UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පින්කම්

කඨින පින්කම්

ශ්‍රී දළදා මාලිගාව

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කඨින චීවර පූජෝත්සවය ඔක්තෝබර් 10, 11 දිනවල පැවැත්වේ.

දශක හයකට ආසන්න කාලයක් ශ්‍රී දළදා මාලිගාවේ කඨින පින්කමේ අනුශාසකත්වය ලබන මහනුවර කටුකැලේ ලේඩි බ්ලේක් ආරාමාධිපතිනි කොත්මලේ සුධර්මා සිල් මෑණියෝ මෙම වසරේ ද කඨින පූජෝත්සවයේ අනුශාසකත්වයෙන් හා මහනුවර රජ පිහිල්ල මාවතේ ලයනල් ගුණතිලක මහතා සහ මහත්මියත් පවුලේ අයගේ ද දායකත්වයෙන් පැවැත්වීමට විධි විධාන යොදා ඇත.

10 වෙනි දා සවස 4.00 සිට 5.00 දක්වා ධර්මදේශනාවකි. සවස 7.15 ට ශ්‍රී දළදා සමිඳු උදෙසා ගිලන් පස පූජාවද, මුළුතැන් බුද්ධ පූජාව 11 වෙනිදා උදේ පැවැත්වේ. දවල් මල්වතු අස්ගිරි මහානා හිමි, අනුනාහිමිවරු ප්‍රධාන ශතාධික මහා සංඝරත්නය උදෙසා කප්රුක් පූජා සහිත පිරිනැමෙන සපිරිකර සංඝගත දක්ෂිණාවකි. ඔක්තෝබර් හයවෙනිදා කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමයේ සිට ධර්මයාත්‍රාවකින් කඨින වස්ත්‍රය ලයනල් ගුණතිලක මහතාගේ නිවසට වැඩමවා එකළොස්වෙනි දින කඨින වස්ත්‍රය ශ්‍රී දළදා මාලිගාවට වැඩමවා කඨින වස්ත්‍රය සඟසතුකර පූජා කෙරේ.


අස්ගිරිය මහා විහාර මහ පිරිවෙන

මහනුවර අස්ගිරිය මහා විහාර මහ පිරිවෙනේ කඨින පින්කම මේ මස 10-12 පරිවෙනාධිපති,අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද නාහිමි අනුශාසනා පරිදි පැවැත්වේ. 10 වෙනිදා මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමියන්ද 11 වැනිදා අග්ගමහා පණ්ඩිත කොටුගොඩ, ධම්මාවාස අනු නා හිමියන් ද දම් දෙසුම් පවත්වති. 12 වෙනිදා අලුයම 4.30 කඨින වස්ත්‍රය පෙරහැරෙන් වැඩම කිරීම උදේ 6.00 ට ශතාධික මහා සංඝරත්නය පිණ්ඩපාතයේ වැඩම කිරීම උදේ 7.00 බුද්ධ පූජාව උදේ 10.00 ට ගවයින්ට අභයදානය දීම වැඩසටහන 10.45 බුද්ධ පූජාව 11.00 ට අස්ගිරි මහා නාහිමි, අනුනාහිමි ප්‍රධාන ශතාධික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාව පිරිනැමීම දවල් 12.00 ට කඨින චීවර පූජාව සහ ධර්ම දේශනාව.

කේ.බණ්ඩාරනායක


කොළඹ 07 සම්බෝධි විහාරය

මේ මස 10, 11 දෙදින පුරා කඨින පින්කම මෙවර වස් ආරාධනා පින්කම සිදු කළ විශේෂඥ වෛද්‍ය කමාණි මායාදුන්න මහත්මිය සහ රුක්ලන්ත මායාදුන්න මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කරගෙන යනු ලබන මැණික් ගල් එබ්බ වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ මැදි කොට තැනූ ස්වර්ණමය බුද්ධ මාලිගාව විවෘත කිරීමද උඩුබද්දාවේ සෝමරත්න බන්නැහැක මහතා හා ජනාධිපති නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදි වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ අනුරුව නිරාවරණය කිරීමද ශ්‍රීමත් අනගාරික ධර්මපාල අනුස්මරණ ජාත්‍යන්තර ධර්මදූත භික්ෂු පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමද සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිතා මහනාහිමියන්ගේ ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහානාහිමියන්ගේ ද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහ නා හිමියන්ගේ සහභාගිත්වයෙන් මේ මස 10 වනදින සවස 4 ට පැවැත්වේ. එදිනම රාත්‍රී 7.00 ට ආශිර්වාද පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වෙන අතර පසුදා අලුයම 4.00 ට විජේරාම මාවතේ පිහිටි පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ නිල නිවසේ සිට පිටත්වන පෙරහරරේ වැඩම වනු ලබන සුගත චීවරය හා කඨින චීවරය සම්බෝධි විහාරයේ තැන්පත් කොට උදේ කිරිආහාර පූජාවද චීවර පිළිගැන්වීමේ පින්කම තායිලන්ත මහ රජුගේ ද අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලයේ පින්වතුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.


මොරටුව ලුනාව ශ්‍රී බෝධිරාජාරාමය

මොරටුව ලුනාව උයන ශ්‍රී බෝධිරාජාරාමයෙහි කඨින පින්කම මේ මස 11 -12 දිනවල පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 05 දා ගලගොඩඅත්තේ ඥානසාර හිමි, 06 දා පොලිපිතිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 07 දා අඹේවෙල පඤ්ඤාසාර මහා නාහිමි, 08 දා තලල්ලේ චන්දකිත්ති හිමි. 09 දා වතුරවිල සිරිසුජාත හිමි 10 දා දොඩම්ගොඩ අස්සජි හිමි දම්දෙසති. 11 දා රාත්‍රී පරිත්‍රාණ දේශනාව සහ 12 උදෑසන කඨින චීවර පුජාව සිදු කෙරේ. එදින රාත්‍රි කඨිනානිශංස දේශනාව මීගොඩ සුඛිත හිමියෝ පවත්වති. විහාරාධිපති මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පින්කම් මාලාව සිදු කෙරේ.


මල්වතු මහා විහාරය

මහනුවර මල්වතු මහා විහාරයීය කඨින පින්කම, මේ මස 12 වැනිදා මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරය පෝය මළුව මාහිමි නිල ආරාමය යන ස්ථාන මුල්කර ගෙන, මල්වතු මහා විහාරයීය ශී‍්‍ර සංඝරාජ වස්දාන සංග්‍රහ සමිතියේ සහ සංඝරාජ කාන්තා සමිතියේ අනුශාසක, මහෝපාධ්‍ය අග්ගමහා පණ්ඩිත, අලුත්ගම ධම්මානන්ද නාහිමිගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.

මල්වතු මහා විහාරයේ වස් එළඹ වැඩ සිටින මහා සංඝරත්නය 40 නමක් විෂයෙහි සිරිත් පරිදි කඨින චීවර තුනක්, මහා සංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් සමඟ පූජා කෙරේ. මෙම කඨින චීවර මෙවර පූජා කරනු ලබන්නේ මහනුවර චම්පා ආයතනයේ චම්පා වීරරත්න මහත්මිය මහනුවර ශ්‍රීමත් අනගාරික ධර්මපාල පදනමේ සහ සංඝරාජ ගුණානුස්මරණ සමිතියේ සභාපති, එල්.එච්. හරිස්චන්ද්‍ර මහතා සහ මහමායා බාලිකා විදුහල මගිනි. කඨින දානමය පින්කම සංඝරාජ ගුණානුස්මරණ දහම් ශාලා සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.


බම්බලපිටියේ සිරි වජිරාරාමය

බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ කඨින පින්කම අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිරි වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ මස 12 වැනි දා උදෑසන 6.00 ට පැවැත්වේ. එයට සමගාමීව 11 වැනි දා සවස 05.30 ට විශේෂ අටවිසි බුද්ධ වන්දනාව සහ බෝධි පූජාවද, රාත්‍රී 8.00 ට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව ද ආරම්භ කැරේ. 12 වැනි දා අලුයම 4.00 ට කඨින චීවර පෙරහර ආරම්භ වන අතර උදෑසන 6.00 ට මහ සඟරුවන විෂයයෙහි කඨින වස්ත්‍රය සඟසතු කොට පූජා කිරීම සහ උදෑසන සංඝගත දක්ෂිණාව පිරිනැමේ. මෙදින සවස 05.30 ට අටවිසි බුද්ධ පූජවා සහ සිරි වජිරාරාමවාසී භික්ෂූන් වහන්සේලා විෂයයෙහි වස්සාවාසික චීවර පූජාව සිදු කැරේ. සවස 6.00 ට කඨිනානිශංස ධර්මදේශනාව මහරගම, සිරි වජිරඤාණ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත හක්මන සුමනසිරි හිමියන් විසින් පවත්වනු ලැබේ.


කළුතර උතුර සුමිත්‍රාරාමය

කළුතර උතුර සුමිත්‍රාරාමයේ කඨින පින්කම මෙම 11, 12 දිනවල පැවැත්වේ. බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක පාතකඩ චන්දානන්ද නාහිමියන් ප්‍රධාන මහ සඟරුවන මෙවර වස් සමාදන්වූහ. උතුරු කළුතර, ගාලු පාර පදිංචි ඒ.ඒ. සුනිල් මහතා හා පී.එච්. විරාජනී පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ අයගේ ප්‍රධාන දායකත්වයෙන් ඇසළ පොහෝ දින වස් ආරාධනය සිදු කෙරිණ. පස්වරු 5.30 ට ගිලන්පස බුද්ධ පූජාව රැගත් මල් පෙරහර දායක සභාවේ උප සභාපති ඩබ්.විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් එම නිවසින් පිටත්වේ. සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව, පෙරවරු 6.45 ට කඨින චීවරය පූජා කිරීම හා 7.15 ට මහා සංඝගත දක්ෂිණාව හා අෂ්ට පරිස්කාර පූජාවද 12 වැනි දා පස්වරු 7.30 ට කඨිනානිසංස ධර්ම දේශනය ආචාර්ය පරගොඩ විමලවංශ හිමියන් විසින් ද පැවැත්වේ.


පන්නල ශ්‍රී දේවරාජාරාමය

පන්නල ශ්‍රී දේවරාජාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය මේ මස 12,13 විහාරාධිකාරි මොරගොල්ලේ විජිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.


අස්ගිරිය ගෙඩිගේ රාජ මහා විහාරය

මහනුවර අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරයේ (දළදා ගමන් මාලිගාව) කඨින පින්කම් පූජෝත්සවය මේ මස 20,21 දිනයන්හි තායිලන්ත ගිහි පැවිදි සියයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් හා අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ කාරක සභික ගෙඩිගේ රාජමහා විහාරාධිකාරි ශ්‍රී දළදා සමිඳු තේවාව බාර ශාස්ත්‍රපති වේඬරුවේ ශ්‍රී උපාලි , පොළොන්නරුව සොළොස් මස්ථානාධිපති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 22 දින දවල් අස්ගිරි මහානාහිමි, අනුනා හිමිවරු ප්‍රධාන පනස්නමක් විෂයෙහි කඨින චීවර පූජාව සහ සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ.

කේ.බණ්ඩාරනායක


පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන

පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් රාජමහා විහාරස්ථානයේ මෙවර කඨින පින්කම ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 24 හා 25 වැනි දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. 24 වැනිදා සවස 6.30 බුද්ධ පූජාව පැවැත්වෙන අතර 25 වැනිදා කඨින චීවරය රැගත් පෙරහර දායකත්වය චන්ද්‍රරත්න ජයසේකර මහතා දරණු ලබයි. එදිනම සවස 7.30 ට කඨිනානිසංස ධර්ම දේශනය ශාස්ත්‍රපති පුස්සැල්ලයායේ චන්දිම හිමියන් විසින් පවත්වයි.


දිවියාගල ආරණ්‍ය සේනාසනය

කොස්ගොඩ දිවියාගල ආරණ්‍ය සේනාසනයේ කඨින පූජෝත්සවය මේ මස 12 වැනිදා ත්‍රිපිටකාචාර්ය අහුන්ගල්ලේ සුමේධානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ පුහුල්වැල්ලේ ශ්‍රී රෝහණ යෝගාශ්‍රමාධිපති ත්‍රිපිටකාචාර්ය බුලත්සිංහල සුමංගල මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. වස් ආරාධනාව, ශි‍්‍රයාලතා වෛද්‍යජීවක ,පේ‍්‍රමා පේ‍්‍රමරත්න සහ රෙජිනා විජේවර්ධන යන අයගේ දායකත්වයෙන් සිදුවේ.


දෙහිවල නව පොළොන්නරු ගල් විහාරය

දෙහිවල සිරි දුමින්දාරාම නව පොළොන්නරු ගල් විහාරයේ මෙවර 71 වැනි කඨින පින්කම මේ මස 11 වෙනි දා විහාරාධිපති ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති හැව්ඕවිට ගුණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා සීල භාවනා කමිටුවේ සංවිධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එදින උදේ 4.00 ට කඨින පෙරහැර පිටත්වීම - කඨින වස්ත්‍රය රැගත් පෙරහර , මහාචාර්ය නලින්ද සිල්වා මහතා සහ ආචාර්ය රෝහිණී ද සිල්වා මහත්මිය ප්‍රධානත්වයෙන් සෝමාවතී මෙන්ඩිස් මහත්මියගේ මූලිකත්වයෙන් පැවැත්වේ.


තලවතුගොඩ ශ්‍රී සුගතාරාමය

තලවතුගොඩ හෝකන්දර පාරේ, ශ්‍රී සුගතාරාමය කඨින පින්කම මේ මස 11 හා 12 වැනි දා පැවැත්වේ. 11 වැනිදා රාත්‍රී මහ පිරිත් දේශනය ද, 12 වැනිදා කඨින චීවර පූජාව හා සංඝගත දක්ෂිණාව පැවැත්වේ. කඨින චීවර පෙරහර ආරම්භ වන්නේ කුමාරගේවත්ත රොෂාන් වඩුගේ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙදේරිපිටියේ තපස්සී හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම පින්කමෙහි කඨිනානිශංස ධර්ම දේශනය රාත්‍රී 7 ට හඟුරන්කෙත චන්දරතන හිමියන් විසින් පැවැත්වේ.


කොක්මාදුව ශ්‍රී පූර්වාරාමය

වැලිගම කොක්මාදුව ශ්‍රී පූර්වාරාම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා පින්කම විහාරාධිපති වැලිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක කැටවල ඉන්දසාර හිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 12 දා සිදුවේ. 11 වැනි දා සවස 2.00 සිට පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වේ. කඨින චීවර පෙරහර කොක්මාදුව වලව්වත්ත ආරියවතී ලොකුහෙට්ටි මහත්මියගේ නිවසින් ආරම්භ වී පසු දින උදේ සඟ සතු දානය පැවැත්වේ.


උණුවින්න ශ්‍රී සුදර්ශනාරාමය

පල්ලේමාඔය උණුවින්න ශ්‍රී සුදර්ශනාරාමයේ කඨින පින්කම ඔක්තෝම්බර් 10, 11 දිනවලදී විහාරාධිපති මීමුරේ, ගුණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. දහවෙනි දින සවස ආගමික වැඩ සටහනකි. 11 වෙනි දින දවල් මහා සංඝරත්නය තිස්නමක් විෂයෙහි පිරිනමනු ලබන සපිරිකර සංඝගත දක්ෂිණාවකි.

කේ.බණ්ඩාරනායක


දිඹුලාගල ආරණ්‍ය සේනාසනය

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වාර්ෂික කඨින පින්කම මේ මස 08, 09 දිනවල පැවැත්වේ. 08 දින සර්වරාත්‍රික පිරිත් දේශනයද, 09 දින කඨින චීවර පූජාවද, දවල් සාංඝික දානය පිරිනැමේ. මෙවර කඨින පින්කමේ දායකත්වය බොරලැස්ගමුවේ සාමවිනිසුරු ජී. විජේපාල පෙරේරා මහතා ඇතුළු පිරිස විසිනි.


බෝධිරුක්ඛාරාමයේ කඨින පින්කම

රත්මලාන බෝධිරුක්ඛාරාමාධිපතිව වැඩ විසූ වැලිකඩ සිරි ඤාණිස්සර මහ නාහිමියන්ගේ 40 වන හා කළුතර ඤාාණාවාස නා හිමියන්ගේ 3 වන වාර්ෂික ගුණ සමරු පින්කම හා එම විහාර ස්ථානයේ කඨින පින්කම නිමිත්තෙන් මේ මස 23 සිට 26 දක්වා පින්කම් මාලාවක් විහාරාධිපති රත්මලානේ රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් මාලාවක් පැවැත්වේ. මෙවර කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය අඟුලානේ පියසේන සිල්වා මහතා සහ මියුලින් සිල්වා මහත්මිය ඇතුළු දූ දරුවන් විසිනි.

 

 

 වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 07 වැනිදා අඟහරුවාදා අපරභාග 07.17 ට ලබයි. 08 වැනිදා බදාදා අපරභාග 04.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 08 වැනිදා බදාදාය.

 මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]