UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කලුතර බෝධිය

පෝදා පෙරවරු 6.15-7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම වැලිකල පඤ්ඤාතර හිමි, 8.30-9.45 ධර්ම දේශනය ගම්පහ සිරි සීවලී හිමි, 10.00-11.30 ධර්ම දේශනය, බටුවන්ගල රාහුල හිමි. පස්වරු 1.00-3.00 ධර්ම සාකච්ඡාව පිටිගල ධම්ම විනීත හිමි 3.30-4.30 ධර්ම දේශනය මිරිස්සේ ධම්මික හිමි 4.45-6.00 ධර්ම දේශනය කළුතර සුබෝධි හිමි


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන අටසිල් සමාදන් කරවීම, මල් පහන් ගිලන්පස කිරිආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ බෞද්ධ කොඩි 300 කිරිවෙහෙර චෛත්‍යයේ වටා පැළදවීමේ කංචුක පූජාව පැවැත්වේ.

උදේ ධර්ම දේශනාව නාපාගම ශ්‍රී සුදර්ශනාරාම විහාරවාසී හලාවත අනෝමදස්සි හිමියන් විසින් කිරිවෙහෙර ධර්ම ශාලවේදී හා භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේදී පැවැත්වේ. සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජාකර බෝධි පූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් සිදුකරයි. රාත්‍රී 7 ට කිරිවෙහෙර අටවිසි බෝ මලුවේදී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධිපූජාවද කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාව ද පැවැත්වේ. කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මෙම පින්කම් කටයුතු සංවිධානය කොට ඇත. ඊ.එච්. සෝමපාල - කතරගම විශේෂ


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයෙහි පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසු ක්ෂිරපායාස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූ මහා ශ්‍රාවිකා පූජාවක්ද පෙ.ව. 8.00 9.00 දම් දෙසුම ශාස්ත්‍රපති තුම්බෝවිල ධම්මරතන හිමි .9.30 –10.30 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි, 11.00 දහවල් බුද්ධ පූජාව ප.ව. 12.30 ප.ව.1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 -2.00 ධර්ම දේශනාව ආටිගල සුජාතා දසසිල් මෑණියන් 2.15-5.00 භාවනාව පිළියන්දල සංඛපාලි ප්‍රධාන දසසිල් මෑණියන් තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල්පවාරණය සිදුකෙරේ.

සවස 6.00 ට මල්පහන් ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූ මහා ශ්‍රාවිකා පූජාවක් පිළියන්දල සංඛපාලි ප්‍රධාන දසසිල් මෑණියන් විසින්.

මෙම පුර පසළොස්වක පොහොය දිනයේදී ද සිල්වත් පිරිස අතර ධර්මදානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙන්නේ ලොකු මෑණියන් ඉඩම්පිටිය මහත්මියගේ දායකත්වයෙනි.


හොරේතුඩුව ගංගාරාමය

පෙ.ව. 06.00 සිල් සමාදන් කරවීම සහ තෙරුවන් නැමදීම , සහ බුද්ධ පූජාව , විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමි 08.00 සිල් ආවර්ජනා කිරීම 09.00 අරලියගහමැදුරේ සිට විකාශනය වන රූපවාහිනි ධර්ම දේශනාව, 10.00 භාවනාව මයිහංගණයේ විශාකා දම්ම ශිලා දසසිල් මාතාව ,11.00 දහවල් සම්බුද්ධ පුජාව, ප.ව. 01.00 සාමුහික පිරිත් දේශනාව (ධම්ම චක්ක) සූත්‍රය ඇතුළුව 02.00 ධර්ම සාකච්ඡාව නිහාල් පෙරේරා මහතා සහ කෝලිත හෙට්ටි ගේ මහතා 04.00 ධර්ම දේශනාව කළුබෝවිල පදුම හිමි , 05.00 භාවනා පන්තිය කෝලිත හෙට්ටි ගේ මහතා 06.00 බෝධි පූජාව විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමි.


අනුරාධපුර මහාවිහාරය

ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී පෝදා පින්කම්(බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේදී පැවැත්වේ. ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නා හිමියන්ගේ අනුශාසනා පරිදි, බෝමළුව විහාර වාසී කණුබිච්චියේ රතනජෝති හිමියෝ පොහොය වැඩසටහන සම්බන්ධීකරණය කරති. පෙරවරු 6.00 පෙහෙවස් සමාදන් වීම, 06.30 උදෑසන බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම 9.15 ගිහි දේශනය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා 10.30 දවල් බුද්ධ පූජාව. දවල් 12.00 ජාතක කතාව පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 1.00 ධර්ම දේශනාව පණ්ඩිත වැල්ලගිරියේ සිලසුමන හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, දම්සභා මණ්ඩපය, පණ්ඩිත ඉහළ හල්මිල්ලෑවේ රතනපාල නාහිමි, ආචාර්ය කේ.එම්.අයි. ස්වර්ණසිංහ මහතා ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා ශාස්ත්‍රපති රත්න ශ්‍රී බණෟඩාර මහතා 4.15 භාවනාව පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 5.15 බෝධි පූජාව කිරින්දේ, ඥානදර්ශන හිමි, 5.55 සිල් පවාරණය.


අනුරාධපුර ජය සිරි මහ බෝධිය

අනුරාධපුර මහාවිහාර බිනර පුන් පොහොය වැඩසටහන සැප්තැම්බර් 08 වන දා පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර ශාලාවේ දී පැවැත්වේ. පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා දානමාන පහසුකම් අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. එම වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ. සැප්තැම්බර් 09 වැනිදා, (පුන් පොහොය දිනට පසු දින) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර ශාලාවේ දී එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පුරා පැය දෙකක් පැවැත්වේ. පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

තරුණ සීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ගලිගමුවේ ඤාණදීප හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 -1.00 පිරිත් හා තෙරුවන් ගුණ, බංගලාදේශයේ සද්ධානන්ද හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දෙසුම මහාචාර්ය ඩබ්.එන්. විල්සන් මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව මොරාවත්තේ සුබෝධ හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදානය

පස්වරු 6.00 – 7.00 සිල් සමාදන් කරවිම සහ බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9.00 -10.00 ධර්ම දේශනාව උපදේශක, අධ්‍යාපනපති පුස්සැල්ලාවේ ධම්මරක්ඛිත නාහිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව කඩිගමුවේ සුමුදිත හිමි, මාගම සුජාත හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බංගලිදේශයේ සංඝරක්ඛිත බලංගොඩ බෝධිධම්ම හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.30 ධර්ම දේශනාව රණස්ගල්ලේ ඥාණවීර හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය ගල්කිස්සේ සෝමානන්ද හිමි, 5.00 – 6.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


බෙල්ලන්විල රාජමහා විහාරය

පෙරවරු06.00 සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව , 07.00 බුද්ධ පූජාව පැවැත්වීම, 07.30 ,8.30 ධර්මදේශනාව ශාස්ත්‍රපති වේපතඉර හේමාලෝක හිමි 10.00 ට භාවනා කලවේගම සද්ධාතිලක හිමි 11.00 ට බුද්ධ පූජාව පස්වරු 01.30 ධර්ම සාකච්ඡාව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, මහාචාර්ය ජී.ආරියපාල පෙරේරා මහතා, ශාස්ත්‍රපති ජී.වීරතුංග මහතා 04.30 ධර්ම දේශනාව බොරැල්ලේ අතුල හිමි, 05.00 සිල් පවාරණය කරවීම, රාත්‍රි 07.00 බුද්ධ පූජාව පැවැත්වීම රාත්‍රි 07.30 ධර්ම දේශනාව හොරවින්නේ රතනසිරි හිමි රාත්‍රි 08.30 ගිලන්පස පිරිනැමීම


කල්‍යාණී රාජමහා විහාරය

පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, උදෑසන බුද්ධපූජාව, 8.00 – 9.00 භාවනාව මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 09.00 – 10.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති නාවලපිටියේ සරණජෝති හිමි 10.00 – 11.00 ධම්මපදය ආචාර්ය, ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 – 11.30 දිවා බුද්ධපූජාව දෙමටපිටියේ මධුරවංස හිමි, පස්වරු 2.00 – 3.00 දේශනය විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, 3.00 – 4.00 ධර්මදේශනාව - පැපිලියානේ සුමිත්ත හිමි, 4.00 – 5.00 පිරිත් දේශනය මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා, 05.00 – 6.00 භාවනාව මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00 – 07.00 ගිලන්පස බුද්ධ පූජාව ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00 – 08.00 ධර්මදේශනාව යටිමාඳුරේ ධම්මානන්ද හිමි.


කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරයේ පින්කම්

අළුයම 5.30 ට කිරි ආහාර පුජාව සමඟින් බෞද්ධයා විකාශනය ආරම්භ වීම පෙරවරු 5.30 -6.00 :– කිරි ආහාර පුජාව, 06.00-7.15 සීල සමාදානය බුද්ධ වන්දනාවල භාවනාව හා අනුශාසනාව දරණාගම කුසලධම්ම නාහිමි 8.00 -9.00 ධර්ම දේශනාව තල්ගමුවේ සුධිරානන්ද හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව , කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි 11.00 -11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව, අනුරාධපුරයේ ධම්මසිරි හිමි , 12.30 – 2.00 ධර්මසභා මණ්ඩපය, සදුන්පුර නාලකංලංකාර හිමි කැළණි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පි‍්‍රයානි පරණගම මහත්මිය , මෙහෙයවීම – රංග ලියනගේ මහතා ප.ව. 2.00 – 3.00 භාවනාව කහගොල්ලේ සෝමවංශ හිමි 3.30-4.30 ධර්ම දේශනාව, ඇත්කඳුරේ සුමනසාර හිමි 4.30-5.30 ධර්ම දේශනාව තල්පාවිල කුසලඥාන හිමි, 5.30 – 6.00 කෙටි අනුශාසනාව සත්බුදු වන්දනාව සහ සිල්පවාරණය මහරගම පදුම හිමි


බම්බලපිටිය සිරි වජිරාරාමයේ පින්කම්

පෙරවරු 06.00 -07.15 සිල් සමාදන් කරවීම අනශාසනාව සහ බුද්ධ පූජාව, සිරිවජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමි, 08.00-09.00 ධර්මානුශාසනාව – මීගොඩ සුඛිත හිමි, 09.00 – 10.00 ධර්මානුශාසනාව – දම්පහල රාහුල හිමි , 10.00 -11.00 භාවනාව සහ අනුශාසනාව – ගම්පහ පාසාදික හිමි, 11.00-11.15 බුද්ධ පූජාව, කුරුණෑගල චරණ ධම්ම හිමි, 12.00 -12.30 අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමිපාණන්ගේ 11 වෙනි ගුණ සමරුව නිමිත්තෙන් පටිගතකල ධර්මදේශනාව, පස්වරු 12.30 -01.15 සෙත්පිරිත් – සිරි වජිරාරාමාධිකාරි කඹුරුගමුවේ මහානාග හිමි, 01.15-02.30 ධර්ම සාකච්ඡාව – තල්පාවිල කුසලධම්ම හිමි, 03.00 -04.00 ධර්මානුශාසනාව - රණස්ගල්ලේ ඥානවීර හිමි, 04.00-05.00 ගිහි දේශනාව ජයසේන එදිරිසිංහ මහතා, 05.00-06.00 ධර්මානුශාසනාව – මඩිහේ සුගතසිරි හිමි, 06.00 – 06.30 අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමිපාණන්ගේ 11 වෙනි ගුණ සමරුව නිමිත්තෙන් විශේෂ අටවිසි බුද්ධ වන්දනාව කොළඹ 7 නාරද බෞද්ධ මධ්‍යස්ථානාධිකාරි ත්‍රිපිටක ආචාර්ය වේරදුවේ මහින්ද හිමි.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

එදින පෙරවරු 6.00 – 6.30 ට උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිපති තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 දක්වා සම්බුද්ධ පූජාව මෙහෙයවීම , තලල්ලේ සිරිමහින්දනාහිමි, 8.00-9.00 ට භාවනාව කන්තලේ සුමිත්ත හිමි, 9.15-10.15 ට ධර්ම දේශනය, විහාරගල කුසලහිමි, 10.30 – 11.00 දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි. 12.15-12.45 දක්වා බුද්ධානුස්සති භාවනාව, විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය. පස්වරු 2.15 -3.15 ට ධර්ම දේශනය ගැට්ටුවානේ සුමේධ හිමි, 3.30 -4.30 ට දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි .4.30-5.30 ධර්ම දේශනය, ශාස්ත්‍රපති දෙනගම සුධම්ම හිමි, 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි. 6.45-7.45 දක්වා ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව 8.00 -9.00 ට රාත්‍රි ධර්ම දේශනය (පටිගත කරන ලද)


තෙලවල විජයරූපාරාමය

අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර අලුයම 6.30 -7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, කෙටි අනුශාසනාව සහ මෛත්‍රී භාවනාව ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නා හිමි. පෙ.ව. 8.30 -9.30 කාව්‍යමය ධර්ම දේශනාව හඟුරන්කෙත ඤාණින්ද පොඩි හාමුදුරුවන් වහන්සේ 9.30-10.30 බිනරපුර පොහොය පිළිබඳ දේශනය ආසිරි රාජපක්ෂ මහත්මා 10.30 -11.00 මෛත්‍රී භාවනාව, වඳුරඹ ඤාණාලෝක හිමි 11.00 –ප.ව.12.00 දවල් සම්බුද්ධ පූජාව දම්පහණ ඤාණසුධීර හිමි ප.ව. 12.30 -1.30 ගිහි දේශනය ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා 1.30-2.00 සක්මන් භාවනාව ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නා හිමි, 2.00 -3.00 ජාතක කථා දේශනාව ශාස්ත්‍රපති නිමල් අමරවංශ මහතා 3.00 -4.00 ධර්ම දේශනාව කථිකාචාර්ය දම්පහළ රාහුල හිමි , 4.00 -5.00 මහ පිරිත් දේශනාව සහිත මහා සමය සූත්‍ර දේශනාව ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා 5.00 ට සිල් පවාරණය සිදු කිරීම, ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නා හිමි, 6.30 ට අෂ්ටපාන සහිත සම්මා සම්බුද්ධ අටවිසි ගිලන්පස බෝධි පූජාව ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නා හිමි

පෙ.ව. 8.00 ට බුදුසරණ පත්‍ර 100ක් බෙදාදීම විජයරූපාරාම ධර්මායතනය මගින් .


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම මධ්‍යස්ථානය

පෙරවරු, 5.30 – 6.30 කිරිපිඬු පූජාව ශීල සමාදානය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 8.30 භාවනාව, 9.30 – 10.30 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.30 – 11.00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 – 1.00 පුණ්‍යානුමෝදනාව සහ ධම්ම චක්කපවත්තන සූත්‍ර දේශනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව ගම්පහ පාසාදික හිමි, 2.30 – 3.30 එප්පාවල සාගර සුමන හිමි, 3.30 – 4.30 ධර්ම සාකච්ඡාව මකුලෑවේ සුදස්සන හිමි, 4.30 – 5.00 කරණීය මෙත්ත සූත්‍ර දේශනාව සහ සිල් පවාරණය.


වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

පෙරවරු – 6.00 -7.00 ශීල සමාදානය අනුශාසනාව හා භාවනාව ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි, 8.00 -9.00 ධර්ම දේශනාව බිබිලේ ඥාණශාන්ත හිමි, 9.00-10.00 අරලියගහ මන්දිරයේ සිට විකාශනය වන ධර්ම දේශනාව, 10.00-11.00 –ආරාධිත දේශනාව, මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහතා, පස්වරු :–12.30-1.00 පිරිත් දේශනාව, 01.00-02.30 –භාවනාව ධර්මාචාර්ය ශාන්ත ජෝතිවංශ මහතා, 03.00 -04.00 – ධර්මදේශනාව, ශාස්ත්‍රපති සමන්එළියේ පියදස්සි හිමි, 04.00 -05.00 – ධර්ම දේශනාව දිවියාගහ යසස්සි නාහිමි, 05.00- 05.15 බුද්ධ පූජාව. හා සිල් පවාරණය ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි


ගොඩපිටිය රජමහා විහාරය

අකුරැස්ස මාරගොඩ ගම්වාසී දායක දායිකාවන් සැමදෙනා විසින් වාර්ෂිකව පවත්වන අෂ්ඨපාන පූජාව මහා පින්කම මෙවරත් බිනර පුරපසළොස්වක පොහෝදා සවස 6.00 ට ගොඩපිටිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන අතර, මෙහි ප්‍රධාන අනුශාසකත්වය දරන්නේ ගිරුවාපත්තුව ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අගලකඩ රතනපාල නාහිමියන් විසිනි.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 – 7.30 තෙරුවන් වන්දනාව, 8.15 – 9.30 ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 9.30 – 11.00 ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව පස්වරු, 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව අලුත්වෙල ධම්මසති හිමි, 1.00 – 2.00 ධර්මදේශනාව පල්ලේගෙදර සුසීම හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති මඩවල ධම්මික ජිනවංස නාහිමි, 4.00 – 2.00 ධර්මදේශනය පණ්ඩිත ගල්කිස්සේ සෝමානන්ද හිමි, 5.00 – 6.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මා හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව.


වත්තල ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානය

වත්තල, හුණුපිටිය,ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි විහාරාධිපති වලවෙල හේමානන්ද නාහිමිගේ අනුශාසනා පරිදි විහාරස්ථ බෞද්ධාරක්ෂක සභාවට අනුබද්ධ “වීතදෝෂී සමිතිය මගින් බිනර පෝදා පෙ.ව. 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන සඳහා අම්බලන්ගොඩ සුමනනන්ද දේවගොඩ පියරතන , බුත්කන්දේ රතනජෝති වේවැල්දූවේ ධම්මකිත්ති ඇල්පිටිවෙල නන්දවිමල යන හිමිවරුන්ද ගාල්ලේ සුධම්මචාරි දසසිල් මාතාවද වැඩම කරනු ලැබේ.


කොළඹ 15 – ධවලසිංහාරාමය

පෙරවරු 06.00 – 07.00 – ශීල සමාදානයේ අනුශාසනාව හා භාවනාව වස්කඩුවේ සිරිරතන හිමි, 07.00-08.00 ආහාර බුද්ධ පූජාව,08.00 – 09.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී සෝමපුර සුගතසිරි හිමි

09.00-10.00 ගුවන් විදුලි ධර්ම දේශනය 10.00-11.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති තුඹේ උපනන්ද හිමි, 12.30-01.00 සූත්‍ර දේශනාව – මාතලේ සාසනරතන හිමි 01.00-02.30 භාවනාව තලකිරියාවේ රාහුල හිමි, 03.00-04.00 ආරාධිත දේශනාව , ධෙර්මාචාර්ය, සුදන්ත ජයනාත් මයා , 04.30-05.30 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී වස්කඩුවේ සුසීම හිමි, 06.00 -සිල් පවාරණය ,06.45-07.30 ගිලන්පස බුද්ධ පූජාව වස්කඩුවේ සිරිරතන හිමි.


අලව්ව ශ්‍රී සුධර්මාරාම බෝධිඝර විහාරය

මෙම වර්ෂයේ වස්කාලය නිමිතිකොට අලව්ව මාබෝපිටිය ශ්‍රී සුධර්මාරාම බෝධිඝර විහාරස්ථානයේදී දිනපතා පවත්වන අටවිසි මහා සම්බුද්ධ පූජා පින්කම් මාලාවේ 58 වැනි පූජාව මේ මස 8 වැනිදා සවස 6.30 ට විහාරාධිපති තෙලිකඩ ධම්මිස්සර හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.

 

 බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 09 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 16 වැනිදා අඟහරුවාදා  ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]