UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කිරම සුගතවංශ නා හිමි

කිරම සුගතවංශ නා හිමි

කිරම ගම්මානයට පින්වත් පුතෙකු වී උපතය ලබන්නේ
කුඩා කල සිට මහණවෙන්නට මව්පියන් අවසර පතන්නේ
ගමේ පන්සලේ නාහිමිට සිසු දරුව වී කාලය ගෙවන්නේ
පින්බරව දිවි ගත කරන්නට නිතර ගත සිත යොදාලන්නේ

වයස අවුරුදු දහතුනේ දී පැවිදි දිවියට පාතබන්නේ
ගුරුවරුන් හට කීකරුව සිට ඉගෙනුම හොඳහැටි නිමකරන්නේ
පැවිදි දිවියේ විනය ශික්ෂා බවට නිතරම ගරු කරන්නේ
දිවි දෙවෙනි කොට මහණ දම් පුරමින්ම කාලය ගෙවාලන්නේ

ගමේ සිටිනා ගම් වැසියො ටික සිව්පසය අරගෙන මෙහේ එන්නේ
නාහිමියො වැඳලා ගලේ පන්සල වැඩහිඳින ලෙස අයැද ඉන්නේ
වෙහෙර කරවා බෝ පිළිම බැඳ තුංකෙමේ ගල නම් තබන්නේ
වන පියස තැන නිජබිම් ද කර බොහෝ අය දැන් මෙහේ එන්නේ

ලක් සසුන අඹරටම පැයු පුන්සඳ මෙන්ම නාහිමි වැඩ සිටින්නේ
පුන් සඳ වට කරන් තරු සේ හිමිවරුන් මෙහි බොහෝ ඉන්නේ
එදා සිටමයි සැම දේමයි අපේ පිනටයි උරුම වෙන්නේ
පින් කෙතට දම් පාසලක් දී දැනුම අපහට බෙදා දුන්නේ

අහෝ දිනයකි ශෝකයෙන් බර සමිඳු අවසන් ගමන් යන්නේ
සෑම දෙනටම නෙතට කඳුළක් එක්කරන් සෝ සුසුම් දෙන්නේ
සියලු දේ අනියතයි කියමින් අපට පාඩම් කියා දෙන්නේ
නිවන් පුරයට යන්න සමිදුනි නිතර පින් ටික තමයි දෙන්නේ

 

මැදින් අවඅටවක පෝය

මැදින් අවඅටවක පෝය මාර්තු මස 13 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 ට ලබයි. 14 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 13 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 20 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]