UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇස යා යුතු තැන් ශ්‍රී ජයතිලකාරාමය

ඇස යා යුතු තැන්

ශ්‍රී ජයතිලකාරාමය අරන්තලාව, නුවරගලතැන්න

අම්පාර, මංගලගම අරන්තලාව නුවරගලතැන්න ග්‍රාමයේ ශ්‍රී ජයතිලකාරාමය පිහිටා ඇත. වසර ගණනාවක් පැවැති කුරිරු යුද්ධයෙන් පීඩාවට පත් වූ විහාරස්ථානයක් වන හෙයින් නැඟෙනහිර බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම උදෙසා අභීතව කටයුතු කරනු ලැබූ විහාරස්ථානයකි. සියලු බාධක කම්කටළු උවදුරු මැද මෙරට බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම විහාරස්ථානයේ යුතුකම විය.

බෞද්ධ ජනයාගේ බුද්ධාලම්භන පී‍්‍රතිය ඇතිකිරීම පිණිස විහාරස්ථානයට අඩුවක්ව පවතින විහාර මන්දිරය ඉදිකිරීමට පටන්ගෙන දැනට වසර 2 1/2 පමණ වන අතර මේ වන විටත් එය නිම කරගැනීමට නොහැකි වු බව කියයි. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා 7නමක් නේවාසිකව වැඩවාසය කරන අතර උන් වහන්සේලා අඩු පහසුකම් මැද්දේ වැඩ වාසය කරන බවද 1987 වසරේ භික්ෂූන් වහන්සේලා 31 නමක් ඝාතනය කළේද එම දායක ගමේ බවත්, අසරණ වැසියන් 27 එක්වරම ඝාතනය කළේ දායක ගම්මානයේ බව ද කියයි.

කුරිරු ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට අසුවී තිබූ මෙම ගම්බිම් තුළ විශාල වශයෙන් මිනිස් ජීවිත වගේම ගේ දොර, ඉඩ කඩම් හා දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු අහිමි විය. ගම්බිම් අතහැර ගිය පිරිස එමටය. 30 වසරක යුද්ධය නිසා විහාරස්ථානය වගේම මාපිය දරුවන්, ගේ දොර හරකාබාන විනාශ වූ බවද කියයි.

විහාරස්ථානයේ වැඩ වාසය කරන බෝධින් වහන්සේ අනුරාධපුර ජය ශී‍්‍ර මහබෝධින් වහන්සේගේ අංකුරයක් වන අතර දැනට වසර 17 උඩ දී රෝපණය කර වත් පිළිවෙත් කරන බැවින් තවමත් බෝධි ප්‍රාකාරය ඉදිකර ගැනීමට නොහැකිවිය. පෝයට සිල් සමාදන් වන පිරිස 300 අධිකය. දහම් පාසල් ළමුන් 145 දහම් දැනුම ලබති.

මේ සියලු දේවල් අඩු පහසුකම් මැද්දේ සිදුවෙන බැවින් අඩුවක්ව පවතින තරමක් ඉදිකර ඇති විහාර මන්දිරයේ ඉතිරි වැඩ ගැන සොයා බලා හැකි ආධාරයක් ලබාදෙන ලෙස මොරටුවේ විමලානන්ද ස්වාමින් වහන්සේලා ඇතුළු දායක සභාව මගින් ඉල්ලීමක් කෙරේ.අරන්තලාව මංගලගම නුවරගලතැන්න ශ්‍රී ජයතිලකාරාමයේ මොරටුවේ විමලානන්ද හිමියන්ගේ දුරකතනය - 0711033967 වන අතර ගොනාගොල්ල ලංකා බැංකු ශාඛාවේ 9120365 ගිණුමට ආධාර කළ හැකි බවද කියයි.

 

 බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් මස 15 වැනිදා සඳුදා අපරභාග 07.12 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා අපරභාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වැනිදා අඟහරුවාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 23 වැනිදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]