UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් පුර පසළොස්වක 2014.11.06

පොහොය දිනය

සෑම පුර පසළොස්වක පොහොය දිනයක්ම සුවිශේෂී වූ ඓතිහාසික ආගමික වටිනාකමකින් යුක්ත වේ. බෝසත් සිරිතේ හෝ අසිරිමත් බුදුසිරිතේ ඓතිහාසික සිද්ධියකින් හෝ ශාසන ඉතිහාසයේ පූජනීය සිද්ධියක් අනුස්මරණය කැරෙන දිනයකි පුර පසළොස්වක පොහොය දවස.

අද ඉල්පුර පසළොස්වක පොහොය දිනයයි. වස්සාන සෘතුවේ අවසන් පොහොය දිනයද අද ය. සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය ශ්‍රේෂ්ඨ සිද්ධීන් කිහිපයකට මුල් වූ දිනයකි. මෛත්‍රය බෝධි සත්ත්වයන් වහන්සේ නියත විවරණ ලැබීමත්, පළමු ධර්මදූත පිරිස වන රහතන් වහන්සේ සැටනම ධර්ම ප්‍රචාරය සඳහා ගමන් ආරම්භ කිරීමත්, තථාගත බුදුපියාණන් වහන්සේ විසින් තුන්බෑ ජටිල පිරිස දමනය කරනු වස් උරුවෙල් දනව්ව බලා වැඩම කිරීමත්, කඨිනාස්තරණ විනය කර්මය කළහැකි අවසන් දිනයවීමත් පසුවස් පවාරණය කළ යුතු දිනය වීමත්, අගසව් සැරියුත් මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවීමත් ආදී කරුණු රැසක් සිදුවූ දිනයක් ලෙස ඉල්පුර පසළොස්වක පොහොය සලකනු ලැබේ.

අසිරිමත් විවිධ සිද්ධීන් මුල්වී අනුස්මරණය කැරෙන සුවිශේෂී දිනයක බෞද්ධයන් එය මහත් ගෞරවයෙන් සිහිපත් කරමින් ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්හි නිරතවීම මඟින් පූජෝපහාර දැක්වීම මෙන්ම තමනුත් ආධ්‍යාත්මික වශයෙන් පාරිශුද්ධියට පත්වීමට ද බෙහෙවින්ම එය ඉවහල් වේ.

පුර පසළොස්වක පොහොය දිනයක් උදාවීමෙන් ලෝකවාසී බෞද්ධ ජනතාව එය අනුස්මරණය කරමින් උදාකරගන්නා වූ යහපත අගනේ ය. ගිහියෙක් වුවද, පැවිද්දෙක් වුවද දෙවියෙක් වුවද පින් අවශ්‍යය. කවර ජීවිතයකට වුවද පින් සසර ගමනට එකතු කර ගන්නා පුණ්‍යය නිධානයකි. එබඳු පුණ්‍ය ශක්තිය, විනාශයට පත් නොවේ.

සැලැස්මක් ඇතිව මෙන්ම කාලසටහනකට අනුව කටයුතු කිරීම ලොව පළමුවරට ඉගැන්වීම් කළ උත්තමයා තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේමය. පොහොය දින සම්මතය ද උපාසක උපාසිකාවනට එක් දිනයක, එක් වෙලාවක විහාරස්ථානයට ගොස් බුදුන් වැඳ බණ අසා යෑමේ පහසුව සඳහාය. පොහොය දිනයන්හිදී සක් දෙවියන් පවා මිනිස් ලොව මනුෂ්‍යයන් පින්දහම්හි නිරත වී පින් දහම් සිදු කරගන්නා වූ අයුරු දැකීමට මිනිස් ලොවට පැමිණෙන බව බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළහ. පොහොය දිනය පිළිබඳ එතරම්ම පැහැදිලි බවද ඉන් ගම්‍ය වන්නකි. පොහොය ආගමික දිනය ලෙස තහවුරු වේ.

එහෙත් යම් අයෙක් සිල්වත්ව, ගුණවත්ව වෙසේ නම් එබඳු තැනැත්තාට සෑම දිනයක් ම පොහොය දිනයක් මෙන් යැයි ඇතැම් අය කියති. බෞද්ධයාට පින්කම් කිරීමට විශේෂ දිනයක් වුවමනා නැතැයි ද ඇතැම් විට කියති. බුදුරජාණන් වහන්සේගේ නියමය උපාසක උපාසිකාවනට පන්සල්යෑමට, බණදහම් ඇසීමට, සිල් සමාදන්වීමට පොහොය දිනමය. පොහොය දිනය හැර අන් දිනයන්හි ආගමික කටයුතු නොකළ හැකිද? නොකළ යුතුද? යන්න ගැටලුවක් පැන නැගීමටද ඉඩ ඇත. පොහොය නොවන දිනයන්හිද පන්සල් යෑමට, දහම් ඇසීමට, සිල් සමාදන්වීම ආදී ඕනෑම ආගමික කටයුත්තක නිරතවීමට කිසිදු බාධාවක් නැත. මේ අනුව බලන විට පොහොය දිනය ආගමික කටයුතු සම්මතය පිළිබඳව නුවණින් මෙනෙහි කළ යුතු ය.

පුර පසළොස්වක පොහොය දිනය පිළිබඳ පමණක් නොව සතර පොහොය පිළිබඳවම බෞද්ධ ජනතාව දැනුම්වත්ව සිටිය යුතු වේ. ඇතැම් විට සතර පොහොය පිළිබඳව අපේ මුතුන් මිත්තන් බෙහෙවින්ම දැනුම්වත්ව සිය ජීවිත ගත කළේ ය. ඒ නිසාම පුර පසළොස්වක පොහොය ප්‍රධාන සතර පොහොයටම ඔවුහු එදා ආගමික වතාවත්වල නිරතවූහ. එම මහඟු ආදර්ශය අනාගත පරපුරට ලබාදීම අපගේ වගකීම විය යුතු ය.

පොහොය දිනය තුළ විශේෂයෙන්ම ආගමික කටයුතුවල නිරතවීම මඟින් මනා සංයමයක් ජීවිතය පුරා උදාකර ගැනීමට එයම හේතුවක් වනු ඇත.

 

 ඉල් පසළොස්වක පෝය

ඉල් පසළොස්වක පෝය නොවැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.37 ට ලබයි. 07 වැනිදා සිකුරාදා පූර්වභාග 03.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය නොවැම්බර් 14 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]