UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආටිගල ශ්‍රී සුගත බිම්බාරාම මහා විහාර දහම් පාසල

ආටිගල ශ්‍රී සුගත බිම්බාරාම මහා විහාර දහම් පාසල


ප්‍රධානාචාර්ය මඩවලතැන්නේ ජිනරතන හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය.

ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු ශිෂ්‍ය නායක නායිකාවන්.

ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු පන්ති නායක නායිකාවන්

ඓතිහාසික හේවාගම් කෝරළයේ පිහිටි ආටිගල ග්‍රාමයේ ඉදිකර ඇති ආටිගල පුරාණ විහාරය ප්‍රදේශවාසී බොදුනුවන්ට මහඟු පුදබිමකි.

1986 වර්ෂයේ බියගම උපරතන නමින් මෙම පින්බිමට වැඩම කළ සාමණේරයන් වහන්සේ ධර්මශාස්ත්‍රඥානය ලබා උපසපන් වූ ශික්ෂාකාමී භික්ෂුවකවීම මෙම විහාරස්ථානයේ පිබිදීමට හේතු විය.

ආටිගල පුරාණ විහාරයේ පෙර තිබූ සුගත දහම් පාසල වෙනත් ස්ථානයකට ගෙන යාම නිසා නැවත මෙම විහාරස්ථානයට දහම් පාසලක් බිහි කළ යුතු බව උපරතන හිමියන්ගේ උදාර සංකල්පයකි.

මේ අනුව 2003.02.08 වන දින දායක සභාවේ සභාපති ඇතුළු ප්‍රභූවරුන් රැසකගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී සුගත බිම්බාරාම ‘මහා විහාර’ දහම් පාසල ආරම්භ කරන ලදී.

එවකට දරු දැරියන් 200 කගෙන් සහ ආචාර්ය මණ්ඩලය 12 දෙනෙකුගෙන් ඇරැඹුණ මෙම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය දැරුවේ බියගම උපරතන හිමියන්ය.

උන්වහන්සේ දහම් පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබා දීමට උත්සුක වූහ. දරුවන්ගේ මානසික හැකියාව ඔප් නැංවීමට අවශ්‍ය මූලික කර්තව්‍ය මේ යැයි පහදා දී උදය කාලයේ රැස්වීම කවි, කතා ආදියෙන් පරිපූර්ණ කළහ.

දහම් පාසලේ උන්නතිය උදෙසා කැපවුණු උපරතන හිමියන්ට උසස් පදවි හඹා ආවේ නිතැතිනි. 2012 වසරේ හෝමාගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරීධුරයට පත් වූ උන්වහන්සේ හෝමාගම සියලුම දහම් පාසල්වල උන්නතිය උදෙසා කටයුතු කළහ.

අන්‍යෝන්‍යාධාර සමිති පිහිටුවීමත්, හංවැල්ල මායාදුන්න විද්‍යාලයේ සහ ගොඩගම සුභාරතී විද්‍යාලය ආදී අධ්‍යාපන ආයතනවල නියෝජ්‍ය විදුහල්පති ධුරය දැරූ උන්වහන්සේ තම ධර්ම ඥානය ළමයින්ට නිතැතින්ම බෙදා දුන්නහ. පසුකාලීනව උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව විහාරාධිපති ධූරයට පත්වූයේ මඩවල තැන්නේ ජිනරතන හිමියෝ ය. වත්මන් ප්‍රධානාචාර්ය ධුරය දරන උන්වහන්සේ තම ගුරු දේවයාණන් වූ බියගම උපරතන හිමියන් ඉටු කළ කාර්යය මැනවින් සිදු කරමින් ව්‍යාපාරිකයන්ගේ ද සහාය ඇතිව අසරණ දරුවන් වෙනුවෙන් දහම් පාසල් නිල ඇඳුම සකසා දීම ද සුවිශේෂී වෙයි. උදෑසන කාලයේ දරුවන් භාවනා අභ්‍යාසයන්ට යොමු කරවමින් ගුණ දහම් වගාවට සිසු සිත යොමු කරවීම ජිනරතන හිමියන්ගේ වැඩසටහන් තවත් කාර්යයකි.

නායකත්ව පුහුණුවට අදාළ නායක කමිටු නම් කර නිල ලාංඡන පැළඳවීමද නොබෝදා සිදු විය. මෙසේ දිනෙන් දින නව අර්ථකථනයන් හමුවේ ගමන් ගන්නා දහම් පාසලේ ප්‍රගතිය විශිෂ්ටය. මේ සඳහා ස්වේච්ඡාවෙන් ඇප කැප වන ඇඳුරු මඬුල්ලේ සේවය මෙන්ම හිටපු ප්‍රධානාචාර්ය බියගම උපරතන හිමියන්ගේ සේවයත් එය නොපැකිලිව ඉදිරියට ගෙන යන වත්මන් ප්‍රධානාචාර්ය මඩවලතැන්නේ ජිනරතන හිමියන්ගේ කැපවීමත් නිබඳව අගැයිය යුතු ය.

 

 

 

 

 

මැදින් අවඅටවක පෝය

මැදින් අවඅටවක පෝය මාර්තු මස 13 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 ට ලබයි. 14 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 13 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 20 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]