ඇත.

අවුරුද්දක් ගත වී අලුත් අවුරුද්දක් උදාවන අවස්ථාවේ බුද්ධිමත්ව කල්පනා කළ යුතුවේ. තමා ජීවත්වන කාලයෙන් අවුරුද්දක් ගෙවී ගොස් ඇතැයි ඤාණාන්විතව ආපසු හැරී බැලිය යුතුය. එසේ නිවැරැදිව කල්පනා කිරීමෙන් උදාවන අලුත් අවුරුද්දේ අඩුපාඩු වලින් තොර යහපත් ජීවිතයක් ගත කිරීමට එයම මහගු පිටිවහලක් වනු ඇත.

සිය වගකීම, යුතුකම නොපිරිහෙලා ඉටුකිරීමටත්, පිදිය යුත්තන් පිදීමටත් ජීවිතයේ යහපත් අධිෂ්ඨානයක් ඇති කරගත යුතු යහපත් අවස්ථාවකි.අලුත් අවුරුදු උදාව, ඊට හැම දෙනාටම තෙරුවන් බලයෙන් ශක්තිය, වාසනාව හිමිවේවා.

 

 
 බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් මස 11 වැනිදා සෙනසුරාදා අපරභාග 9.54 ට ලබයි.
12 වැනිදා ඉරිදා අපරභාග 08.26 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අපේ‍්‍රල් 12 වැනිදා ඉරිදාය.

මී ළඟ පෝය
අපේ‍්‍රල් 18 වැනිදා සෙනසුරාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]