UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

පෝදා පින්කම්

සංකල්ප විහාරයේදී මල් ලක්ෂයක් පූජා කිරීම

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරයේදී මල් ලක්ෂයක් පූජා කිරීමේ මහා පින්කම මෙවරද මාර්තු 05 වන දින සවස 6.00 විහාරස්ථ බෝ මළුවේදී විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනාව පරිදි පැවැත්වේ.


කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි මැදින් පුරපසළොස්වක පෝය දා දවස පුරා කොබවක ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ. දාන, ශීල, භාවනා පින්කම් දවස පුරා පැවැත්වෙන අතර පෙරවරු 9.30 ට ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ ගෝවින්නේ, ගෝවිනිමානානේ ශ්‍රී සුදර්ශනාරාමවාසි ගෝවින්නේ ධම්මින්ද හිමියන් විසිනි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ සංඝමිත්තාරාමයෙහි පොහෝ දින අලුයම 3.00 සිට සවස 6.00 දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ. අලුයම 5.00 ට විශේෂයෙන් සැකසූ ක්ෂිරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාව, අලුයම 5.40 ට සසුන් ගතවන කාන්තාවන් සතර දෙනාට ගස්නාවේ ඤාණානන්ද නාහිමි විසින් සිල් සමාදන් කරවීම පෙරවරු 6.00 ශීල භාවනා, ධර්මදේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 9.00 – 10.00 ධර්ම දේශනය ආචාර්ය පූජ්‍ය මල්වානේ චන්ද්‍රරතන හිමි, 11.00 ට දහවල් බුද්ධ පූජාව පස්වරු 12.30 – 1.00 ට දහවල් බුද්ධ පූජාව පස්වරු 12.30 – 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 2.00 දක්වා ධර්ම දේශනය උඩගමුවේ ධම්මදස්සී හිමි, 2.15 – 5.00 දක්වා භාවනාව පිළියන්දල සංඛපාලී ප්‍රධාන දසසිල් මෑණියන් තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 6.00 ට මල් පහන් ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පිළියන්දල සංඛපාලී ප්‍රධාන දසසිල් මෑණියන් විසින්ද සිදු කෙරේ. මෙම පුරපසළොස්වක පොහොය දිනයෙහිදීද සිල්වත් පිරිස අතර ධර්මදානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකු මැණිකේ ඉඩම්පිටිය මහත්මිය විසිනි.


කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාමය

පෙරවරු 6.00 – 6.30 ට උපෝසථශීලය හා කෙටිඅනුශාසනාව විහාරාධිපති, ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 ට සම්බුද්ධපූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනය රාජකීයපණ්ඩිත කළුතර වනරතන හිමි, 10.30 – 11.11 දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.15 – 12.45 ට බුද්ධානුස්සති භාවනාව, 2.15 -3.15 ට ධර්මදේශනය කන්තලේ සුමිත්ත හිමි, 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍රදේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ට ධර්මදේශනය තලල්ලේ ධම්ම දේව හිමි, 6.00 ට සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව 8.00 – 9.00 ට රාත්‍රී ධර්ම දේශනය (පටිගත කරන ලද දේශනයක්)


කෑගල්ල තරුණ බෞද්ධ සංගමය

සද්ධර්ම කීර්ති ශ්‍රී සතර කෝරළ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් බුද්ධ ධර්මය පිළිබඳව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක කෑගල්ල වෑවලදෙණිය ශ්‍රී මහින්දෝදය පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති හෙම්මාතගම සිද්ධාර්ථ නා හිමිපාණන් වහන්සේගේ අනුශාසනාවෙන් ආචාර්ය හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර නාහිමි පදනමේ මව් සංගමයේ ප්‍රධාන ලේකම් ශාස්ත්‍රවේදී , ධර්මවේදී ආයුර්වේද වෛද්‍ය සමරවර්ධන නිශ්ශංක මහතා හා බී.එම්. එස්.බී. බස්නායක මහතාගේ මෙහෙයවීමෙන් පෙරවරු. 6.45-7.00 – බුද්ධ වන්දනා හා සැදැහැ ගාථා, බී.එම්.එස්.බී.බස්නායක මහතා , 7.00- 7.45 අටසිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව හා අනුශාසනාව අස්මඩලේ ධම්මරතන හිමි 9.00-9.45 ධර්ම උපදේශනය ඇම්.ආර්.මද්දුම බණ්ඩාර මයා , පෙ.ව. 9.45-10.45 – ධර්මදේශනය ශාස්ත්‍රවේදී එස්.එම්.කේ. සිරිවර්ධන මයා .11.15-12.00 බුද්ධ පූජාව, හා දිවා දානය පස්වරු 12.30 – 1.00 ශිලා ආවර්ජනාව , බී.එම්.එස්.බී. බස්නායක මහතා .1.00 -2.00 ජීවිතය හා බුදුදහම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.එල්.ඒ. පියසේන මහතා 2.00 – 2.45 ධර්මානුසාසනාව ශාස්ත්‍රවේදී පන්නල ආනන්ද හිමි. ප.ව. 4.00 – 5.00 ධර්මානුශාසනාව ආචාර්ය ශාස්ත්‍රපති මීගලෑවේ නන්දරතන හිමි .ප.ව.5.00 සිල් පවාරණය .


අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික මහාවිහාරයේ පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන් මාලාවක් පොහෝ දින දවස පුරා ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නා හිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි, බෝමළුව විහාරවාසී කිරින්දේ ඥානදර්ශන හිමියෝ වැඩසටහන සම්බන්ධීකරණය කරති.

පෙරවරු 6.00 පෙහෙවස් සමාදන්වීම, 6.30 උදෑසන බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව මහාචාර්ය පාතේගම ඥානිස්සර හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය, මහාචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතා, 10.15 දේශනයට අදාළ ගැටලු සාකච්ඡා කිරීම 10.30 දහවල් බුද්ධ පූජාව දවල් 12.00 ජාතක කතා දේශනාව පණ්ඩිත ඉහළදිවුල්වැවේ විමලවංශ හිමි, පස්වරු 1.00 ධර්ම දේශනාව දේශකයාණෝ මහාචාර්ය මැඩියාවේ පියරතන හිමි, 2.30 දම්සභා මණ්ඩපය, ශාස්ත්‍රපති කරගස්වැවේ විමලානන්ද නාහිමි, දර්ශනපති වැලිවිට සෝරත හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා 03.45 භාවනාව පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 4.30 තෙසැත්තෑ ඤාණපූජාව සහ බෝධි පූජාව කෙහෙල්වල රේවත හිමි, 5.55 සිල් පවාරණය.


කළුතර බෝධිය

පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව ගැටඅරළුවේ විපුල ධම්ම හිමි, 7.30 – 9.45 ධර්ම දේශනය තපෝවනයේ සුමේධ හිමි, 10.00 – 11.30 ධර්ම සාකච්ඡාව මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි, පස්වරු 1.00 – 2.45 ධර්ම දේශනය, මගුරේ සුමේධ හිමි, 3.00 – 6.00 ධර්ම දේශනය කළුතර සුබෝධි හිමි, 6.15 – 7.00 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ බෝධි පූජාව (පටිගත කළ එකකි) 7.15 – 9.00 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 9.15 සිට රූපවාහිනිී තුළින් බෞද්ධ වෙහෙර විහාරස්ථාන නැරඹීම.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

- තරුණ සීල සමාදානය -

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත දොඩම්පහළ කුමාරකස්සප හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති කහටපිටියේ පඤ්ඤාසාර හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අගලවත්තේ සුමිත්ත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය පුද්ගල ඵලදායිතා විශේෂඥ නාලක හේවාමද්දුම මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

- වැඩිහිටි සීල සමාදාන වැඩසටහන -

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්වෙල වජිර හිමි, 8.00 – 09.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත දොඩම්දූවේ සිරිකර නා හිමි 9.00 – 10.00 අභිධර්ම දේශනාව වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 විශේෂ දේශනය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව මාගම දම්මදීප හිමි, පැනසිහගම කේම හිමි, පස්වරු 12.35 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ බංගලිදේශයේ සංඝරක්ඛිත හිමි, මීගොඩ මධුභානී හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව කරගහවල චන්දානන්ද හිමි, 3.00 – 3.45 ධර්ම දේශනාව ශාස්ත්‍රපති වේපතඉර හේමාලෝක නාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 5.00 – 6.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


කල්‍යාණී රාජමහා විහාරය

පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය හා උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 – 9.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 – 10.00 ධර්මදේශනාව බොරැල්ලේ සිරිසුමන හිමි, 10.00 – 10.30 ධම්මපදයෙන් බිඳක්, විද්‍යාලංකාර මහ පිරිවෙනේ ආචාර්ය, දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 10.30 -11.00 දිවා බුද්ධපූජාව ගොඩපොල නන්ද හිමි, පස්වරු 2.00 – 3.00 වෛද්‍ය විද්‍යා දේශනය වෛද්‍ය චන්දිම නාමරත්න මහතා, 3.00 – 4.00 ධර්මදේශනාව නාවලපිටියේ සරණජෝති හිමි, 4.00 – 5.00 පිරිත් දේශනය මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා, 5.00 – 6.00 භාවනාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධ පූජාව දෙමටපිටියේ මධුරවංශ හිමි, 7.00 – 8.00 ධර්මදේශනාව පොල්පිතිමූකලානේ පඤ්ඤාසිරි හිමි.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද හිමියන්ගේ අනුශාසනාව පරිදි සිදු කෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස, කිරි ආහාර පූජාව, ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍ය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ කංචුක පූජාව පැවැත්වේ. උදේ ධර්මදේශනාව යටගල ආරණ්‍යසේනාසනවාසී නෑබඩ ධම්මහංසි හිමියන් විසින් විහාරස්ථ ධර්ම ශාලාවේ දී පැවැත්වේ. භාවනා වැඩසටහන කිරිවෙහෙර චෛත්‍ය මලුවේ දී පැවැත්වේ.

සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර සහ බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාවභාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් සිදුකරයි. රාත්‍රි 7.00 ට අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධි පූජාව ද 3 වන මලුව සමීපයේ පහන් ආලෝක පූජාවද පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය, විහාරස්ථදායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරය

පෙරවරු 6.30 උපෝසථ ශීලයෙහි පිහිටුවීම සම්බුද්ධ පූජාව අනුශාසනාව තෙල්වත්තේ නන්දතිස්ස හිමි, 8.15 භාවනාව 10.00 ධර්මදේශනාව, ශාස්ත්‍රපති පණ්ඩිත දෙනගම සිරිනන්ද හිමි, 11.00 සම්බුද්ධ පූජාව පස්වරු 1.30 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති මුරුතවෙල සීවලි හිමි, 3.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති රත්ගම උපනන්ද හිමි, 4.30 ධර්මදේශනාව හා අටවිසි බුද්ධ පූජාව වෙරළුගොල්ලේ උදයනන්ද හිමි,


තෙලවල විජයරූපාරාමය

අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර, අලුයම 6.30 – 7.30 උපෝසථ අෂ්ටාංග සීලය සමාදන් කරවීම, කෙටි අනුශාසනාව සහ මෛත්‍රී භාවනාව ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නා හිමි, පෙරවරු 8.30 – 9.30 ධර්ම දේශනාව වැලිමඩ ඤාණාරාම හිමි, 9.30 – 10.30 විශේෂ දේශනය ආසිරි රාජපක්ෂ මහතා, 10.30 – 11.00 මෛත්‍රී භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි, 11.00 – 12.00 දහවල සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි, 12.30 – 2.00 භාවනාව හා ධර්ම සාකච්ඡාව නිල්මල්ගොඩ සද්ධාවිහාරී හිමි, 2.00 – 3.00 ගිහි දේශනය ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා, 3.00 – 4.00 කාව්‍යමය ධර්ම දේශනාව හඟුරන්කෙත ඤාණින්ද හිමි, 4.00 – 5.00 මහපිරිත් දේශනාව සහිත මහා සමය සූත්‍ර දේශනාව ධර්මායතනයේ ස්වාමීන්වහන්සේලා, 5.00 – 6.30 අටවිසි බෝධි පූජාව දම්පහළ ඤාණරතන නාහිමි. බුදුසරණ පත්‍ර බෙදාදීම දායකත්වය, චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය බුරුතගොල්ල, ඔක්කම්පිටිය.


බම්බලපිටිය සිරිවජිරාරාමය

පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත සිරිජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහනාහිමි, 8.00 – 9.00 ධම්මපදයෙන් පිටිපන සාසන රතන හිමි, 9.00 – 10.00 ධර්මානුශාසනාව ගලිගමුවේ ඤාණදීප හිමි, 10.00 – 11.00 භාවනාව සහ අනුශාසනාව, ගම්පහ පාසාදික හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව කුරුණෑගල චරණධම්ම හිමි,පස්වරු 12.30 – 1.15 සෙත් පිරිත් කඹුරුගමුවේ මහානාග හිමි. පස්වරු 1.15 - 2.30 ධර්ම සාකච්ඡාව මීගොඩ සුඛිත හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 4.00 – 5.00 ගිහිදේශක මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ මහතා, 5.00 – 6.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 6.00 – 6.45 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම ය

පෙරවරු 5.30 – 6.30 කිරිපිඬු පූජාව සීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 8.30 භාවනාව, 8.30 – 9.30 ධර්ම දේශනාව බොරැල්ලේ කෝවිධ හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.30 – 11.30 දෙතිස්ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 – 1.00 ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව, 1.00 – 3.00 ධර්ම සාකච්ඡාව නාවල ධම්මානන්ද හිමි,3.30 – 4.30 ධර්ම දේශනාව, කහගොල්ලේ සෝමවංශ හිමි, 4.30- 5.00 කරණීයමෙත්ත සූත්‍ර දේශනාව හා සිල් පවාරණය, මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි.


බෙල්ලන්විල රාජමහා විහාරය

පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව, 7.00 බුද්ධ පූජාව පැවැත්වීම, 8.30 ධර්මදේශනාව ශ්‍රී සම්බෝධිවිහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමි, 10.00 භාවනාව සාරානාත් බෞද්ධ මධ්‍යස්ථානාධිපති තලාවේගම සද්ධාතිලක හිමි, 11.00 බුද්ධ පූජාව පැවැත්වීම, පස්වරු 1.30 ජාතක ධර්ම දේශනාව, බෙල්ලන්විල රාජමහා විහාරවාසී, මොරගොඩ සුධම්ම පොඩි හාමුදුරුවන් වහන්සේ. 3.00 ධර්ම සාකච්ඡාව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, මහාචාර්ය ජී. ආරියපාල පෙරේරා මහතා, ශාස්ත්‍රපති පී. වීරතුංග මහතා, 4.30 ධර්ම දේශනාව තන්තිරිමුල්ලේ සරණ හිමි, රාත්‍රී 7.00 බුද්ධ පූජාව ශ්‍රී බෝධිරාජ දහම් පාසල, බෙල්ලන්විල, රාත්‍රී 7.30 ධර්ම දේශනාව දිවුල්පිටිය බෝධිරාජාරාමාධිපති ශාස්ත්‍රපති ඕකන්දයායේ බුද්ධසිරි හිමි.


අනුරාධපුර සදහම් සෙවණ

අනුරාධපුර සදහම් සෙවණ පුන් පොහොය වැඩසටහන මේ මස 05 දිනට යෙදෙන පුන් පොහෝ දින අනුරාධපුර වේලුවනගම අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් පැවැත්වේ. මෙම මැදින් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජාද ඇතුළත් වේ.

පොහොය දිනට පසු දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් උදේ 8.00 සිට 10.00 දක්වා පැවැත්වේ. පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ රෝහිත විජයතිලක මහතා විසිනි.


හුණුපිටිය ශි‍්‍ර විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානය

හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානාධිපති වලවෙල හේමානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ බෞද්ධාරක්ෂක සභාව, වීතදෝෂි සමිතිය, කාන්තා සමිතිය, ශ්‍රී ධර්මාශෝක ධර්ම විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන ශීල භාවනා වැඩසටහන පෝද දින පෙ.ව 6.00 සිට පසුදා පෙ.ව 6.00 දක්වා හුණුපිටිය විජය සුන්දරාරාමයේදී පැවැත්වේ.

මෙම වැඩසටහන් සඳහා අම්බලන්ගොඩ සුමනන්ද හිමි, දේවගොඩ පියරතන හිමි, බුත්කන්දේ රතනජෝති හිමි, වේවැල්දුවේ ධම්මකිත්ති හිමි, තිස්සමහාරාමයේ ධම්මසාර හිමි, හුණුවල පියදස්සි හිමි ඇතුළු ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 04 වැනිදා බදාදා අපරභාග 8.58 ට ලබයි. 05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 11.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 05 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මාර්තු 13 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]