UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර

ඓතිහාසික සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර

හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වලස්මුල්ල ඓතිහාසික සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ 47 වැනි වරටත් පවත්වන ඇසළ මහා පූජෝත්සවය හා සංස්කෘතික මංගල්‍යය ඔක්තෝබර් 04 දින සිට 10 වැනි දින දක්වා ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.

මෙතෙක් කාලයක් සැදැහැවතුන්ගේ හා පෞද්ගලික අංශයේ දායකත්වයෙන් පවත්වාගෙන ගිය මෙම පූජෝත්සවය හා පෙරහර සඳහා 2007 වර්ෂයේ දී ඓතිහාසික සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ අභිනව බස්නායක නිළමේ ලෙස අභිෂේක ලද ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් හා ජාතික සවිය අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ශ්‍රී රෝහණ කීර්ති ජනහිතකාමි ශාසනබන්දු කිත්සිරි ගංගානාත් අබේගුණවර්ධන මහතා විසින් මෙම පෙරහර සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් හා අනුශාසනා පරිදි පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට මැදිහත් වී මෙම පුණ්‍ය කටයුත්ත සඳහා නව ජීවයක් ලබාදෙන ලදී.

අභිනව ප්‍රධාන බස්නායක නිළමේතුමා විසින් මෙම විහාරස්ථානය හා පෙරහර මංගල්‍යය ජාත්‍යන්තර තලය දක්වා රැගෙන ගිය අතර, ජනාධිපතිතුමාගේ හා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානයට යොමුකර විහාරස්ථානය අවට මාර්ග පද්ධතිය ලක්ෂ 450 ක් වැය කර ඉදිකරන ලදී. තවද ඉහළ විහාරය දක්වා විදුලි ආලෝකය ලබාදුන් අතර වොට් ධාරිතාවය වැඩිකර ට්‍රාන්ස්ෆෝමරයක් අලුතින් ඉදිකිරීම සහ විහාර ස්ථානයට තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ද ලබාදෙන ලදී. සතර මහා දේවාල සඳහා නිළමේවරයෙකු බැගින් පත්කර පේලි පෙරහර සඳහා නව පණක් ලබා දුන් නව නිළමේතුමා මෙම විහාරස්ථානයේ ඓතිහාසික තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් ද ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකාවාසි බෞද්ධ ජනතාවට මෙතෙක් කලක් අප්‍රකටව පැවැති ඓතිහාසික සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානය වන්දනා ගමන් ආඥා පනත යටතේ ලියාපදිංචි පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ඓතිහාසික ස්මාරකයක් ලෙස නම් කිරීමට කටයුතු කරන ලද්දේ ද ප්‍රධාන බස්නායක නිළමේ කිත්සිරි ගංගානාත් අබේගුණවර්ධන මහතා විසිනි. මෙම රන්දෝලි පෙරහර 2014 ඔක්තෝබර් 08 වන දින රාත්‍රී 9.00 සිට වීථි සංචාරය කරනු ඇත.

ජනාධිපතිතුමාගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම ඇසළ මහා පූජෝත්සවයේ රන්දෝලි මහ පෙරහර 2014 ඔක්තෝබර් 08 වන දින රාත්‍රී 9.00 ට වීදි සංචාරය කෙරේ. ජනාධිපතිතුමා, කථානායක චමල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු සම්භාවනීය අමුත්තන් ලෙස එම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

මෙම පෙරහර ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ, ශ්‍රී රෝහණ පාර්ශවයේ අනුනායක සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ හම්බන්තර දිසාවේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී අගලබඩ පියසිරි නා හිමියන්ගේ හා කෘත්‍යාධිකාරි කිරම ගුණරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රධාන බස්නායක නිළමේ, ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්, කිත්සිරි ගංගානාත් අබේගුණවර්ධන මහතා ඇතුළු දායක සභාව ප්‍රමුඛ ප්‍රදේශවාසීන් මෙහි සංවිධාන කටයුතු සඳහා දායක වී ඇත.

ඔක්තෝබර් 4 වන දා සර්ව රාත්‍රික පිරිත් දේශනයද, 05 වන දා දවල් ශතාධික සංඝගත දක්ෂිණා රාත්‍රී 8.00 ශ්‍රී විෂ්ණු දේවාල පෙරහරද, 6 වන දා රාත්‍රී 8.00 ට ශ්‍රී කතරගම දේවාල පෙරහරද, 7 වන දා රාත්‍රී 8.00 ට රජ්ජුරුබණ්ඩාර දේවාල පෙරහර ද, 08 වන දා රාත්‍රී 9.00 ට උඩරට, පහතරට, සබරගමු නර්තන හා අලි ඇතුන්ගෙන් සමන්විත රන්දෝලි මහා පෙරහරද 09 වන දා රාත්‍රී 7.00 ට කෝල්මුර යාගය හා ගිනි පෑගීම ද අලුයම සුබ මොහොතින් දිය කැපීම හා මහා දේව දානයද පැවැත්වේ.

 

 

 

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් මස 01 වැනි දා බදාදා අපරභාග 01.47 ට ලබයි. 02 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 01 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
ඔක්තෝබර් 08 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]