UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නෙල්ලිකුලම සිරිසම්බුද්ධ පංචසතික චාරිකාරාමයේ අසිරිමත් මහා පින්කම

නෙල්ලිකුලම සිරිසම්බුද්ධ පංචසතික චාරිකාරාමයේ අසිරිමත් මහා පින්කම

අප ගෞතම බුදුරජාණන් වහන්සේ පන්සියයක් මහරහතන් වහන්සේ සමගින් සදහම් චාරිකාවේ නිරත වන අයුරු මූර්තිමත් කොට,අක්කර දහයක් පමණ වූ විශාල භූමි භාගයක තනවන ලද දෙස් විදෙස් සුපතල දර්ශනීය විහාරස්ථානයක් වන අනුරාධපුර නෙල්ලිකුලම සිරිසම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාම පුදබිමට දිවයිනේ දස දෙසින් මහා සංඝරත්නය පන්සිය නමක් වැඩම කිරීමේ අසිරිමත් මහා පින්කම අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති හා නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමාධිපති, කල්‍යාණි ධර්ම මහාසංඝ සභාවේ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක, රජරට පාර්ශ්වයේ උපාධ්‍යාය, අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමියන් විසින් සිදු කිරීමට කටයුතු යොදාා ඇත.

එම සුවිශේෂි මහා පුණ්‍ය කර්මය 2015 මාර්තු 07 වන දින දිවයිනේ දසදෙස විසිරී සිටින දායක දායිකාවන් දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.

එදින ප්‍රතිමා වහන්සේලා ඉදිකර ඇති පෙත්මඟ සම්පූර්ණයෙන්ම නෙළුම් මල් අතුරා සුවඳ පැන් ඉසීම සිදු කෙරෙන අතර දවල් මහා සංඝරත්නය 500 නමක් විෂයෙහි සපිරිකර මහා සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ.


අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමි

එම පුදබිම සදහා අක්කර දහයක පමණ වූ භූමි භාගය වෙන් කර ගන්නා විට මුළු ප්‍රදේශයම වනයෙන් ගහනව පැවැතුණි. 2004 ජූලි මස 06 වැනි දින චාරිකාරාමයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි. විශාල කැලය එළිපෙහෙළි වී බුදු සසුනට පූජා වී 2005 මාර්තු මස 28 වෙනි දින චාරිකාරාමයේ අභිනවයෙන් ඉදිකෙරෙන විහාරය සදහා මුල්ගල තැබිණි. එහි ඉදිකළ දෙමහල් සංඝාවාසය විවෘත කරනු ලැබුවේ 2004 නොවැම්බර් 06 වැනි දිනය.

සද්ධාරංසි නාහිමියන් විසින් ගොඩනැගූ චිත්ත රූපයකට අනුව යමින් බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සියයක් මහරහතන් වහන්සේලා ගම් නියම්ගම්වැඩම කරවමින් අනුරාධපුරයට වැඩම කරවන ආකාරය නිරූපණය කරන ප්‍රතිමාවහන්සේ පන්සියයේම සියලු කටයුතු දැන් නිමාවට පත්ව තිබේ. ඒ හැම ප්‍රතිමාවකම විශේෂත්වය වන්නේ ජීවමාන මිනිස් ප්‍රමාණයෙන් ඉදිවීමයි. ප්‍රතිමාවල මුහුණුවලද චරිතාංග විවිධත්වය ඇතිවන පරිද්දෙන් වෙනස් කර තිබීම තවත් විශේෂත්වයකි. ඈතින් සිට බලන්නෙකුට පෙනී යන්නේ ජීවමාන බුදුපියාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පන්සීය නමක් සමඟ මහ වනය මැදින් ගමන් අරඹා ඇති බවයි. මෙබඳු හැගීම් ඇති කර ගත්තෝ සිය වාහන නවතා විස්මිත දෑසින් ප්‍රතිමා නරඹන අයුරු දැන් දැකගන්නට හැකි වී තිබේ.

සද්ධාරංසි නාහිමියන්ගේ මෙම විහාර කර්මාන්තයේ ඊළඟ පියවර වූයේ පුදබිම තුළම මහගල් පර්වතයකින් බැස වඩින්නා වූ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිමා නිර්මාණය කිරීමය. මෙය බුදුරජාණන් වහන්සේ සමනොළ කන්දේ සිරිපා සටහන තැබූ අවස්ථාව සිහිපත් කරවන්නකි. එම මහා කර්තව්‍යයද දැන් නිමාවට පත් කර තිබේ. එහි පිටතින් පෙනෙන්නේ මහා කළුගල් පර්වතයක් සේ වුවද ඇතුළත විවිධ කතා වස්තු පිළිබිඹු කෙරෙන ලෙන් විහාරද ඉදිකර ඇත. එහි බුදු සිරිතේ එන කථාද මූර්තිමත් කර තිබේ.

එහි ධර්මායතනය ආරම්භ කරනු ලැබුවේ 2006 සැප්තැම්බර් මස 12 වැනි දිනදීය.වන්දනාවේ එන සැදැහැවතුන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකළ ළිඳ ජලයෙන් පිරී පවතී.

දායක කාරකාදීන්ගේ කැපවීම මත විශාල පුදබිමක් නිර්මාණය කිරීම ගැන පසුගියදා සද්ධාරංසි නාහිමියන් බැහැ දැකීමට පැමිණි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා උන්වහන්සේ වෙත සිය සතුට පළ කළ අයුරු.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගියදා එම පුදබිමේ පැවැති ‘තුරුවියනක්’ වැඩසටහනට සහභාගි වී පැළයක් රෝපණය කළ අයුරු.

පිරිවෙන් ශාලාව, ධර්ම ශාලාව , දාන ශාලාව, ශිෂ්‍ය නිවාස මෙන්ම දානය පිරිනැමීම සඳහා පැමිණෙන සැදැහැවතුන්ට නේවාසික පහසුකම් සැලසෙන පරිදි දෙමහල් ශාලාවක්ද මෙහි ඉදිකිරීමට නායක හාමුදුරුවන් වහන්සේ කළ කැප කිරීම, අප්‍රතිහත ධෛර්ය හා චිත්ත බලය ,මහත් වූ ප්‍රතිඵල ලබා දෙන්නට සමත් වී තිබේ. මේ සියලු ඉදිකිරීම් අංග සම්පූර්ණ ලෙස නිම කර පිරිවෙන ආරම්භ කිරීමටද ගත වුයේ මාසයක් වැනි කෙටි කාලයකි. 2006 අගෝස්තු මාසයේ ආරම්භ කළ ව්‍යාපෘතියේ වැඩ 2006 සැප්තැම්බර් මාසයේදී නිමකර ඒ මාසයේම 12 වැනි දින පිරිවෙනේ කටයුතු ආරම්භ කරනු ලැබීය.

එම සියලු ඉදිකිරීම් කර ඇත්තේ අක්කර දහයක් පමණ වූ මේ පුද බිම තුළය. දැන් මෙම පුද බිම ඉතා අලංකාර ලෙස ඈතට දිස්වේ. අනුරාධපුරයට පැමිණෙන දෙස් විදෙස් සැදැහැවතුන් හා සංචාරකයින් මෙම පුදබිමට පා තබා යාමට අමතක කරන්නේ නැත. පසළොස්වක පොහොය දිනවල මෙහි අතුරු සිදුර නැතිව බැතිමතුන්නේ පිරී පවතී. විහාරස්ථානයේ සියලු ඉදිකිරීම් කටයුතු නිම කර ඇතත් මහා සංඝරත්නය වැඩම කොට අසදෘශ මහා දානයක් පිරිනැමීමට නොහැකි බැවින් මාර්තු මස 07 වන දින එම මහා පුණ්‍ය කර්මය සිදුකිරීමට ලැබීම මාගේ භාග්‍යයක් සැදැහැවතුන් කොතෙක් පැමිණියත් ඔවුන්ට අවශ්‍ය ජලය, සනීපාරක්ෂක පහසුකම් හා රථගාල් නොඅඩුව පවතී. “සිරිසම්බුද්ධ පංචසික ශ්‍රාවක චාරිකාරාම ් කොට මා සලකමි. මේ සඳහා විහාරස්ථ දායක කාරකාදීන් හා දසදෙස වාසය කරන දායක පිරිස් දක්වන සහාය මා ඉතා අගය කොට සළකමි. මෙම පුදබිම ඉදිකිරීමට රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව දායක කාරකාදීන්ගේ මැදිහත්වීම තුළින්ම අවසන් කර ගැනීමට ලැබීමද වාසනාවක් කොට මම සලකමි. “ යැයි අළුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමියෝ පැවසූහ'. නෙල්ලිකුලම සිරිසම්බුද්ධ පංචසතික චාරිකාරාම පුදබිම බෞද්ධ ජනතා අයතියට පැවරීමේ නිල උත්සවය ලබන පොසොන් පොහොයට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට අපේක්ෂා කරන බව ද සද්ධාරංසි නා හිමියෝ සඳහන් කළහ.

 

 

 

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 04 වැනිදා බදාදා අපරභාග 8.58 ට ලබයි. 05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 11.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 05 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මාර්තු 13 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]