UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

 පෝදා පින්කම්

කල්‍යාණි රාජමහාවිහාරය

පෙරවරු 06.00 – 06.30 සීල සමාදානය හා උදෑසන බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 – 09.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 09.00 – 10.00 ධර්ම දේශනාව අමරපුර ශ්‍රී සද්ධර්මයුක්තික මහානිකායේ ලේඛකාධිකාරී ආචාර්ය වල්පොල විමලඤාණ නාහිමි 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක් විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය, දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 - 11.30 දිවා බුද්ධපූජාව දෙමටපිටියේ මධුරවංස හිමි, පස්වරු 02.00 – 03.00 වෛද්‍ය විද්‍යා දේශනය විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් රත්නායක මහතා, 03.00 – 04.00 ධර්ම දේශනාව ශ්‍රී කල්‍යාණි බෞද්ධ අධ්‍යයන ආයතනයේ විදුහල්පති, පුංචිහේනෙයාගම සිරිනිවාස හිමි, 04.00 – 05.00 පිරිත් දේශනය කල්‍යාණි රාජමහා විහාරවාසී ගොඩපොල නන්ද හිමි, 05.00 – 06.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00 – 07.00 ගිලන්පස බුද්ධ පූජාව දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00 – 08.00 ධර්ම දේශනාව බියගම සුධර්මාරාමාධිපති බෙලිගල අමරසිරි හිමි.

කුප්පියාවත්ත ජයශේඛරාරාමය

පෙරවරු 06.00 – 06.30 ට උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව, විහාරාධිපති, ත්‍රිපිටකාචාර්ය, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 07.00 07.30 සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි 08.00 – 09.00 භාවනාව කන්තලේ සුමිත්ත හිමි 09.15 – 10.15 ට ධර්ම දේශනාව වලේබොඩ ගුණසිරි නාහිමි, 10.30 – 11.00 දහවල් බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.15 – 12.45 ට බුද්ධානුස්සති භාවනාව, විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය. පස්වරු 02.15 – 03.15 ට ධර්මදේශනය යටිහලගල විජිතරතනහිමි, 03.30 – 04.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනය, 6.00 ට සිල්පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 06.45 – 07.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව, 08.00 – 09.00 ට රාත්‍රී ධර්ම දේශනය (පටිගත කරන ලද දේශනයක්)

පැපිලියාන සුනේත්‍රා මහා දේවි පිරිවෙන

පෙරවරු 06.00 – 07.00 සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව, 07.00 – 07.30 බුද්ධ පූජාව පැවැත්වීම, 08.30 – 09.30 ධර්ම දේශනාව, කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමි, 09.45 – 10.45 ධර්ම දේශනාව බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, 11.00 – 11.30 බුද්ධ පූජාව පැවැත්වීම, පස්වරු 01.00 – 02.00 විශේෂ දේශනය මහාචාර්ය සරත් විජේසූරිය මහතා, 02.30 – 04.00 ධර්ම සාකච්ඡාව කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති, මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි, පැපිලියාන සුනේත්‍රා මහා දේවි පිරිවෙන් විහාරාධිපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, සබරගමුව පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා, 04.00 – 05.00 ධර්ම දේශනාව අමරපුර ධම්මරක්ෂිත මහා නිකායේ මහානායක, බම්බලපිටියේ වජිරාරාමාධිපති, තිරිකුණාමලේ ආනන්ද හිමි, 05.30 – 06.30 බෝධි පූජාව පැවැත්වීම බොරැල්ල අතුල දස්සනාරාමාධිපති, ශාස්ත්‍රපති බොරැල්ලේ අතුල නා හිමි.

කොළඹ ආනන්ද විදුහලේ 2009 වර්ෂයේ හොඳම, දක්ෂතම ශිෂ්‍ය නායක පදවියෙන් පිදුම් ලද, කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ 2 වන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී හදිසි අනතුරකින් අභාවයට පත් වූ නවීන් රන්දුල වනිගසිංහ පුතුගේ සිව් වර්ෂ පූර්ණ පින්කම වෙනුවෙන් “නවීන්” රන්දුල වනිගසිංහ පදනම විසින් මෙය සංවිධානය කර ඇත.

අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික මහාවිහාරයේ පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන් මාලාවේ වප් පොහොය වැඩසටහන මෙම මස 08 වැනි පොහෝ දින දවස පුරා ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, බෝමළුව විහාර වාසී පහළතලාවේ සුමනසිරි හිමියෝ පොහොය වැඩසටහන සම්බන්ධීකරණය කරති. මෙවර වැඩසටහන පහත දැක්වේ.

පෙරවරු 06.00 පෙහෙවස් සමාදන් වීම. පෙ.ව. 06.30 උදෑසන බුද්ධ පූජාව 08.00 ධර්ම දේශනාව 01 ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුඹුගොඩආරේ පඤ්ඤාලෝක නාහිමි, 09.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම. 09.15 ගිහි දේනශනය ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා 10.30 දවල් බුද්ධ පූජාව. පස්වරු 01.00 ධර්ම දේශනාව පණ්ඩිත කිරිමැටියේ සද්ධාරතන හිමි, 02.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම. 02.45 දම්සභා මණ්ඩපය, සහභාගිත්වය ආචාර්ය කල්ලන්චියේ රතනසිරි නාහිමි, ආචාර්ය කේ.එම්.අයි. ස්වර්ණසිංහ මහතා, ශාස්ත්‍රපති රත්න ශ්‍රී බණ්ඩාර මහතා 04.15 භාවනාව පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 05.15 බෝධි පූජාව කෙහෙල්වල රේවත හිමි. 05.55 සිල් පවාරණය.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු , 6.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි 7.00-7.30 තෙරුවන් වන්දනාව 8.15-10.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි 10.00-11.00 ධර්ම දේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි 11.00-11.30 තෙරුවන් වන්දනාව 12.30-1.00 සූත්‍ර සජ්ඣායනාව පණ්ඩිත අළුත්වෙල ධම්මසති හිමි, පස්වරු - 1.00-2.00 ධර්ම දේශනය , ශාස්ත්‍රවේදි සියඹලාගොඩ ධම්මින්ද හිමි 2.00-3.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස නාහිමි, 4.00-5.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති හාපිටිගම විජිත මාහිමි , 5.00-6.00 ධර්ම දේශනය පරගම්මන අමරකිත්ති නාහිමි රාත්‍රි 7.00 අටවිසි බුද්ධ වන්දනාව

සිරි ගුණසේකර ධර්මායතනය

පෙරවරු 06.30 උපෝසථ ශීල සමාදානය, සම්බුද්ධ පූජාව ලේනබටුවේ මිත්තාලෝක නාහිමි, 8.00 ධර්ම දේශනය දිවුරුම්වෙල විනිත හිමි, 9.30 ධර්ම දේශනය කන්තලේ සිරිනන්ද හිමි, 11.30 දහවල් සම්බුද්ධ පූජාව රම්මලේ අරියවිසුද්ධි හිමි, පස්වරු 12.45 තෙරුවන් වන්දනාව සහ පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී සංඝයා වහන්සේලා සමඟ සිල් පිරිස, 1.15 පන්සිය පනස් ජාතක පොත් වහන්සේ කියැවීම විජේසිරිවර්ධන මහතා, 2.00 ධර්ම දේශනය කොහුලියද්දේ දේවානන්ද හිමි, 3.00 ධර්ම දේශනය බලහරුවේ විජයානන්ද හිමි, 4.00 ධර්ම දේශනය රම්මලේ අරියවිසුද්ධි හිමි, රාත්‍රී 7.00 රාත්‍රී විශේෂ ගිලන්පස මල් පහන් පූජාව සහිත බුද්ධ බෝධි වන්දනාව.

මෙවරද බුදුසරණ පුවත්පත ධර්ම දානය වශයෙන් බෙදාදීමෙන් දායකත්වය දරනු ලබන්නේ අමරා ගමගේ මිය සහ ලහිරු කසුන් පුතණුවන්ගේ උපන්දිනය වෙනුවෙන් එම පුතණුවන් සහ ජයතිස්ස කොඩිතුවක්කු මහතාය.

අනුරාධපුර ජයසිරි මහ බෝ සෙවණ

මහාවිහාර වප්පුන් පොහොය වැඩසටහන පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර ශාලාවේ දී පැවැත්වේ.

පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා පහසුකම් අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ. ඔක්තෝබර් 09 වැනිදා, එනම් වප් පුන් පොහොය දිනට පසුදින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර ශාලාවේ දී එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පැවැත්වේ. පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.

කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදි වප් පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. එදින උදෑසන අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරිආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ ෂඩ්වර්ණ සාටකයක් කිරිවෙහෙර චෛත්‍යයේ පැලඳවීමේ කංචුක පූජාව පැවැත්වේ.

උදේ ධර්ම දේශනාව කිරිවෙහෙර ධර්ම ශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන කිරිවෙහෙර චෛත්‍යය මලුවේ පැවැත්වේ. සවස මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධින් වහන්සේ වෙතට ගොස් තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි තලගල ඤාණින්ද හිමියන් විසින් සිදුකරනු ලැබේ. රාත්‍රි 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමලුවේදී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධිපූජාවද කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවද පැවැත්වේ.

කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය විහාරස්ථ දායක සභාව මෙම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.

(ඊ.එච්. සෝමපාල - කතරගම විශේෂ)

හුණුපිටිය - ශ්‍රී විජයසුන්දරාරාමය

වත්තල හුණුපිටිය, ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි විහාරාධිපති වලවෙල හේමානන්ද නාහිමිගේ අනුශාසනා පරිදි පුන්පොහෝ දින පෙරවරු 6.00 සිට පසුදා, පෙරවරු 06.00 දක්වා දාන, සීල, භාවනා, ධර්මදේශනා ඇතුළු වැඩසටහන් පැවැත්වීමට විහාරස්ථ බෞද්ධාරක්ෂක කාර්ය සාධක සමිතියට අනුබද්ධ “වීතදෝෂී” සංවිධානය කටයුතු යොදා ඇත. මේ සඳහා වේවැල්දූවේ ධම්මකිත්ති, බුත්කන්දේ රතනජෝති දේවගොඩ පියරතන, ඇලපිටිවෙල නන්දවිමල, යන හිමිවරු ගාල්ලේ සුධම්මචාරි දසසිල් මාතාවද වැඩම කිරීමට නියමිතව ඇත. මේ දිනවල මෙම විහාරස්ථානයේ දිනපතා ධර්මදේශනා මාලාවේ අදට නියමිත ධර්මදේශනය පවත්වනු ලබන්නේ මොරාවත්තේ සුබෝධි හිමියන් විසිනි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

තරුණසීල සමාදානය

පෙරවරු 6.00-7.00 – සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි , 8.00- 9.00 භාවනාව – වැලිමඩ පසන්නමානස හිමි, 9.00-10.00 – ධර්ම දේශනාව ශාස්ත්‍රපති කුඩාකත්නොරුවේ විනීත හිමි, 10.00-11.15 –පරෝපකාරය සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ද හිමි, පස්වරු – 12.30-1.00 පිරිත් හා තෙරුවන් ගුණ කපුගොඩ සුනන්ද හිමි, 1.00-2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00-3.00 – ගිහි දෙසුම – කුලියාපිටියේ ප්‍රනන්ද මහතා, 3.00-4.00 ධර්ම දේශනාව – ශාස්ත්‍රපති ගම්පහ සිරි සීවලී හිමි, 4.15-5.00 ධම්මපදය –ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි. 5.00-6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00-6.30 බෝධි පුජාව– ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි .

වැඩිහිටි සීල සමාදාන ය

පෙරවරු – 06.00-07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, පණ්ඩිත දොඩම්පහළ කස්සප හිමි, 08.00-09.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 09.00-10.00 ධර්ම දේශනාව – ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමි 10.00-11.00 අභිධර්ම කතාව – අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා 11.00-11.15 බුද්ධ පූජාව බලංගොඩ බෝධිධම්ම හිමි වීරපානේ අනුරාධ හිමි, පස්වරු 12.35-01.00 පිරිත් හා තෙරුවන් ගුණ නාවල සුනන්ද හිමි, බලංගොඩ ධම්ම රක්ඛිත හිමි, 01.00-2.30 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02.30-03.30 ධර්ම දේශනාව –ශාස්ත්‍රපති, පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 04.00-05.00 ධර්ම දේශනාව බොරැල්ලේ කෝවිද හිමි, 05.00-06.00 ධම්මපදය – ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 06.00-06.30 බෝධිපූජාව, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

පෙරවරු – 6.00- 7.00 සීල සමාදානය අනුශාසනාව හා භාවනාව ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි. 7.00-8.00 ආහාර බුද්ධ පූජාව 8.00 -9.00 ධර්ම දේශනාව වේරඳුවේ මහින්ද හිමි 9.00-10.00 ධර්ම දේශනාව පොල්පිතිමූකලානේ පඤ්ඤාසිරි හිමි 10.00-11.00 ආරාධිත දේශනාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හඩ්සන් සිල්වා මහතා . 11.00-12.00 ආහාර බුද්ධ පූජාව, පස්වරු – 12.30-1.00 පිරිත් දේශනාව 01.00-2.30 භාවනාව ධර්මාචාර්ය ශාන්ත ජෝතිවංශ මහතා 03.00-4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති අම්බලන්ගොඩ ධම්මාලංකාර හිමි 04.00-05.00 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි, 05.00-05.15 බුද්ධ පූජාව හා සිල් පවාරණය ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි.

තලවතුගොඩ ශී‍්‍ර ඥානාරාම මධ්‍යස්ථානය

පෙරවරු 5.30-6.30 කිරිපිඬු පූජාව ශීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි , 8.00-8.30 භාවනාව, 8.30-9.30 ධර්ම දේශනාව, ගංගොඩවිල අරිය ගවේෂි හිමි , 9.30-10.30 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.30-11.00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව 12.15-1.00 ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාව 1.00-2.00 ධර්ම දේශනාව ගම්පහ පාසාදිත හිමි, 2.00-3.00 ධර්ම දේශනාව කැලණියේ විපුලඥාන හිමි 3.30-4.30 ධර්ම සාකච්ඡාව මකුලෑවේ සුදස්සන හිමි, 4.30-5.00 කරණීය මෙත්ත සූත්‍රය දේශනාව හා සිල් පවාරණය.

තෙලවල – විජයරූපාරාම ධර්මායතනය

කටුබැද්ද තෙලවල විජයරූපාරාමයේදී ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ. අලුයම 5.30 කිරිපිඬු දානය සහිත පෙරහර , 6.30 7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නා හිමි, පෙරවරු 8.30 – 9.30 කාව්‍යමය ධර්ම දේශනාව හඟුරන්කෙත ඤාණින්ද පොඩිහාමුදුරුවන් වහන්සේ 9.30-10.30 දේශනය ආසිරි රාජපක්ෂ 10.30-11.00 දක්වා මෛත්‍රී භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි. 11.00 12.00 දවල් සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි 12.30 -1.30 ගිහිදේශනය ආචාර්ය පී‍්‍රති කුලතුංග ප.ව. 1.30 –2.00 සක්මන් භාවනාව දම්පහළ ඤාණරතන නා හිමි, 2.00-3.00 ජාතක කථාව ශාස්ත්‍රපති නිමල් අමරවංශ 3.00- 4.00 ධර්ම දේශනාව ගතාරේ සන්තින්ද්‍රිය හිමි, 4.00-5.00 මහපිරිත් දේශනාව සහ මහා සමය සූත්‍ර දේශනාව ධර්මායතනයේ ස්වාමින් වහන්සේලා, 6.00 ට අටවිසි ගිලන්පස බෝධි පූජාව රාත්‍රී 7.30 විශේෂ ධර්ම දේශනාව කථිකාචාර්ය දම්පහළ රාහුල හිමි . ‘බුදුසරණ පත්‍ර’ බෙදා දීම චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය විසිනි .

කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරය

අළුයම 5.30 ට කිරි ආහාර පූජාව සමඟින් බෞද්ධයා විකාශනය ආරම්භ වේ. පෙරවරු 5.30 -6.30 කිරි ආහාර පූජාව, 6.00- 7.15 සීල සමාදානය බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව - දරණාගම කුසලධම්ම නාහිමි, 8.00- 9.00 ධර්ම දේශනාව – තල්ගමුවේ සුධීරානන්ද හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව හඟුªරන්කෙත චන්දරතන හිමි, 11.00 -11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 1.00 -2.00 ධර්ම දේශනාව පාතේගම සුමනරතන හිමි 2.00 – 3.15 – ධම්සභා මණ්ඩපය – ගම්පහ ඤාණවීර හිමි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයා අමරසේකර මහතා, ආචාර්ය රාජා ධර්මපාල මහතා මෙහෙයවීම – රංග ලියනගේ, 3.30 – 4.30 භාවනාව - කහගොල්ලේ සෝමවංශ හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව – කඩිහින්ගල විනීත හිමි, 5.30 – 6.00 කෙටි අනුශාසනාව සත්බුදු වන්දනාව මහරගම පදුම හිමි

තලවතුගොඩ සංඝමිත්තාරාමය

පොහොය දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසු ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 8.00 9.00 දම් දෙසුම රාජකීය පණ්ඩිත කන්දෙගෙදර සුනීතරතන හිමි 9.00-11.00 දම් දෙසුම නුගේගොඩ මිතභාණී දසසිල් මෑණියන් 11.00 දවල් බුද්ධ පූජාව ප.ව.12.30 - 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00- 2.00 දම්දෙසුම ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි .2.15 -5.00 භාවනාව පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල්පවාරණය. සවස 6.00 ට අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පිළියන්දල සංඛපාලි ප්‍රධාන දසසිල් මෑණියන් විසිනි. මෙම පොහොය දිනයේහිදීද ධර්ම දානයක් ලෙස බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකු මැණිකේ ඉඩම්පිටිය මහත්මිය විසිනි.

බම්බලපිටිය සිරි වජිරාරාමය

පෙරවරු.– 06.00-7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත සිරිවජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමි, 8.00-9.00 ධර්මානුශාසනාව – රාජකීය පණ්ඩිත වතුරවිල සිරි සුජාත හිමි 09.00-10.00 ධර්ම සාකච්ඡාව , ත්‍රිපිටකාචාර්ය වේරදුවේ මහින්ද හිමි, 10.00-11.00 භාවනාව සහ අනුශාසනාව ගම්පහ පාසාදික හිමි 11.00-11.15 බුද්ධ පූජාව – කුරුණෑගල චරණ ධම්ම හිමි , පස්වරු – 12.30-01.15 සෙත් පිරිත් – කඹුරුගමුවේ මහානාග හිමි, 01.15-02.30 ගිහි දේශනාව - හඩ්සන් ඩි සිල්වා මහතා 03.00-04.00 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි , 04.00-05.00 ධම්මපදයෙන් පිටිපන සාසනරතන හිමි, 05.00-06.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි 06.00-06.30 අටවිසි බුද්ධ වන්දනාව – සිරි වජිරාරාම ස්වාමින් වහන්සේලා

මාකන්දන සංකල්ප විහාරය

පිළියන්දල, මාකන්දන “සංකල්ප” විහාරස්ථානයේදී පෝදා දවස පුරා පින්කම් මාලාවක් විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. පෙරවරු 05.00 කිරි ආහාර බුද්ධ පූජාව, 06.00 සිල් වැඩසටහන, 8.00 ධර්ම දේශනය මිරිස්වත්තේ ඉන්ද සිරි හිමි, 09.00 අභිනව දාන ශාලාව විවෘත කිරීම, 10.00 ධර්ම දේශනය බැදිරුක්කේ සුදිත හිමි, පස්වරු 2.00 ධර්ම දේශනය දැල්තර ඤාණානන්ද හිමි, 3.00 භාවනාව, රාත්‍රී 7 ට අටවිසි ගිලන්පස බුද්ධ පූජාව සහිත බෝධි පූජාව, මෙහෙයවීම උග්ගොඩ ධම්මින්ද හිමි, ඔක්. 09 අභිනවදාන ශාලාවේ සර්වරාත්‍රික පිරිත් දේශනය සංකල්ප දායක සභාව ඇතුළු සංකල්ප විහාරයට අනුබද්ධ සංවිධානය පින්කම සංවිධානය කරති.

ගල්කිස්ස බෞද්ධායතනය

ගල්කිස්ස වටරප්පල පාරේ බෞද්ධායතනයෙහි කඨින මහා පින්කම වස් ආරාධනය සිදුකළ කරුණා හෙට්ටිආරච්ච හතරසිංහ මහත්මිය ප්‍රධාන පවුලේ අයගේ අනුග්‍රහයෙන් මේ මස 11 වැනිදා සිදුකැරේ. එදින අලුයම 5.00 කඨින චීවර පෙරහර ගල්කිස්ස ගාලුපාර උපවංස මහගෙදරවත්ත මහතාගේ නිවසේ සිට පැමිණ පෙරවරු 6.30ට කඨින පූජාව සිදුවේ. අනතුරුව පිරිනමන සඟසතු දානයකි. ගිලන්පස පූජාව ඔලබොඩුවේ මුදිත හිමියන් විසින් පවත්වති. සවස 6.00 සිට 7.00 දක්වා දිවියාගහ යසස්සි නාහිමියන් විසින් කඨිනානිසංස ධර්ම දේශනව පවත්වයි.

කළුතර බෝධිය

පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව – පනාපිටියේ විජිතනන්ද හිමි, 7.30 -9.45 ධර්ම දේශනව - පරගස්තොට සුධම්ම හිමි, 10.00-11.30 ධර්ම දේශනය – හිදුරංගල සෝරත හිමි, පස්වරු 1.00 3.00 ධර්ම සාකච්ඡාව - ශේන් බ්ලොක් මහතා , 3.15 – 6.30 ධර්ම දේශනාව- තපෝවනයේ සුමේධ හිමි, 6.35 – 7.00 පානදුරේ අරියධමම් හිමියන්ගේ බෝධි පූජාව (ප ටිගත කළ එකකි) 7.15 – 8.50 කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදි පහන් පූජාව, 9.00 සිට රූපවාහිනි තුළින් බෞද්ධ විහරස්ථාන නැරඹිම.

මාතර තරුණ බෞද්ධ සමිතිය

611 වැනි පෝය පිංකම මාතර තරුණ බෞද්ධ සමිති ශාලාවේ දී පෝදා පැවැත්වේ. මෙම වැඩසටහන දෙහිගස්පේ සිරි විමල, එප්පාවල තිලෝකනාථ, හක්මණ මධුර ධම්ම, ගම්මැදගම චන්ද්‍රජෝති, හඳුගල සමිඳු කඹුරුපිටියේ විමල, පාලටුවේ පේමසිරි, කුඩාඔය ප්‍රාසාදික, ජුලම්පිටියේ සෝමින්ද, ජුලම්පිටියේ සුසිත යන හිමිවරු පින්කම මෙහෙයවති. ධර්මාචාර්ය නීතිඥ නිලන්ත හෙට්ටිගේ ශූරීන්, දේශමාන්‍ය කාවින්ද සිරිවර්ධන වැඩසටහන සංවිධානයේ දී සහාය වෙති.

බියගම පුණ්‍යවර්ධනාරාමය

වප් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, භාවනා ආදී වැඩසටහන් රැසක් දවස පුරා බියගම පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ දී දහම් පාසල් දරු දැරියන් සහ ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වේ.

කොබවක ධම්මසීවලී හිමියන්ගේ දම් දෙසුමක්

බේරුවල,මග්ගොල, ශ්‍රී නිග්‍රෝධාරාම විහාරවාසි කොබවක ධම්මසීවලී හිමියන්ගේ ධර්ම දේශනාවක් මේ මස 08 වැනි දින උදේ 9.00 ට දෙල්මෑල්ලේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.

 

 

 වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 07 වැනිදා අඟහරුවාදා අපරභාග 07.17 ට ලබයි. 08 වැනිදා බදාදා අපරභාග 04.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 08 වැනිදා බදාදාය.

 මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]