UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් පුර පසළොස්වක 2015.03.05

සසර ගමන

ලෞකික ලෝකෝත්තර උභයාර්ථයම සලසන සම්බුදු දහම අනුගමනය කරන මනුෂ්‍යයා දෙලොවම ජීවිතය සාර්ථකව ගත කිරීමට උත්සාහ කරනු ලැබේ’. සසර මහා සමුදුරවන්ය. පරක් තෙරක් සොයා ගැනීම ඉමහත් අසීරුය. එහෙත් සසර ගැන යම් සුළු හෝ වැටහීමක් ඇති මනුෂ්‍යයා ඒ සසර කතරේ අතරමං නොවී එතෙරවීමට මහත්සේ උත්සාහ කරනු ලැබේ.

මහ සයුරේ තොටියා පදවන ඔරු, බෝට්ටු, නැව් තොටියාගේ හැකියාව දක්ෂතාවය නිසාම සේන්දු විය යුතු ස්ථානය සොයා වෙහෙසකර ගමනකින් කෙලවර කරනු ලැබේ. එහෙත් තොටියාගේ ජීවිතය ගැන පවතින අවදානම ගැන පවා නොසිතා තොටියා සයුරේ ගමනා ගමනය කරන බව ඇතැමෙකුට කල්පනාවට නොඑනු ඇත. මහ සයුරේ නොසිතූ විරූ දේ බොහෝ විට සිදුවෙයි. නොසිතු මොහොතක මහා චණ්ඩමාරුත, සුළිකුනාටු ඇදීයාමෙන් ඇතැම්විට පදවන ඔරු යා යුතු ස්ථානය හඳුනාගත නොහැකිව මහ සයුරේ අතරමං වන අවස්ථාද නැතුවා නොවේ.

“ජීවන ගමන” පදවාගෙන යන මනුෂ්‍යයාටද මහසයුරේ ගමන් කරන තොටියාට මෙන් සසර කතරේ ඇතැම් විට අතර මං වීමට සිදු වන බවද කල්පනා කළ යුතුය. සසර ගමනට මනුෂ්‍යයාට අවශ්‍ය වන්නේ පිනය. බොහෝ දෙනා පාරමිතා පුරමින් එම පින උදාකර ගැනීමට උනන්දු වන බවද අපි අමතක නොකරමු.

එහෙත් පින, පව ගැන , කර්මය, කර්මඵලය ගැන නොසලකන ඇතැමෙක් ඒ බව අමතක කරමින් කටයුතු කළහොත් එහි විපාකය විඳිනු ලබන්නේද තමාම බව මොහොතකට අමතක කිරීම නිසා සසර ගමනේ මහ සැඩ පහරවල ට හසුවී යාමට ඇති ඉඩකඩ බොහෝ යැයි සිතිය යුතුවේ.

‘පුඤ්ඤානි පරලොකස්මිං, පතිට්ඨා හොන්ති පාණීනං සසර ගමනට උපකාර වන්නේ පිනමය. එය තමා පසුපස එන සෙවනැල්ල මෙනි. “ඡායාව අනපායිනි” යනුවෙන් ධම්මපදයේ දැක්වෙන්නේද එයයි.

සසර ගමනට පිහිට වන්නේ පින නම් නැවත නැවතත් පිනෙහිම නිරත විය යුතු නොවේද? සසර ගමන මහා දීර්ඝය. ඒ නිසාම පිනෙහි පවතින අඩුපාඩුකම් නිසාම අනන්ත කාලයක් පුරා සසර ගමනේ සැරිසැරීමට සිදුවේ. ඒ ගැන බුද්ධිමත්ව මෙනෙහි කිරීමෙන් පමණක් පිනට යොමුවීමට පහසුවෙයි.

මිනිස් ලොව උපත ලැබීම පවා දුර්ලභය. මිනිස් ලොව වාසනාවන්තය. එසේ දුර්ලභව ලබා ගත් මනුෂ්‍ය ජීවිතය ආරක්ෂා කර ගැනීමට පවෙන් වැළකිය යුතුය පවට බිය විය යුතුය. ලජ්ජා විය යුතුය. පවෙන් වැළකී පිනට යොමු විය යුතුය. ගුණ දහමට නැඹුරු විය යුතුය.

අපේ පෞරාණික විහාරස්ථානවල අතීතයේ ඉදිවූ බුදු මැදුරට ගිය විට එහි නිර්මාණය කර ඇති අපාය දක්නට ලැබීමෙන් කුඩා කල පටන් පවෙන් ඈත්වීමට එයද හේතුවක් විය . විවේකයෙන් පසුවන දවසට වන්දනා ගමන් යොදා ගනිමින් එවන් පෞරාණික වෙහෙර විහාර දැක බලා ගනිමින් වැඳ පුදාගැනීමට අපේ මුතුන් මිත්තෝ කටයුතු යෙදූහ. ගමේ පන්සල කේන්ද්‍රස්ථානය කර ගනිමින් ගමටම දහම් මිහිර බෙදා දුන්හ. අද පවා විහාරස්ථානයේ පවත්වාගෙන යන දහම් පාසල මගින් සිදු කෙරෙන මෙහෙවර සුළු පටු නොවේ.

ගමේ සියලු දරුවන් දහම් අධ්‍යාපනය ලැබීමට පන්සලට ඒකරාශි විය යුතුය. දඟකාර ළමා විය පවා සන්සුන්, සංවර පැවැත්මට යොමු කරවනු ලබන්නේ ඒ දහම් අධ්‍යාපනයේ මූලිකත්වයෙනි. එසේ ඇසුර ලබන දරුවා හැමවිට ගුණ යහපත් දරුවෙක් වේ. මව්පිය, ගුරුවර, වැඩිහිටි ආදීන් පුදන දරුවකු ද වේ. හැදෙන වැඩෙන කුඩා දරුවකුට නිතර නිතර එවැනි යහපත් දෑ දැකීමට සැලස්වීම පවා ළමා මනසට නිරන්තරයෙන් සපයනු ලබන ආදර්ශ බොහෝය.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 04 වැනිදා බදාදා අපරභාග 8.58 ට ලබයි. 05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 11.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 05 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මාර්තු 13 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]