UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර පුර පසළොස්වක 2014.09.08

පෙහොය දිනය

දාවන සෑම පුර පසළොස්වක පොහොය දිනයක් ම බෝසත් සිරිත හෝ අසිරිමත් බුදුසිරිතෙහි අනුස්මරණීය ඓතිහාසික දිනයක් හෝ ශාසනික හා ආගමික වශයෙන් වැදගත් දිනයකි. එය ලක්වැසි බෞද්ධ ජනතාවටත් එමෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවටත් අනුස්මරණීය ආගමික දිනයක් වේ.

බෞද්ධ ශාසන ඉතිහාසයෙහි උදාවන ඓතිහාසික වැදගත් දිනයකි බිනර පුර පසළොස්වක පොහොය දිනය. මෙහෙණ සස්නේ දොර එදා විවර වූයේ අද වැනි බිනර පුර පසළොස්වක පොහොය දිනයකය.

ඇසළ අව පෑළවිය දා උපසම්පදා භික්ෂූන් වහන්සේ පෙරවස් විසීමෙන් බිනර පුර පසළොස්වක පොහොය වනවිට දෙමසක් ගත වෙයි.

පොහොය දිනය බෞද්ධයාට වැදගත් වන්නේ ඇයිද? යන්න මොහොතක් කල්පනා කර බැලීම වටී.

එදිනෙදා ගේදොර බොහෝ කටයුතුවලින් ඉවත්ව පොහොය දිනය ආගමික දිනයක් ලෙසම ගත කළ යුතු වෙයි. ඊට සුදුසු අයුරෙන් ආගමික කටයුතු සිදුකිරීමට ඇති එකම ස්ථානය විහාරස්ථානයයි.

විහාරස්ථානය ඇසුරෙන් යහගුණ හුරුපුරුදු කිරීම සිදු වේ. වෙසෙසින්ම තෙරුවනෙහි අනන්ත ගුණ මෙනෙහි කරන අතර ජීවිතය තුළින් ඉටුකළ යුතු යුතුකම් ගැනද බොහෝවිට පහදා දෙනු ලබන්නේද විහාරස්ථානය කේන්ද්‍ර කරගෙනය.

දරුවන් ඇති දැඩි කරන මව්පියවරුන්ට දරුවන්ගේ වටිනාකම පිළිබඳවත්, දරුවන්ට මව්පියවරු තුළ ඇති වටිනාකමත් පැහැදිලි කර දීමට විහාරස්ථානය ඉටු කරනුයේ මහත් මෙහෙවරකි.

හොඳ නරක ලොව තුළ සැමදා එක ලෙස පවතී. එහෙත් ඒ නරක තේරුම් ගෙන හොඳ හෙවත් යහගුණ වර්ධනය කළ හැක්කේ තම තමාටම පමණි.

ජලය පිරවූ කළයකින් පිපාසයට ජලය ලබාගෙන පානය කළ හැකි ය. එහෙත් පානය කළ තරමට කළයෙහි ජලය අවසන්වන විට ජලය, කළය තුළට ඒකරාශී කළ යුතු වේ.

එමෙන්ම අපි පෙර කළ පින් බෙලෙන් මිනිසත් භවයක් ලබා ගැනීමට වාසනාවත්ත වී සිටිමු. ඒ ලබාගත් මිනිස් දිවිය අතිශයින්ම වාසනාවන්ත කර ගැනීමට ඉඩ ලද හැමවිට පින්දහම්වල නිරත විය යුතුය. එසේ නොවුවහොත් කළයෙහි ජලය අවසන්වීමෙන් පානය කිරීමට ජලය නැතිවන්නා සේ පිනෙහි විපාකය ගෙවා අවසන්වීමෙන් දුගතිගාමී වීමට ඉඩකඩ පවතී.

පවට බියෙන් පිනට ලැදිව කටයුතු කිරීමෙන් භවගාමී ජීවිතය පුරා දුගතිගාමී නොවන්නට උත්සාහ කිරීම මනුෂ්‍ය ජීවිතයක මූලික පරමාර්ථය කරගත යුතු වේ.

ගිහියෙක් වුවද, පැවිද්දෙක් වුවද, දෙවියෙක් වුවද පින සසර පුරා අත්‍යවශ්‍යය. යහපත ඉටු නොකළහොත් පින නොලැබේ. යහපත දැන දැනම යහපතෙන් ඉවත්වන්නේ නම් එහි අනිටු විපාකය විඳීමට සිදුවන්නේ තමාටමය. ජීවිතය සුමගට, යහමගට හැකිතාක් යොමු කර ගැනීමට විහාරස්ථානයත්, භික්ෂූන් වහන්සේත් ඇසුරු කිරීම අත්‍යවශ්‍යය.

පුර පසළොස්වක පොහොය දිනයටවත් තමන්ගේ විහාරස්ථානය වෙත නොයෑම අගය කළ හැකි නොවේ. එබැවින් පොහොය දින අපගේ ආගමික දිනය වන හෙයින් විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරතවීමෙන් මෙලොව පරලොව දෙලොවම සැනසීම උදාකර ගැනීමට හැකිවන බව නිරන්තරයෙන් කල්පනාවට ගත යුතු ය.

 

 බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 09 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 16 වැනිදා අඟහරුවාදා  ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]