UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

කොළඹ දිස්ත්‍රික්කයේ විහාරාධිපති නායක ස්වාමින්වහන්සේ නමකට “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත. අවු 26 ට වැඩි 60 ට අඩු නිරෝගි පරිත්‍යාගශීලියෙකුගේ සහය පතයි. වැඩි විස්තර 071-8106223 දුරකතනයෙන් විමසිය හැක.


ප්‍රධාන කශේරුකාව නිවැරදි කර ගැනීම සඳහා විශ්ව විද්‍යාලයේ –වව්නියා අධ්‍යාපන මණ්ඩපයේ 4 වන වසරේ ඉගෙනුම ලබන එස්. චරිත නිරන්ජන් සෙනෙවිරත්න උපාධි අපේක්ෂකයාට ප්‍රමුඛත්වයෙන් හා කඩිනමින් ඉන්දියාවේ ඇපලෝ මහ රෝහලේදී සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇත. අනුරාධපුර / මහදිවුල්වැව ඇටවීරගොල්ලෑව පදිංචි මෙම චරිත නිර්නජන් සෙනෙවිරත්න සිය සැත්කම පිළිබඳව සිය හිතවතුන් මිතුරන් දැනුම්වත් කොට, මුදලින් රුපියල් ලක්ෂ 10 ක් දැනටමත් සොයා ගෙන ඇත. ඉතිරි මුදල වන ලක්ෂ 13 ක මුදල පියවා ගැනීමේ අරමුණින් යුතුව මහජන ආධාර අපේක්ෂා කරයි.
මෙම සැත්කම් අරමුදලට ආධාර කිරීමට අදහස් කරන්නේ නම් එම පරිත්‍යාග එස්. චරිත නිරන්ජන් සෙනෙවිරත්න නමින් මැදවච්චිය ලංකා බැංකුවේ ගිණුම් අංක 3974950 වෙත තැන්පත් කරන්න. බැංකු ලදුපතේ ඔබේ නම සහ ලිපිනය ලියා, එහි ඡායා පිටපතක් එස්. චරිත නිරන්ජන් සෙනෙවිරත්න ,ඇටවීරගොල්ල, මහදිවුල්වැව යන ලිපිනයට යොමු කරවන මෙන් ඔහු ඉල්ලා සිටී.


ගල්වල හංදිය මතුගම පාර නාගොඩ දොඩංගොඩ ලිපිනයේ පදිංචි පී.එච්. ආරියතිලක මහතා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන අතර වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය විශේෂඥ රුචික ද ලැනරෝල් මහතා නිර්දේශ කර ඇත. ඔහුට O පොසිටිව් හෝ O නෙගටිව් වර්ගයේ වකුගඩුවක් ලබාදිය හැකිනම් ඒ බව 0771370146 හෝ 0776698985 අංකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි. ඖෂධ සඳහා විශාල මුදලක් වැයවන බැවින් ඒ සඳහා ආධාර එල්.එම්.පී. සුරනි පීරිස් නමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කලුතර ශාඛාවේ ඇති 100120680630 ගිණුමට බැර කළ හැක.



අකුරුගොඩ කැලේවත්ත, උස්ගොඩ ලිපිනයේ පදිංචි (24) දිනේෂ් චතුරංග හදිසි අනතුරකට මුහුණපෑමෙන් සුසුම්නාවට හානි සිදුව ඇත. ඔහුගේ තුනටියෙන් පහළ කොටස අප්‍රාණිකව ඇත. ඔහු සුවපත් කිරීමට නම් ශල්‍ය කර්මයකට භාජනය කළ යුතු බව කරාපිටිය රෝහලේ සුසුම්නා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපාල් අත්තනායක මහතා නිර්දේශ කර ඇත. ඒ සඳහා විශාල මුදලක් වැයවන හෙයින් කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව ඔහුව සුවපත් කර ගැනීමට මුදල් ආධාර ලබාදිය හැකි පරිත්‍යාගශීලින් වෙතොත් තෙලිජ්ජවිල මහජන බැංකුවේ 0036164 අංක දරන ගිණුමට ඔබගේ පරිත්‍යාග මුදල් බැරකරන මෙන් ඔහු ඉල්ලීමක් කරයි. වැඩි විස්තර 071-7680250 දුරකතනයෙන් විමසිය හැක.


යබරලුව උතුර, මල්වාන අංක 186/ජ්/2 ලිපිනයෙහි පදිංචි (62) කේ.ටී.ජයන්ත ද සිල්වා යන අය දරුණු අක්මා රෝගයකින් පීඩා විඳින අතර, එය සුවකර ගැනීම සඳහා දීර්ඝ කාලීන ප්‍රතිකාර කළුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍ය රංජිත් පීරිස් මහතා විසින් නියම කර ඇත. ඔහුගේ වත්කම් එම රෝගය සුව කර ගැනීම සඳහා වියදම් වී ඇති බව කියයි. මෙම රෝගය සුවකර ගැනීම සඳහා සහයෝගය දක්වන මෙන් ඉල්ලීමක් කරයි. වැඩි විස්තර දුරකථන අංක 0724322545 දැන ගත හැක. මාලබේ’ සෙලාන් බැංකු ශාඛාවේ ගිණුම් අංකය 0670-02556022-102 මුදල් බැර කළ හැක.


රත්නපුර, මාරපන, තලංගම, වඩුමඩුව අංක 08/ඒ, හි පදිංචි එම්.එම්. පි‍්‍රයන්ත මල්වත්ත 37 හැවිරිදි තරුණයා උපතින්ම පෝලියෝ රෝගයෙන් පෙළේ. ඔහුගේ මූලික අවශ්‍යතාවයන් කර ගැනීමට පවා අපහසු බව දන්වයි. ඔහුට ස්වයංරැකියාවක් කර ගැනීමට ආබාධිතයන් සඳහා වෙන්ව ඇති රෝද පුටුවක් (රථයක්) ලබා දෙන ලෙස ඉල්ලීමක් කරයි. වැඩි විස්තර 071 7890460 දැනගත හැකිය.


අංක 787, විහාර මාවත, තේවත්ත, රාගම, ලිපිනයෙහි පදිංචි, එන්.යූ. බෝයගොඩ මහතාට බී පොසිටිව් (ඕ+) වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට මාලිගාවත්ත ජාතික වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුර ගීගනගේ මහතා නිර්දේශ කර ඇත. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියෙක් වෙතොත් පහත දුරකථන අංකයට දැනුම් දෙන ලෙස දු.ක. 077 9266841, 0711 629708 ඉල්ලීමක් කරයි.


බොරැල්ල, ගෝතමීපාර, අංක 72 හි පදිංචි තිසාරා මධුෂානි (22) යන අය වකුගඩු රෝගයකින් පෙළේ. දැනට උසස් අධ්‍යාපනය හදාරන ඇයට “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවට වෛද්‍ය අනුර හේවාගීගන මහතා දන්වා ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේ නම් 071 3504246 හෝ 072 4327292 දුරකථනයෙන් වැඩි විස්තර විමසිය හැක.


පයාගල, කුඩා පයාගල, ගාලුපාර, අංක 125/1 හි පදිංචි පි‍්‍රයන්ත ද අල්මේදා (52) පාසැල් යන දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහුට ඕ හෝ O රුධිර වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවට වකුගඩු රෝග පිළිබඳ රෝහලේ විශේෂඥ වෛද්‍ය, එස්.එම්. සෙනෙවිරත්න මහත්මිය විසින් නිර්දේශ කර ඇත. එබැවින් O රුධිර වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු පහත දුරකතනයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.
අරුණ අල්මේදා – 0714934244/0771172088,
නිශාන්ත ද අල්මේදා – 0770880633
 

 

 බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 09 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 16 වැනිදා අඟහරුවාදා  ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]