UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රත්නපුර රත්ගඟ බුද්ධගයා අනුරූ විහාර මන්දිරය විවෘත කිරීම මැදින් පෝදා

රත්නපුර රත්ගඟ බුද්ධගයා අනුරූ විහාර මන්දිරය විවෘත කිරීම මැදින් පෝදා

රත්නපුර රත්ගඟ පුංචි දඹදිව බුද්ධගයා අනුරූ විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය රත්නපුර රත්ගඟ ශ්‍රී ගංගාරාම අසූමහා ශ්‍රාවක බුදුරජ මහා විහාරාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක මංගල ධර්මකීර්ති ශ්‍රී ගිලීමලේ චන්ද්‍රාලෝක නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් සැදැහැවත් පින්වතුන්ගේ රුපියල් කෝටි දහහතර හමාරක් පමණ වූ ධන පරිත්‍යාගයෙන් එම විහාරස්ථානයේ ඉදිකරන ලද බුද්ධගයා අනුරූ විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් මාර්තු 5 වනදා (මැදින් පෝදා) පෙරවරුවේ විවෘත කෙරේ.

පෝදා සීල සමාදාන පින්කමද සිදු කෙරෙන අතර එදින හීල දානය හා දවල් දානය යටියන්තොට පොරවල, විතානගේ සිරිපාල ගුණවර්ධන මහතාට පින් පිණිස දූ දරු පිරිස විසින් සිදු කරනු ලැබේ. පෝදාට නියමිත වාර්ෂික මුර දානය පිරිනැමීම සාමවිනිසුරු ගාමිණි වලාකුළුආරච්චි මහතා ප්‍රධාන දායක පිරිස විසිනි. පෝදා උත්සවයට පැමිණෙන සැදැහැවතුන් උදෙසා මහා දන්සලක් 98, කොළඹගෙආර ඇඹිලිපිටියේ ඩබ්. එම්. සිරිපාල මහතා ප්‍රධාන දූ දරු පිරිස විසිනි. සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පෝදා පැවැත්වේ.

 

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 04 වැනිදා බදාදා අපරභාග 8.58 ට ලබයි. 05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 11.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 05 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මාර්තු 13 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]