UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර ජයශී‍්‍ර මහා බෝ සමිඳුන් වැඳ පුදාගත් අයුරු

මහනුවර නගරයට දිස්වන සේ අස්ගිරි මහා විහාර පිරිවෙනෙහි ඉදිකෙරෙමින් පවත්නා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත පැළඳවීම සඳහා චූඩා මාණික්‍යයක් පසුගියදා බුරුමයේ දානපති යුවළක් විසින් පරිත්‍යාග කරනු ලැබූහ. උසින් අඩි 55 ක් වන මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 500 ක පමණ මුදලක් වැයවෙතැයි අපේක්ෂා කෙරේ.
මෙම චෛත්‍යය රාජයාණන් වහන්සේ ඇතුළත සිව් දිශාවට මුහුණලා තැන්පත් කරන දර්ශනීය බුදු පිළිම වහන්සේලා සිව් නමක් සහිත බුද්ධ මන්දිරයක් ද ස්ථාපිත කෙරෙනු ඇත. එම චෛත්‍යයේ තැන්පත් කිරීම සඳහා බුරුමයේ දානපති යුවළක් වන යූ යෑන් මහතා සහ දොයින් ෂ්වීන් මහත්මිය විසින් චූඩා මාණික්‍යය පූජා කරනු ලැබූ අතර සංස්කෘතික අරමුදලේ අනුරාධපුර ජේතවන ව්‍යාපෘති කළමනාකාර එච්.එම්.එම්. හේරත් මහතාගේ සහ අනුරාධපුර බුරුම විහාරස්ථානයේ පූජ්‍ය සුන්දර හිමියන්ගේ මඟ පෙන්වීමෙන් අදාළ යුවළ මෙම පුණ්‍ය කර්මයට දායක වූහ.
- අසේල කුරුළුවංශ


ලේක්හවුස් ආදී කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 129 වන ජන්ම සමරුව නිමිත්තෙන් ඉකුත් 22 , 23 සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේදී පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි. එහිදී කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියන් විසින් පිරිත් දේශනාවේ අනුශාසනාව සිදුකළ අවස්ථාව. සංඝගත දක්ෂිණාව පිරිනැමීමෙන් අනතුරුව ඩී.ආර්. විජයවර්ධන මහතාගේ පුත් රංජිත් විජයවර්ධන මහතා සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහතා ඇතුළු පිරිස පැන් වඩා පින් අනුමෝදන් කරන ලදී. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි මහතා, මුල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එමරික් ප්‍රනාන්දු මහතා, අධ්‍යක්ෂ සිරිමෙවන් ඩයස් මහතා, ලක්ෂමන් හේවාපන්න මහතා, සමාගමේ සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා සහ සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මිය ඇතුළු ලේක්හවුස් සේවක සේවිකාවන් විශාල පිරිසක්ද එම අවස්ථාවන්ට සහභාගි වූහ.
ඡායාරූප – සමන්ත වීරසිරි

 
 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 04 වැනිදා බදාදා අපරභාග 8.58 ට ලබයි. 05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 11.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 05 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මාර්තු 13 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]