UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

ඇමරිකාවේ නිව්ජර්සිහි බෞද්ධ විහාරයේ රන්වැට
ජනාධිපති අතින් විවෘත කෙරේ


ඇමරිකාවේ නිව්ජර්සිහි බෞද්ධ විහාරයේ රන්වැට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා විවෘත වුණි. එහිදී ජනාධිපතිතුමා ස්වාමින් වහන්සේ නමකට සමරු තිළිණයක් පිරිනැමු අයුරු. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්, පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත , පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා මහත්වරුද මෙහි වෙති.
ඡායාරූපය - සුදත් සිල්වා
 

ජාතික නාමල් උයන නිවාස ව්‍යාපෘතියේ ප්‍රථම නිවාසය සඳහා පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මොරොත්තේගම ග්‍රාමසේවා වසමේ ගල්පාය ග්‍රාමයේ ගුණරත්න විජේසූරිය මහතාගේ නිවාසය සඳහා වනවාසී රාහුල හිමියන් විසින් මුල්ගල තැබූ අයුරු. එම අවස්ථාවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ගල්කිරියාගම උසස් පුහුණු පාසලේ අණදෙන නිලධාරි මේජර් මාරසිංහ මහතාද සහභාගි වූහ. මෙරට විශාලතම නා වනය සහිත වසර මිලියන දසලක්ෂ පන්සිය පනහකට වඩා පැරණි දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවාන නිධිය ජාතියට හඳුන්වා දී එය ජාතිය වෙනුවෙන් සංරක්ෂණය කොට මතුපරපුර සඳහා ආරක්ෂා කර තැබීමේ උදාර ජාතික මෙහෙවර ආරම්භකොට වසර 25 ක් සැමරීම වෙනුවෙන් අඩු ආදායම්ලාභී පවුල් 25 ක් සඳහා නිවාස 25 ක් ගොඩනැඟීමට ජාතික නාමල් උයන භාරේ සභාපති හා හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වනවාසී රාහුල හිමියන්ගේ මූලිකත්වයෙන් කටයුතු යොදා ඇත. මෙම නිවාස තනාදීමේ උතුම් පින්කම සඳහා කුමන අයුරකින් හෝ සහාය ලබාදීමට හැකි පරිත්‍යාගශීලින් වෙතොත් දුරකථන අංක 0773261606/ 0718460794 ඇමතීමෙන් තොරතරු ලබා ගත හැක.

 
 

 වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 07 වැනිදා අඟහරුවාදා අපරභාග 07.17 ට ලබයි. 08 වැනිදා බදාදා අපරභාග 04.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 08 වැනිදා බදාදාය.

 මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]