UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආදරණීය දුවේ පුතේ - වරදකරු අසරණයි

ආදරණීය දුවේ පුතේ - වරදකරු අසරණයි

මාතර සිට කොළඹ බලා එමින් තිබුණු ඉන්ටසිටි බසයකට වැලිගම දී වැදගත් පෙනුමක් ඇති මහත්තයෙක් ගොඩවුණා. ටික වේලාවකින් ඔහු වෙරි මතින් අසභ්‍ය වචන කියන්න පටන් ගත්තා. කොන්දොස්තර මහතා සැර වුණාම නිහඬ වුණා. ඒත් ළඟ හිටපු කාන්තාවගේ ඇඟට හේත්තු වෙලා, ඇය කෑගහන්න පටන් ගත්තා. කොන්දොස්තර මහතා ඔහුට හොඳටම බැන්නා. ඉන් පස්සේ ඔහු බසයට ම ඇහෙන්න අසභ්‍ය කැත වචන කියන්න පටන් ගත්තා. රියදුරු මහතා කොන්දොස්තර තැනට සඤ්ඤාවක් කළා. ළං වුණාම රහසින් මොනවදෝ කිව්ව. එවිට රෑ දහයට විතර ඇති. කොන්දොස්තර දොර ළඟ ආසනයේ ඔහු වාඩිකර ගත්තා. පාළු හරියක බසයේ වේගය අඩු වුණා. කොන්දොස්තර මහතා දොර ඇර කලබල කළ මහතා ඇදලා අරගෙන එළියට තල්ලු කර දැම්මා. බසය ඇද්දුවා. කිසිවෙක් මොකුත් කිව්වේ නැහැ.

ආදරණීය දුවේ පුතේ, මත්පැන් බීලා සිහිසුන් වෙලා ඉන්න විට මිනිසුන් තමන් කරන්නේ මොනවද කියා තමාවත් දන්නේ නැහැ. හැසිරෙන්නේ සමාජයට නො ගැලපෙන විදියට.ඒ නිසා ගැටුම් ඇතිවෙනව. එතකොට අසරණවෙනවා. සිහිසුන් වුණාම හිතට හයිය තිබුණත් කයට හයියක් නැහැ. ඒ නිසා පහසුවෙන් කරදරයට වැටෙනවා.

මත්පැන් බීල සැබ් ලෙස හැසිරෙන විට හැම දෙනාම සලකන්නේ පහත් විදියටය.කොතරම් ඉහළ තනතුරක් දැරුවත් ඒ වගෙ තත්ත්වයකට පත්වුණාම කවුරුවත් සලකන්නේ නැහැ. ගණන් ගන්නේ නැහැ.අර මහත්තයා වැදගත් උසස් තනතුරක සිටි කෙනෙක් වෙන්න ඇති. එහෙත් අසභ්‍ය වචන කියමින් නොගැලපෙන ලෙස හැසිරෙන කොට හැම දෙනාම පිළිකුල් කරනවා. විරුද්ධ ආකල්පයක් ඇති වෙනවා. ඒ නිසා තමයි බසයේ රියදුරත්,කොන්දොස්තරත් කතා කර ගෙන මහ රෑ පාලු තැනක බසයෙන් ඔහු තල්ලු කරලා දැම්මේ, කිසිවෙක් විරුද්ධ වුණේ නැහැ. වැරැදිකරන්නාට රැකවරණයක් නැත කියන්නේ ඒ නිසයි. හොඳින් හැසිරෙන්නාට රැකවරණය ලැබේ යැයි “ධම්මො හවේ රක්ඛති ධම්මචාරි” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ.

මත්පැන් බීම නිසා සමාජ තත්ත්වය නැතිවෙනවා වගේම සෞඛ්‍ය හා ආර්ථිකයත් විනාශ වෙනවා. බීමට ඇබ්බැහි වුණ බේබද්දා ගැන කැලණිය විශ්වවිද්‍යාලයේ පැරණි හිමිනමක් මෙහෙම සටහන් කරලා තිබුණා. බේබද්දා – කර සද්දා හිත රිද්දා – වල්වැද්දා යනුවෙන්. එහි ආදීනව මෙහෙම සඳහන් කරන්න පුළුවන්. ඉක්මනින් ලෙඩවීම,අනාරක්ෂිත වීම, සෞඛ්‍ය පිරිහීම, ධනය විනාශ වීම, නින්දා ලැබීම, විවාහයට නුසුදුසු වීම, විවාහය කඩාකප්පල් වීම හා බොහෝ වැරදි කිරීමට පෙළඹීම මත්පැන්වලට ඇබ්බැහි වන්නන්ට සිද්ධ වෙන නරක ප්‍රතිඵල වන්නේ.

දුවේ පුතේ ඒ නිසා කිසිමදාක කාගෙන් බලකිරීම ආවත්, ආශා වුණත් මත්පැන් බොන්න එපා. සාදවලට ගියාම ඒවා බොන්න කියා මිතුරන්ගෙන් බලකිරීම් එනවා. එහෙම බලපෑම් එන්නේ මිතුරන්ගෙන් නෙවි. සතුරන්ගෙන්.

සමහරුන් හිතනව මත්පැන් නොබී හිටියාම සමාජයේ ගණන් ගැනීමක් නැත කියලා. ඒක සම්පූර්ණ වැරදියි. බුද්ධිමත් වැදගත් අය හැම විටම හිතන්නේ නොබොන එක්කෙනා වැදගත් ආත්මගරුත්වයක් ඇති විශ්වාසය තැබිය හැකි කෙනෙක් කියලා.

අනෙක දිගින් දිගට මත්පැන් බොන කොට මොළයේ ශෛල විනාස වෙනවා. ස්මරණ ශක්තිය නැති වෙනවා. බුද්ධිය අඩු වෙනවා. සමහරුන් හිතන්නේ ඒවායින් මතකය ඇතිවෙනවා කියලා. ඒක සම්පූර්ණ වැරැදියි. යම් යම් දේ මතක් වුණත් පසුව අමතක වීම වැඩි වෙනවා. ස්නායු දුර්වල වීම නිසයි මතකය අඩු වෙන්නේ. ඒක නිසා බුද්ධිය පිරිහෙන්න ප්‍රධාන සාධකයක් තමයි මත්පැන් පානය.

 

 බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් මස 15 වැනිදා සඳුදා අපරභාග 07.12 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා අපරභාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වැනිදා අඟහරුවාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 23 වැනිදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]