UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙසක් සතිය අපේ‍්‍රල් මස 30 වනදා සිට මැයි මස 06 වනදා දක්වා

“මෙත් සිතින් ගුණ වඩමු”

මෙවර වෙසක් සතියේ තේමාවයි

රාජ්‍ය වෙසක් උත්සවය මහියංගණ රජමහා විහාරයේ දී ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන්

බෞද්ධ කොඩිය මත සංකේත, අකුරු, වචන, වගන්ති සිතුවම් මුද්‍රණය නොකළ යුතුය, දන්සැල් පැවැත්වීමේදී බෞද්ධ කොඩිය වැරැදි ලෙස භාවිතා නො කළ යුතු අතර පදික වේදිකා ආදී විවෘත ස්ථාන වල බෞද්ධ කොඩියට අගෞරව වන ආකාරයෙන් තබා වෙළෙඳාම් නොකළ යුතුය.

දුර්වර්ණ වූ, පළුදු වූ, අවපැහැගැන්වූ බෞද්ධ කොඩි භාවිතා නොකළ යුතුය. බෞද්ධ කොඩියේ වර්ණ පිළිවෙල වෙනස්කර මුද්‍රණය නොකළ යුතුය, යන්නත් ඉහතින් දක්වන ලද ආකාරයන්ගෙන් හෝ වෙනත් කිසිදු ආකාරයකින් බෞද්ධ කොඩියට අගෞරව වන ලෙස බෞද්ධ කොඩිය භාවිතා කිරීමෙන් වැළකිය යුතුය යන්න සම්මත කරගෙන ඇත.

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරන වෙසක් මංගල්‍යය බෞද්ධ අපට විශේෂ වූ ගෞරවාන්විත පින්බර මංගල්‍යයකි. ශ්‍රී බුද්ධවර්ෂ 2559 ක් වූ වෙසක් මංගල්‍යය මෙවර අප මහත් වූ ශ්‍රද්ධා බුද්ධි සම්පන්නව සිහිපත් කරමු.

2015 මැයි මස 03 වැනිදාට යෙදෙන උතුම් තෙමඟුල සිහිකරන දින වඩාත් අර්ථාන්විතව ගතකිරීමට හුදී ජනයාට ඉඩකඩ සලසාදීමට රජය පියවර ගෙන ඇත. ඒ නිමිත්තෙන් අපේ‍්‍රල් 01 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි.

වෙසක් උත්සවය සැමරීම පිණිස ජාතික, පළාත්, ප්‍රාදේශීය මට්ටමින් ආගමික, සාමාජීය හා සංස්කෘතික උත්සව වැඩසටහන් සංවිධානය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාරව අටදෙනෙකුගෙන් සමන්විත සාමාජික කමිටුවක් පත්කළ බව එම සාකච්ඡාවට සම්බන්ධ වූ බුද්ධශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතා පැවසීය.

“මෙත් සිතින් ගුණ වඩමු” තේමා පාඨය යටතේ ඇරැඹෙන වෙසක් සතිය අපේ‍්‍රල් 30 වැනිදින සිට මැයි මස 06 වැනි දින දක්වා පැවැත්වේ. රාජ්‍ය වෙසක් උත්සවය මහියංගණ රජමහා විහාරස්ථානයේදී සිදුවේ. වෙසක් පොහෝ දින මහියංගණ රජමහා විහාරස්ථ පරිශ්‍රයේදී 12000 අධික දහම් පාසල් ළමුන් සහ සැදැහැවතුන් සිල් සමාදන් කරවීම සහ එදින දවස පුරා ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් පැවැත්වීමට පියවර ගෙන තිබේ.

වෙසක් දිනට පසුදින (04) මහියංගණ රජමහා විහාරස්ථ පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වේ. එදින විශේෂ දේශනය මහාචාර්ය ආණමඩුවේ ධම්මදස්සී හිමියන් විසින් පවත්වනු ලැබේ.

වෙසක් සතියට සමගාමීව විහාර දේවාල පනත කඩිනමින් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, සෑම නිකායකටම කතිකාවතක් අවශ්‍ය බව අතිපූජනීය මහා නා හිමිවරුන්ගේ අදහස බැවින් එයත් ඉක්මණින්ම සිදු කිරීමට කටයුතු කිරීමත්, බෞද්ධ කටයුතු නියාම ප්‍රකාශනය ඉදිරිපත් කිරීමටත්, සිල්මෑනිවරුන්ගේ ක්‍රියාදාමයට ආවරණය වන පරිදි තවත් පනතක් සූදානම් කර ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ වුණි.

ඊට අමතරව රටේ ඇති වූ ආන්දෝලාත්මක ප්‍රශ්නයක් වූ අටපිරිකර ප්‍රමිතියකට සකස් නොවීම පිළිබඳ අවශ්‍ය නීතිරීති පනවා පරීක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් බුද්ධ ශාසන අමාත්‍යවරයා සඳහන් කළේය.

2558 වර්ෂය ගෙවි 2559 වර්ෂය උදාවෙනවා. ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ මූලිකත්වයෙන් කැබිනට් මණ්ඩලය මඟින් කමිටුවක් පත්කර මේ වසරේ වෙසක් උත්සවය ඉතා උත්කර්ෂවත් අයුරින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ගෝනදූවේ ගුණානන්ද හිමියෝ ප්‍රකාශ කළේය. අපට පැවරී තිබෙන්නේ මෙම වෙසක් සතිය තුළ රට පුරා එය ක්‍රියාත්මක වන ආකාරය කෙසේද? යන්න සොයා බැලීමයි. ගම් මට්ටමට මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අප වැඩි වෙහෙසක් දරනවා යැයි උන්වහන්සේ පැවසීය.

බෞද්ධ කොඩිය නිවැරැදිව භාවිතා කිරීම

බුදු සිරුරින් නික්මෙන ෂඩ් වර්ණ රශ්මි මාලාවන් පදනම් කරගෙන බෞද්ධ ජනතාවගේ අතිමහත් ගෞරවයට පාත්‍ර වී ඇති බෞද්ධ කොඩිය නිර්මාණය වී ඇත. 1885 අපේ‍්‍රල් 17 දින වර්ණ හයකින් යුත් බෞද්ධ කොඩිය ශ්‍රී ලංකා බෞද්ධයන්ගේ කොඩිය ලෙස පිළිගෙන 1885 අපේ‍්‍රල් 28 වනදිනට යෙදුන වෙසක් පුර පසළොස්වක දිනයේදී ප්‍රථම වතාවට ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩිය ඔසවන ලදී. එලෙස අප රටේදී භාවිතයට පත් බෞද්ධ කොඩිය 1956 වර්ෂයේ කොළඹ දී පැවැත් වූ ලෝක බෞද්ධ සංගමයේ ආරම්භක රැස්වීමේ දී ලෝක බෞද්ධ ප්‍රජාවගේම කොඩිය වශයෙන් ඒකඡන්දයෙන් සම්මත විය. 1987 දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතිගත වූ බෞද්ධ කොඩිය එහි දැක්වෙන ප්‍රමිති පිරිවිතර අනුව නිර්මාණය විය යුතුයැයි සම්මත විය.

ශ්‍රී ලංකා ප්‍රමිති 802: 1987 අනුව බෞද්ධ කොඩියේ සැලසුම මෙසේය

3:1 කොඩියේ හැඩය සෘජු කෝණාස්‍රාකාර විය යුතු අතර

3: 2 කොඩියේ පළල හා දිග අතර අනුපාතය 2:3 විය යුතුය. දිග මැනිය යුත්තේ කොඩිය එසවීමට යොදා ඇති කොපුව ඇතුළත් නොවන ලෙසය.

3:3 කොඩිය සමාන සිරස් තීරු හයකින් යුක්ත විය යුතුය. කොඩිය ඔසවන කෙළවරේ සිට තීරුවල පිළිවෙල විය යුත්තේ නිල් (නීල), කහ (පීත), රතු (ලෝහිත), සුදු (ඕදාත), ( මාංජේෂ්ඨ) රතු මිශ්‍ර කහ වර්ණයි. ප්‍රභාස්වර ලෙස හැඳින්වෙන හය වන තීරුවෙහි එම වර්ණ පහ තිරස්ව එකක් යට එකක් පිහිටන සේ සමාන ප්‍රමාණවලින් මෙම පිළිවෙලටම තිබිය යුතු අතර නීල වර්ණය උඩ කෙළවරෙහි තිබිය යුතුය.

5:2 කොඩියේ නිල් සිරස් තීරුව ඇති පැත්තේ කොපුවක් මසා තිබිය යුතු අතර එම කොපුවෙහි පළල සිරස් තීරුවක පළලින් තුනෙන් පංගුවක් නො ඉක්ම විය යුතුය.

5:3 එළිමහන් භාවිතය සඳහා නිෂ්පාදනය කරනු ලබන කොඩිවල කොපුව දෙකෙළවර ගිරිවර දෙකක් (කොඩිය ඔසවන්නට රඳවන කොටස්) තිබිය යුතුය . මල නොබැඳෙන ද්‍රව්‍යයකින් ගිරිවරය සෑදිය යුතුය. ඉහත කරුණු වලට අමතරව බෞද්ධ කොඩිය තොග වශයෙන් හා නිෂ්පාදනය කරන අවස්ථාවලදී අනුගමනය කළයුතු ක්‍රමවේදය ප්‍රමිති පිරිවිතරයේ සඳහන්ව ඇත. බෞද්ධ කොඩිය නිෂ්පාදනයේදී නිෂ්පාදන ආයතන, බෞද්ධ කොඩිය අලෙවි කරන ව්‍යාපාරිකයන් හා භාවිතා කරන මහජනතාව ඉහතින් දක්වන ලද ප්‍රමිති පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත්, එම ප්‍රමිතීන්ට අනුව බෞද්ධ කොඩිය නිර්මාණය කළයුතු අතර පහත දැක්වෙන අව භාවිතාවන්ගෙන් වැළකිය යුතු බවත් එම මාධ්‍ය සාකච්ඡාවේදී අණාවරය විය.

බෞද්ධ කොඩිය මත සංකේත, අකුරු, වචන, වගන්ති සිතුවම් මුදණය නොකළ යුතුය, දන්සැල් පැවැත්වීමේදී බෞද්ධ කොඩිය වැරැදි ලෙස භාවිතා නො කළ යුතු අතර පදික වේදිකා ආදී විවෘත ස්ථාන වල බෞද්ධ කොඩියට අගෞරව වන ආකාරයෙන් තබා වෙළෙඳාම් නොකළ යුතුය.

දුර්වර්ණ වූ, පළුදු වූ, අවපැහැගැන්වූ බෞද්ධ කොඩි භාවිතා නොකළ යුතුය. බෞද්ධ කොඩියේ වර්ණ පිළිවෙල වෙනස්කර මුද්‍රණය නොකළ යුතුය, යන්නත් ඉහතින් දක්වන ලද ආකාරයන්ගෙන් හෝ වෙනත් කිසිදු ආකාරයකින් බෞද්ධ කොඩියට අගෞරව වන ලෙස බෞද්ධ කොඩිය භාවිතා කිරීමෙන් වැළකිය යුතුය යන්න සම්මත කරගෙන ඇත.

දන්සල් හා වෙනත් වැඩසටහන් වලදී කටයුතු කළ යුතු ආකාරය

දන්සල් පැවැත්වීමේදී හා ආධාර එකතු කිරීමේදී අදාළ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා හා අදාළ ග්‍රාම නිලධාරින්ගේ දැනුවත්වීම මත කටයුතු කිරීම, නියමිත ප්‍රමිතියෙන් යුත් බෞද්ධ කොඩිය භාවිතා කිරීම හා බෞද්ධ කොඩිය අවභාවිතයෙන් වැළකීම, සැදැහැ සිතින් සියලු කටයුතු සංවිධානය කිරීම, භක්ති ගීත, වෙසක් නාට්‍ය සංදර්ශන පැවැත්වීමේදී බෞද්ධ ආචාර ධර්මවලට අනුකූලව කටයුතු කිරීම පිළිබඳවද බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා කීය.

වෙසක් සමයේ දන්සල් විවිධ සැරසිලි විවිධ උත්සව සිදුකරනවා. මෙහිදී අප මුල්තැන දෙන්නේ තෙමඟුල සිහිකරන ආගමික පරිසරයකට යි. ඒ වගේම දන්සල් දීමේදී ඒ ස්ථානවලට මහජනයා කැඳවීමට බෞද්ධ කොඩිය භාවිතා කරන්න එපා කියලා අප ඉල්ලා සිටිනවා. ඒ වෙනුවට කහ පැහැති වර්ණයෙන් කොඩියක් භාවිතා කළ හැකියි යන්නත් සඳහන් විය.

මෙම උත්සවයට සමාගාමිව වෙසක් සමරු මුද්දරය නිකුත් කිරීම මේ මස 20 වැනිදා බුද්ධශාසන අමත්‍යාංශයේදී සිදු කෙරෙන අතර විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කය මුල්කරගෙන අඩුපහසුකම් සහිත විහාරස්ථාන වලට සහ දහම්පාසල් වලට ආධාර ලබාදීමට වැඩපිළිවෙලක් සකස්කර තිබෙනවා යැයි බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා සඳහන් කර සිටියේ ය.

මෙම අවස්ථාවට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා, බෞද්ධ කටයුතු කොමසාරි ජනරාල් චන්ද්‍රපේ‍්‍රම ගමගේ මහතා, ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් තමරා අමරතුංග මහත්මිය සහ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගි විය.

 

 

 
 බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් මස 11 වැනිදා සෙනසුරාදා අපරභාග 9.54 ට ලබයි.
12 වැනිදා ඉරිදා අපරභාග 08.26 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අපේ‍්‍රල් 12 වැනිදා ඉරිදාය.

මී ළඟ පෝය
අපේ‍්‍රල් 18 වැනිදා සෙනසුරාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]